පාපන්දු ලෝක කුසලානය 2022: පවත්වන දිනය සහ කටාර් සත්කාරකත්වය දරන්නේ ඇයි?

Fan holding a Qatar football scarf

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොස්ටාරිකාව නවසීලන්තයට එරෙහිව කටාර් හි දෝහා හි දී පරාජය වූ අවස්ථාවේ දී 2022 ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ අවසාන තරගය පවත්වන ස්ථානය තීරණය විය.

නොවැම්බරයේ ආරම්භ වන මෙම තරගාවලිය මැදපෙරදිග පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලානය වන අතර වසරේ මෙම කාල පරිච්ඡේදයේදී පැවැත්වෙන පළමු තරගාවලිය වේ.

කෙසේ වෙතත්, තරගය කටාර්හිදී පැවැත්වීමට තීරණය කිරීම මතභේදයට තුඩු දී තිබේ.

2022 ලෝක කුසලානය පැවැත්වෙන්නේ කවදාද සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේද?

ලෝක කුසලාන අවසන් තරග නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වේ. ඒ දිනවල කටාර්හි උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25 දක්වා ළඟා වන කාලයකි.

සාමාන්‍ය පරිදි ජූනි සහ ජූලි මාසවල අවසන් මහා තරග පැවැත්වුයේ නම්, එම තරග සෙල්සියස් අංශක 40 ඉක්මවන සහ සමහර විට සෙල්සියස් අංශක 50 දක්වා උෂ්ණත්වයකදී පැවැත්වීමට ඉඩ තිබුණි.

කටාරය මුලින් යෝජනා කළේ ගිම්හානයේදී වායුසමීකරණය කරන ලද සංවෘත ක්‍රීඩාංගණවල අවසන් මහා තරග පැවැත්වීමට නමුත් එම සැලැස්ම ප්‍රතික්ෂේප විය.

Chart showing the average monthly temperature in Doha, Qatar

ශීත ඍතුවේ දී ලෝක කුසලානය පැවැත්වීමේ දුෂ්කරතාවය කුමක්ද?

නොවැම්බර් සහ දෙසැම්බර් යුරෝපීය පාපන්දු සමාජ සඳහා කාර්යබහුල මාස වේ. එම කාලසීමාවේදී 2022 කටාර් තරගාවලියේ ක්‍රීඩා කිරීමට බොහෝ දක්ෂ ක්‍රීඩකයින් කැඳවන්නට සිදුවේ.

එංගලන්තයේ ප්‍රිමියර් ලීග්, ඉතාලියේ සීරී ඒ (Serie A) සහ ස්පාඤ්ඤයේ ලා ලිගා (La Liga) ඇතුළු යුරෝපීය ලීග කටාර් හි ජාත්‍යන්තර තරගාවලිය පැවැත්වීමට සතියකට පෙර සිට එය අවසන් වනතුරු ම තාවකාලිකව නවතා දැමේ. ලෝක කුසලානය අවසන් වීමෙන් පසු නැවත එම තරගාවලි ආරම්භ කරයි.

Life in Qatar: 85% foreign workers' 24.7% population female (lowest in the world); 99.2% live in a city; hereditary monarchy; controls 13% of global oil reserves; GDP per capital (2020), $50,124; same-sex relationships are illegal; alcohol restricted in public places; strict laws on public behaviour.

ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස කටාරය තෝරා ගත්තේ ඇයි?

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව තැබූ ලංසු පරදා 2010 දී FIFA හි විධායක සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඡන්දය දිනා ගනිමින් කටාර් ලෝක කුසලානයේ අයිතිය ලබා ගත්තේය.

තරගාවලියට සත්කාරකත්වය දක්වන පළමු අරාබි රට මෙයයි.

ෆිෆා නිලධාරීන්ට ඩොලර් මිලියන 3.7 ක (රු. බිලියන 1.32) අල්ලස් ලෙස ගෙවූ බවට කටාර් රාජ්‍යයට චෝදනා එල්ල වූ නමුත් වසර දෙකක විමර්ශනයකින් පසුව එම චෝදනාවෙන් නිදහස් කරන ලදී.

ෆිෆා හි එවකට සභාපති සෙප් බ්ලැටර් කටාරයේ ලංසුවට සහය දුන් නමුත් පසුව පවසා ඇත්තේ ෆිෆා වැරදි තීරණයක් ගන්නට ඇති බවයි.

බ්ලැටර් එම වංචා, සහ වෙනත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ දැනට නඩු විභාග වලට මුහුණ දෙමින් සිටියි.

