පුටින්ට 70යි: ඔහුව ගොඩ නැගුණු අවස්ථා 7ක්

ව්ලැඩිමීර් පුටින් 70 වැනි වියට පා තබන විට, අද ඔහුගේ චින්තනය මෙහෙයවන හැරවුම් ලක්ෂ්‍ය මාලාවක් දෙස අපි මෙලෙස ආපසු හැරී බලමු.

පුටින්ගේ චින්තනය හැඩගස්වා ගැනීමට සහ බටහිර සමඟ ඔහුගේ වැඩෙන විරසකය පැහැදිලි කිරීමට උපකාරී වූ ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා හතක්.

1964 - ජූඩෝ පුහුණුවීම

දෙවන ලෝක සංග්‍රාමයේ දින 872 ක වටලෑමෙන් තවමත් කැළලක් ඇති ලෙනින්ග්‍රෑඩ්හි උපත ලැබූ තරුණ ව්ලැඩිමීර් පාසැලේදී උමතු සහ සටන්කාමී පිරිමි ළමයෙකු වූ අතර ඔහුගේ හොඳම මිතුරා පුටින් ගැන සිහිපත් කළේ ඔහුට බියක් නොමැති නිසා ඕනෑම අයෙකු සමඟ රණ්ඩු විය හැකි සිසුවෙකු වූ බවයි.

එසේ වුවද, වීදි කල්ලිවලින් පිරී ඉතිරී ගිය නගරයක සිටින තරුණකුට මායිමක් අවශ්‍ය වූ අතර වයස අවුරුදු 12 දී ඔහු මුලින්ම රුසියානු සටන් කලාවක් වන සම්බෝ සහ පසුව ජූඩෝ සටන් කලාව පුහුණුවීම ආරම්භ කළේය. අධිෂ්ඨානශීලී සහ විනයගරුක වූ ඔහු වයස අවුරුදු 18 වන විට ජූඩෝ කළු පටි සහ ජාතික කනිෂ්ඨ තරගයේ තුන්වන ස්ථානයද ජයග්‍රහණය කර තිබුණි.

භයානක ලෝකයක, ඔබ විශ්වාසයෙන් සිටිය යුතුය, ඔහුගේම වචන වලින් පවසනවා නම් නොවැළක්විය හැකි සටනක දී "ඔබේ විරුද්ධවාදියා නැවතත් ඔහුගේ පාද වලින් සිට ගැනීමට නොහැකි වන පරිදි ඔබ මුලින්ම පහර දෙන්න" යනුවෙන් පවසා ඇත. ඇත්ත වශයෙන්ම, මෙය එතැන් සිට ඔහුගේ ප්‍රවේශමෙන් ගොඩනගන ලද පෞරුෂයේ කොටසක් ලෙස භාවිතා කර ඇත.

1968 - රාජ්‍ය ආරක්ෂාව සඳහා වූ කමිටුවෙන් (KGB) රැකියාවක් ඉල්ලා සිටීම

සමස්තයක් ලෙස ගත් කල, මිනිසුන් ලෙනින්ග්‍රෑඩ් හි රාජ්‍ය ආරක්ෂාව සඳහා වූ කමිටුවේ දේශපාලන පොලිස් මූලස්ථානය වන 4 වන ලිටීනි ප්‍රෝස්පෙක්ට් වෙත යාමෙන් වැළකී සිටියහ. ස්ටාලින් යුගයේ බොහෝ දෙනෙක් එහි ප්‍රශ්න කිරීම් පසු කරමින් ගුලාග් කම්කරු කඳවුරු වෙත ගොස් ඇති අතර එයට හේතුව නම් බොල්ෂෝයි ඩොම් ලෙස හැඳින්වුණු ලෙනින්ග්‍රෑඩ්හි උසම ගොඩනැගිල්ල වන "බිග් හවුස්"හි පහතම මාලයේ සිට සයිබීරියාව දැකගත හැකි වීමයි.

එසේ වුවද, ඔහුට වයස අවුරුදු 16 දී, පුටින් එහි රතු පලස සහිත පිළිගැනීමේ උත්සවයට ඇතුළු වී එහි සිටි නිලධාරියාගෙන් එයට සහාභාගී වන්නේ කෙසේදැයි විමසු අතර. ඔහුට හමුදා සේවය හෝ උපාධියක් තිබිය යුතු බව පිළිතුරු ලැබුණි, එයට පිළිතුරු වශයෙන් එයට වඩාත් සුදුසු උපාධිය කුමක්දැයි පවා ඔහු අසා ඇත.

