බ්‍රසීල කොංග්‍රසයට එල්ල වූ ප්‍රහාරය සහ අමෙරිකාවේ කැපිටල් කොංග්‍රසයට එල්ල කළ ප්‍රහාරය සමානද ?
බ්‍රසීලයේ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුව එරට හිටපු ජනපති ජෙයර් බොල්සොනාරෝගේ ආධාරකරුවන්ට දඬුවම් කරන බවට ජනපති ලූලා ද සිල්වා සපථ කර තිබේ.
බලයෙන් ඉවත් වුණු උග්‍ර දක්ෂිණාංශික හිටපු ජනපතිගේ ආධාරකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය තුළට ද කඩා වැදුණු අතර ජනාධිපති මන්දිරය වට කළහ. කෙසේ වෙතත්, පැය කිහිපයක් පුරා පැවති ගැටුම්වලින් පසුව පොලිසිය බ්‍රසීලියා අගනුවර පිහිටි ගොඩනැගිලිවල බලය ඉරිදා පස්වරුව වන විට යළිත් අත්පත් කර ගත්තේය.
බ්‍රසීලියා සිවිල් පොලිසිය පැවසුවේ, පුද්ගලයින් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරයන්ට සම්බන්ධ අනෙක් පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවය. මේ අතර, ඇතැම් විශේෂඥයින් පවසන්නේ, බ්‍රසීලයේ විරෝධතා 2021 වසරේ ජනවාරි 6 වන දින අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයට සමාන බවය.



