ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ සිනමාවේ නව රැල්ලට ජිවය දුන් අද්විතීය චිත්‍රපට අධ්‍යක්ෂ ෂෝන්-ලුක් ගෝඩාර්ඩ් සිය දිවිය නිම කරයි
විප්ලවීය නව ප්‍රංශ සිනමා රැල්ලට නායකත්වය දුන් චිත්‍රපට අධ්‍යක්ෂ ෂෝන්-ලුක් ගෝඩාර්ඩ් වයස අවුරුදු 91 දී සිය දිවිය නිම කළේය.
1960 දශකයේ À bout de souffle (Breathless) චිත්‍රපටය සමඟින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු වෙනස්ම ආරක චිත්‍රපට කලාවක් ආරම්භ කළේය.
ඔහුගේ කෘති සිනමාවට නව ප්‍රබෝධයක් සහ නව මඟක් ගෙන දුන් අතර මාටින් ස්කොර්සෙස්ගේ සිට ක්වෙන්ටින් ටැරන්ටිනෝ දක්වා අධ්‍යක්ෂවරුන් ඉන් උන්මාද විය.
ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් පැවසුවේ ගොඩාඩ්ට "ප්‍රවීණයෙකුගේ දැක්මක් තිබූ" බවයි.
ට්විටර් හරහා උපහාර කරමින් මැක්‍රොන් මෙසේ ලිවීය: "ඔහු ප්‍රංශ සිනමාවේ සෙවනැල්ලක් වැනිය. පසුව ඔහු එහි ප්‍රවීණයෙකු විය.
"ෂෝන්-ලුක් ගෝඩාර්ඩ්, නව ප්‍රංශ චිත්‍රපට රැල්ලේ නිර්මාණකරුවන්ට අවශ්‍ය ආභාෂය , අධිෂ්ඨානශීලී බව, නවීන බව සහ නිදහස් කලාවක් නිර්මාණය කළේය. අපට ජාතික වස්තුවක්, ප්‍රතිභාපූර්ණ දැක්මක් තිබූ මිනිසෙක් අහිමි විය."
1960 ගණන්වල ගොඩාඩ්ගේ ප්‍රබල චිත්‍රපට අතරට Le Mepris (Contempt), Bande à Part (Band of Outsiders) සහ Alphaville ද ඇතුළත් විය.
ගොඩාර්ඩ් චිත්‍රපට විචාරකයෙකු ලෙස තම ගමන ආරම්භ කළේ, Breathless චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර ය. එහි රඟපෑ ෂෝන් සීබර්ග් සහ ෂෝන්-පෝල් බෙල්මොන්ඩෝ නවමු, සැහැල්ලු ආකාරයේ ආකර්ෂණක් වූ අතර, කැමරාව නිරන්තරයෙන් චලනය කළේය .සංස්කරණය ඉතා සුමට විය. ඔහු එහි පිටපත පවා අර්ධ වශයෙන් එහිදී ක්ෂණික වෙනසක් කම් වලට භාජනය කළේය.
අධ්‍යක්ෂවරයා වරක් මෙසේ පැවසීය: "එය සිනමාව එතෙක් කර පැවති සෑම දෙයක්ම - ගැහැණු ළමයින්, මැරයන්, මෝටර් රථ - මේ සියල්ල විසුරුවා හැර පැරණි ශෛලිය නැවත් වූ චිත්‍රපටයක් විය."
එය තිරගත වුණේ 1963 දී රජයේ කප්පාදු කිරීම්වලට හසුවී තිබූ Le Petit Soldat (The Little Soldier) චිත්‍රපටයට පෙර ය.
එහි රංගනයට ඩෙන්මාර්ක් නිරූපිකාවක් වූ ඇනා කරීනා දායක වූ අතර ඇය 1961 දී ගොඩාර්ඩ් සමඟ විවාහ විය. ඔහුගේ වඩාත්ම සාර්ථක චිත්‍රපට මාලාවකම ඔහුගේ බිරිඳ ද පෙනී සිටියාය.
ඇය 1961 වසරේ Une Femme est une Femme (A Woman Is A Woman) චිත්‍රපටයෙහි දරුවෙකු හැදීමට අවශ්‍ය වූ රාත්‍රී සමාජශාලා නර්තන ශිල්පිනියක ලෙස රඟපෑවාය; 1962 වසරේ Vivre sa vie (My Life to Live) හි තරුණ පැරිස් ගණිකාවක් ලෙස; සහ 1965 දී Band of Outsiders චිත්‍රපටයේ කල්ලි සාමාජිකාවක් ලෙසත් රඟපා තිබේ.
මෙම චිත්‍රපටයේ මුල් ප්‍රංශ නම සිහිපත් කරමින් ටැරන්ටිනෝ ඔහුගේ නිෂ්පාදන සමාගම A Band Apart ලෙස නම් කරන ලද අතර, වරක් ගොඩාඩ් අධ්‍යක්ෂවරයෙකු ලෙස තමාට "එතරම් බලගතු බවක්" ඇතැයි ප්‍රකාශ කළේය.