නීති උපාධිය යනුවෙන් පිළිතුරු ලැබීමෙන් අනතුරුව, පුටින් නීතිය උපාධිය ලබා ගැනීමට අධිෂ්ඨාන කර ගත් අතර, පසුව ඔහු නිසි ලෙස බඳවා ගන්නා ලදී. KGB යනු නගරයේ විශාලතම කල්ලිය වූ අතර, පක්ෂ සම්බන්ධතා නොමැති කෙනෙකුට පවා ආරක්ෂාව සහ දියුණුව පිරිනැමීම පුටින්ට වාසි දායක විය.

එසේම එය ඔහුට ඉතා හොඳ අවස්ථා නිර්මාණය කර දුන් අතර නව යොවුන් වියේදී ඔහු නැරඹූ ඔත්තු චිත්‍රපට ගැන "එක් ඔත්තුකරුවෙකුට දහස් ගණනකගේ ඉරණම තීරණය කළ හැකිය" යනුවෙන්ද පසුව පවසා ඇත.

1989 දී මැර පිරිසක් වට කිරීම

ඔහුගේ සියලු බලාපොරොත්තු දැඩි වුවද, පුටින්ගේ KGB වෘත්තීය ජීවිතය කිසි විටෙකත් ආරම්භ වූයේ නැත. ඔහු දැඩි ලෙස සේවය කලත් ඔහුට එහි බැබලීමට නොහැකි විය. එසේ වුවද, ඔහු ජර්මානු භාෂාව ඉගෙනීමට අයදුම් කල අතර, මේ හේතුවෙන් ඔහුට 1985 දී ඩ්‍රෙස්ඩන් හි KGB හි සම්බන්ධීකරණ කාර්යාලයේ පත්වීමක් හිමිවිය.

එහිදී ඔහු සුවපහසු විදේශගත ජීවිතයකට හුරු වූ නමුත් 1989 නොවැම්බර් මාසයේදී නැගෙනහිර ජර්මානු පාලනය කම්පන සහගත වේගයකින් බිඳ වැටීමට පටන් ගත්තේය.

දෙසැම්බර් 5 වන දින, මැර පිරිසක් ඩ්‍රෙස්ඩන් KGB ගොඩනැගිල්ල වට කළහ. ආරක්ෂාව ඉල්ලා සිටීම සඳහා පුටින් මංමුලා සහගත ලෙස ළඟම ඇති රතු හමුදා බලඇණියට කතා කළ අතර ඔවුන් අසරණ ලෙස පිළිතුරු දුන්නේ "මොස්කව් වෙතින් නියෝග නොමැතිව අපට කිසිවක් කළ නොහැක." යනුවෙනි.

මධ්‍යම බලයේ හදිසි බිඳවැටීම ගැන පුටින් බිය වූ අතර සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ වැරැද්ද එනම් විරුද්ධත්වයට මුහුණ දෙන විට වේගයෙන් හා අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දැක්වීම කිසි විටෙකත් නොකිරීමට පුටින් අදිටන් කර ගත්තේය.

1992 - 'ආහාර සඳහා තෙල්' වැඩසටහන තැරැව් කිරීම

සෝවියට් සංගමය විසිරී යාමත් සමඟ පුටින් පසුව KGBය හැර ගිය නමුත් ඉක්මනින්ම ශාන්ත පීටර්ස්බර්ග් හි ප්‍රතිසංස්කරණවාදී නව නගරාධිපතිවරයා ලෙස තනතුරක් ලබා ගත්තේය.

ආර්ථිකය කඩාවැටෙමින් තිබූ අතර, පුටින්ට ආහාර සඳහා ඩොලර් මිලියන 100 (පවුම් මිලියන 88) වටිනා තෙල් සහ ලෝහ හුවමාරු කර ගැනීමට සහ නගරයේ ජනතාවට උදව් කිරීමට ගනුදෙනුවක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

ප්‍රයෝගිකව, කිසිවෙකු කිසිදු ආහාරයක් නොදුටු අතර ඉක්මනින් යටපත් කර දැමු පරීක්ෂණයකට අනුව, පුටින්, ඔහුගේ මිතුරන් සහ නගරයේ මැර කල්ලි එම මුදල් තමන් සතු කරගෙන ඇත.

90 දශකයේ දේශපාලන බලපෑම මුදල් ඉපයිය හැකි භාණ්ඩයක් බව පුටින් ඉක්මනින් තේරුම් ගත් අතර, මැරයින්ද ද මිතුරන් ඇති කර ගත හැකි විය. ඔහු වටා සිටින සියල්ලන්ම ඔවුන්ගේ තනතුරු වලින් ලාභ ලබන විට, ඔහු එසේ නොකළ යුත්තේ ඇයි?

