ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
භාර්යාවන් 12ක්, දරුවන් 102ක් සහ මුණුබුරු මිණිබිරියන් 568ක්’ සිටින මිනිසෙක්
සිය විශාල පවුලට බිරින්දෑවරුන් 12 දෙනෙකු, දරුවන් 102 දෙනෙකු සහ මුණුබුරු මිණිබිරියන් 578 දෙනෙකු අයත් වන බව උගන්ඩාවේ ගැමියෙකු වන මූසා හසායා කසේරා පවසයි.
"පාසල් ගාස්තු හොයා ගන්න, හැමෝට ම ආහාර සපයන්න, ඇඳුම් සහ අසනීප වුණා ම බෙහෙත්වලට සල්ලි හොයා ගන්න මට ගොඩක් ගැටලු තිබුණා," සිය පවුල තවත් වර්ධනය වීම නතර කිරීමට භාර්යාවන්ට උපත් පාලනය කරන ලෙස යෝජනා කළ 68 හැවිරිදි මූසා පැවසීය.
උගන්ඩාවේ බහුභාර්යා සේවනය නීත්‍යනුකූල වන අතර එය ලෝකයේ වැඩි ම ළදරු උපත් අනුපාතයක් සහිත රටකි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයට අනුව එරට නවීන උපත් පාලන ක්‍රමවලට යොමු වී ඇත්තේ, කාන්තාවන්ගෙන් 50%ක් පමණි.
"එයා තව බිරිඳක් අරගෙන ආපු වෙලාවේ මට ගොඩක් දුක හිතුණා, තරහත් හිතුණා. පස්සේ කාලයත් එක්ක මම ඒකට හුරු වුණා," මූසාගේ තුන් වන භාර්යාව වන සබීනා හසායා පැවසීය.