මෘත දේහ සංරක්ෂණය: පුනර්ජීවනය සඳහා ශීතාගාරවල තැන්පත් කළ මෘත දේහ අනාගතයේදී ‘සංරක්ෂිත සරණාගතයන්’ වෙයි ද?
පුනර්ජීවනයක් ඇතැයි විද්‍යාත්මකව තහවුරු වන තුරු සංරක්ෂණය කරන ලද මෘත දේහ සිය ගණනක් ලෝකය පුරා පවතී.
මේ සම්බන්ධයෙන් ආචාර ධර්ම පිළිබඳ අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙම පුනර්ජීවනය ලබන මිනිසුන් අනාගත මානව වර්ගයා විසින් මග හරිනු ලබන 'සංරක්ෂිත සරණාගතයින්' බවට පත් වනු ඇතැයි විද්‍යාඥයෝ බිය පළ කරති.