2008 - ජෝර්ජියාව ආක්‍රමණය කිරීම

2000 දී පුටින් රුසියානු ජනාධිපති වූ විට, පැරණි සෝවියට් සංගමය හරහා බලපවත්වන ක්ෂේත්‍රයක් ඇතුළුව ඔහුගේම කොන්දේසි මත බටහිර සමඟ ධනාත්මක සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහු ඉක්මනින්ම කලකිරීමට මෙන්ම කෝපයටද පත් විය. ඒ බටහිරින් රුසියාව හුදකලා කිරීමට සහ පහත් කිරීමට සක්‍රීයව උත්සාහ කරන බවට වූ ඔහුගේ විශ්වාස නිසාවෙනි.

ජෝර්ජියානු ජනාධිපති මිකෙයිලි සාකශිවිලි තම රට නේටෝව සමඟ එක් වීමට සූදානම් වූ විට, පුටින් එහි භයානක තත්වයක් දුටු අතර එය රුසියාවේ පිටුබලය ඇති දකුණු ඔසෙටියාවේ බිඳී ගිය කලාපය මත පාලනය නැවත ලබා ගැනීමට ජෝර්ජියානු උත්සාහයක් එනම් දණ්ඩනීය මෙහෙයුමක් සඳහා පහසු කරුණක් විය.

දින පහකින් රුසියානු හමුදා ජෝර්ජියානු හමුදාව සුනුවිසුනු කර සාකාෂ්විලි වෙත නින්දාසහගත සාමයක් ඇති කළහ.

බටහිර කෝපයට පත් වූ නමුත් වසරක් ඇතුළත එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා රුසියාව සමඟ සබඳතා "යළි පිහිටුවීමට" ඉදිරිපත් වූ අතර 2018 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමේ අයිතිය පවා මොස්කව් වෙත පිරිනමන ලදී.

පුටින්ට, එය නිවැරැදි විය හැකි බවත්, දුර්වල හා නොගැලපෙන බටහිරයන් නොරිස්සුම් සහගත විය හැකි බවත්, නමුත් අවසානයේ අධිෂ්ඨානශීලීව පසුබසිනු ඇති බවත් පැහැදිලි විය.

2011-13 - මොස්කව්හි විරෝධතා

2011 පාර්ලිමේන්තු මැතිවරණය දූෂිත වූ බවට පුළුල්ව පැතිරුණු විරෝධතා අඩු වුයේ පුටින් 2012 දී නැවත මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ ය.

මොස්කව් චතුරශ්‍රය පිරී ඉතිරි ගිය බොලොට්නායා විරෝධතාවය පුටින් යටතේ මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතාවය විය.

නමුත් පුටින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට මෙම රැලි ආරම්භ කිරීම, දිරිමත් කිරීම සහ මෙහෙයවීම පිළිබඳව පුද්ගලිකව දොස් පැවරුවේය.

පුටින්ට, බටහිරයන් ඔහු වෙත කෙලින්ම පැමිණෙන බවටත්, ඇත්ත වශයෙන්ම, ඔහු දැන් යුද්ධයක යෙදී සිටින බවටත් පසක් විය

2020-21 - කොවිඩ් වලින් හුදකලා වීම

කොවිඩ් රෝගය ලොව පුරා පැතිර ගිය විට, පුටින් පවා අසාමාන්‍ය හුදකලාවකට ගියේය, ඔහු හමුවීමට යන ඕනෑම අයෙකු දෙසතියක ආරක්ෂාව යටතේ හුදකලා වී පසුව විෂබීජ නසන පාරජම්බුල කිරණවලින් ස්නානය කරන ලද කොරිඩෝවක් හරහා යාමට සිදු විය.

මෙම අවස්ථාවේදී, පුටින් සමඟ ගැවසීමට හැකි මිත්‍ර පාක්ෂිකයින් සහ අනෙකුත් අයවලුන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු විය.

අවම විකල්ප මතවලට නිරාවරණය වූ පුටින්ට තම රට දෙස හරි ආකාරව බැලීමට අපහසු විය. නමුත් ඔහුගේ සියලු උපකල්පන නිවැරදි බවත්, ඔහුගේ සියලු අගතීන් යුක්ති සහගත බවත්, යුක්රේනය ආක්‍රමණයේ බීජ රෝපණය කර ඇති බවත් ඔහුට පසක් වී ඇති බව පෙනේ.

මෙම ලිපියේ කතුවර මහාචාර්ය මාර්ක් ගලෙඔට්ටි ශාස්ත්‍රාලිකයෙකු සහ රචකයෙකු වන අතර 'We Need To Talk About Putin and the forthcoming Putin's Wars' නමැති කෘතියේ කතුවරයාද වේ.