‘මම හොඳට කොණ්ඩය කපන්නම්, ඔබ ගෝල ලබාගන්න.’ කරණවෑමියා ලෝක පාපන්දු තාරකාවන්ට පවසයි
දෝහා නගරයේ වෙසෙන ටියුනීසියානු කරණවෑමියෙකු ලෝක කුසලාන තරගාවලියේ පාපන්දු ක්‍රීඩකයින්ගේ හිසකෙස් කපන්නා බවට පත්ව සිටියි.
හූසම් සක්කා නමැති ඔහු සිය දක්ෂතා මෙන් ම ව්‍යාපාරය ද ගොඩනගාගෙන ඇත්තේ, ඉන්ස්ටග්රෑම් හරහා ය.
ඔහු හමුවීම සඳහා බීබීසී පුවත් සේවය ඔහුගේ බාබර් සාප්පුවට ගියේ ය.


