ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විකෘති පාද සහිත සුනඛයෙකු අතිදක්ෂ රහස් පරීක්ෂකයෙකු වූ හැටි
වොන්කි විනී නමින් හැඳින්වෙන තෙහැවිරිදි අමෙරිකානු බුල්ඩෝග් වර්ගයේ සුනඛයාට හැකියාව තිබුණේ බඩගා යාමට පමණි. එහෙත් සැඟවුණු භාණ්ඩ සොයා ගන්නා ඉව පරීක්ෂා කරන තරගවලින් ජය ගැනීමට එම සුනඛයා සමත් විය.
වෙන්ඩි ලින්ජ්ට මුලින් අවශ්‍ය වූයේ එම බලු පැටවා හදාවඩා ගැනීමට පමණි. එහෙත් ඇය එම පැටවාගේ නීත්‍යනුකූල හිමිකරු වීමට තීරණය කළේ, ජලය මත එම පැටවා දැක්වූ පුදුමසහගත ප්‍රගතිය නිසාය.
"ඌට සුවය ලැබීමට ඒක කඩඉමක් වුණා. අපි ක්ෂණික වෙනසක් දැක්කා. එයා පිහිනුම් තටාකයට බැස්ස ගමන් හරියට මැජික් යෂ්ටියක් සෙලෙව්වා වගේ වුණා," ඇය පැවසීය.