Map and satellite images of Qatar's eight stadiums

කටාර් රාජ්‍යයට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් සහ හියුමන් රයිට්ස් වොච් වෙතින් ද ලෝක කුසලාන මෙහෙයුම්වල නියුතු විදේශ ශ්‍රමිකයන්ට දුර්වල ලෙස සැලකීම සම්බන්ධයෙන් චෝදනා එල්ල ලබා තිබේ.

ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායම්ද, සහ ජනප්‍රියතමයන් කවුද?

2022 ලෝක කුසලානය සඳහා සුදුස්සන් තේරීම වසර තුනකට පෙර ආරම්භ විය.

කණ්ඩායම් වශයෙන් විවිධ මහාද්වීප වල කණ්ඩායම් ක්‍රීඩා කළ අතර ප්‍රමුඛ කණ්ඩායම් අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියේය. අනෙක් කණ්ඩායම් අමතර තරග (play-offs) හරහා තම ස්ථාන ලබා ගත්හ.

World Cup groups

2018 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වන ප්‍රංශය තරගයේ ඉදිරියට ආ නමුත් යුරෝපයේ ශූරයන් වන ඉතාලියට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් 32 කණ්ඩායම් හතරක් බැගින් වූ කාණ්ඩ අටකට බෙදන ලදී. එකම මහාද්වීපයේ කණ්ඩායම් වෙන්ව තබා ඇති නමුත් යුරෝපීය රටවල්වල උපරිම වශයෙන් කණ්ඩායම් දෙකක් ඕනෑම කාණ්ඩයක සිටිය හැකිය.

බ්‍රසීලය, එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය තරගාවලිය ජයග්‍රහණය කරනු ඇති බවට ඔට්ටු තබන්නන් අතර ප්‍රචලිතව තිබේ.

Sweden football fan holding two pints of beer

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර්හි මත්පැන් සාමාන්‍යයෙන් මිලදී ගත හැක්කේ සුඛෝපභෝගී හෝටල්වල බාර්වල පමණි

ලෝක කුසලාන රසිකයින්ට කටාර් වෙතින් කුමක් අපේක්ෂා කළ හැකි ද?

මිලියන 2.9 ක ජනගහනයක් සිටින කටාරය තෙල් හා ගෑස් අපනයනය නිසා ලෝකයේ ධනවත්ම රටවලින් එකක් ව තිබේ.

එය තරගාවලිය සඳහා ම විශේෂ ක්‍රීඩාංගණ හතක් ඉදිකර ඇති අතර අවසන් තරගය පැවැත්වීම සඳහා නව නගරයක් ද ඉදිකර ඇත.

නව හෝටල් 100 කට වැඩි ප්‍රමාණයක්, නව මෙට්‍රෝවක් සහ නව මාර්ග ද ඉදිවෙමින් පවතී.

අවසන් මහා තරගයට මිලියන 1.5 ක ජනතාවක් සහභාගි වනු ඇතැයි තරගාවලියේ සංවිධායක කමිටුව ඇස්තමේන්තු කර ඇත.

කටාර් යනු ගතානුගතික මුස්ලිම් රටක් වන අතර, රසිකයින්ට තම හැසිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසට අනතුරු අඟවා ඇත.

මත්පැන් පානය කිරීම සඳහා දැඩි සීමාවන් පණවා තිබේ. ඒවා සාමාන්‍යයෙන් මිලදී ගත හැක්කේ සුඛෝපභෝගී හෝටල්වල බාර් වලින් පමණි. බියර් පයින්ට් එකක මිල ඇමරිකානු ඩොලර් 13ක් (රු. 4,650) පමණ විය හැක.

කෙසේ වෙතත්, සංවිධායකයින් පවසන්නේ තරගාවලිය අතරතුර නම් කරන ලද රසික කලාපවල මත්පැන් අලෙවි කළ හැකි බවයි.

Graphic showing fans' accommodation in Qatar: 60,000 rooms in apartments and villas, 50,000 rooms in hotels, 9,000 beds in fan villages and 4,000 rooms on cruise ships

සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටාර්හි තත්ත්වය කුමක්ද?

කටාර්හි සමලිංගික ක්‍රියා නීති විරෝධී ය.

සමලිංගික පාපන්දු ලෝලීන් නියෝජනය කරන කණ්ඩායම් එම රජයෙන් ඉල්ලා සිටින්නේ "ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස" ය. ඇතැම් වේල්ස් ක්‍රීඩා ලෝලීන් පවසා ඇත්තේ තම කණ්ඩායමේ සුදුසුකම නොතකා තරගාවලිය වර්ජනය කරන බවයි.

ලෝක කුසලානයේ සංවිධායකයින් "සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු" යනුවෙන් පිළිතුරු දී ඇති නමුත් තරගාවලිය අතරතුර සමලිංගිකත්වය පිළිබඳ සිය නීති ලිහිල් නොකරන බවට කටාරය තහවුරු කර ඇත.