"ගොඩාඩ් කියන්නේ මට නීති කඩකරන එකේ විනෝදය සහ නිදහස සහ ප්‍රීතිය උගන්වපු කෙනෙක්... මම හිතන්නේ සංගීතයට බොබ් ඩිලන් වගේ තමයි සිනමාවට ගෝඩාර්ඩ්," ඔහු පැවසීය.
බ්‍රිගිට් බාඩොට් රඟපෑ 1963 වසරේ තිරගත වූ Contempt චිත්‍රපටය Taxi Driver චිත්‍රපටයේ අධ්‍යක්ෂක ස්කෝර්සස් විසින් ඔහුගේ ප්‍රියතම චිත්‍රපට 10 න් එකක් ලෙස නම් කරන ලදී. "එය යුගයේ දැවැන්ත චිත්‍රපටවලින් එකක්" වන අතර ගොඩාර්ඩ් "සිනමාවේ විශිෂ්ට නූතන දෘශ්‍ය කලාකරුවෙක්" බව ඔහු 2014 දී ලිවීය.
ගොඩාර්ඩ්ගේ චිත්‍රපට කාලය සහ අවකාශය මිශ්‍ර කරමින්, ස්ථාවර ආඛ්‍යානයක් පිළිබඳ එතෙක් පැවති අදහස වෙනස් කළේය. ඔහු වරක් මෙසේ පැවසීය: "කතාවකට ආරම්භයක්, මැදක් සහ අවසානයක් තිබිය යුතුයි. නමුත් අනිවාර්යයෙන්ම ඒ අනුපිළිවෙලට නොවෙයි."
Une Femme Mariée (1964), Pierrot le fou (1965), Masculin Féminin (1966) සහ Week-end (1967) ඇතුළුව ඔහුගේ නමින් ලොව සැරසූ චිත්‍රපට 100කට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ.
ඔහුගේ නවතම කෘතිය 2018 දී නිකුත් කරන ලදී, නමුත් ඇතැමුන් සිතුවේ ගොඩාර්ඩ් ඔහුගේ වෘත්තිය ගමන හිතාමතාම අපැහැදිලි කරගත් බවයි.
"තම ලලසාව වෙනුවෙන්. වෙනස් ආරක් ගෙන ඒම වෙනුවෙන්, නව ආකාරයේ සිනමාවක් තැනීම වෙනුවෙන්" ගොඩාඩ් 2011 දී ඔස්කාර් සම්මානයකින් පිදුම් ලැබීය.
ගොඩාර්ඩ්ගේ නීති උපදේශක පැට්‍රික් ජෙනරෙට් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ප්‍රංශ-ස්විස් සම්භවයක් ඇති මෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා "වෛද්‍ය වාර්තාවන්ට අනුව ඔහු 'බහු විධ රෝග' වලින් පෙළෙන බැවින් ස්වේච්ඡාවෙන් පිටව යාමට ස්විට්සර්ලන්තයේ නීති ආධාර ලබා ගත්" බවයි.
සමහර තත්වයන් යටතේ ස්විට්සර්ලන්තයේ උපකාරයෙන් සියදිවි නසා ගැනීම නීත්‍යානුකූල වේ.
හිටපු ප්‍රංශ සංස්කෘතික ඇමති ජැක් ලැන්ග් රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ "ඔහු සිනමාව කවියෙන් හා දර්ශනයෙන් පිරෙව්වා. ඔහුගේ තියුණු හා අද්විතීය ඇස අපට නොපෙනෙන දේ දැකීමට සැලැස්වුවා."
උපහාර දැක්වූ අනෙක් අය අතර නළු ඇන්ටෝනියෝ බන්ඩෙරාස් ද ඇතුළත් විය, ඔහු මෙසේ ලිවීය: "සිනමාවේ සීමාවන් පුළුල් කිරීම ගැන ඔබට ස්තූතියි, ගෝඩාර්ඩ් මහත්මයා."
Baby Driver හි අධ්‍යක්ෂක එඩ්ගා රයිට් මෙසේ ලිවීය: "ෂෝන්-ලුක් ගෝඩාර්ඩ් සමාදානයේ සැතපේවා. ඔහු සියල්ලන්ටම වඩාත්ම බලගතු, ප්‍රතිමූර්තියක් බඳු චිත්‍රපට නිෂ්පාදකයින්ගෙන් කෙනෙක්".
"[විචාරකයෙකුව සිටි] ඔහු හොලිවුඩ් චිත්‍රාගාර වලින්ම බබළන්නට ගැනීම හාස්‍යයට කරුණක්. සමහර විට වෙනත් කිසිදු අධ්‍යක්ෂකවරයෙක් කැමරාව අතට අරගෙන රූගත කරන්න තරම් පෙළඹිලා නැතුව ඇති."
සිනමා විචාරකයෝ ද ඔහු සිනමාවට ලබාදුන් ආදර්ශය ගැන අදහස් පළ කළහ.