තුන්වන චාල්ස් රජු සිය ජාතිය සහ පොදු රාජ්‍ය මණ්ඩලය අමතා කළ සම්පුර්ණ කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න:තුන්වන චාල්ස් රජු සිය ජාතිය සහ පොදු රාජ්‍ය මණ්ඩලය අමතා කළ සම්පුර්ණ කතාව

තුන්වන චාල්ස් රජු සිය ජාතිය සහ පොදු රාජ්‍ය මණ්ඩලය අමතා කළ සම්පුර්ණ කතාව පහතින්

Short presentational grey line

අද මා ඔබ අමතන්නේ අතිමහත් සංවේගයෙනි. මගේ මව වන ගෞරවනීය මහ රැජන ඇගේ මුලු ජීවිතකාලය මුළුල්ලේම මට සහ මගේ පවුලට ආදර්ශයක් සහ අනුප්‍රාණයක් වූවාය. ඇගේ ආදරය, සෙනෙහස, මගපෙන්වීම, අවබෝධය සහ ආදර්ශය වෙනුවෙන් ඕනෑම පවුලක් තමන්ගේ මවට ඇත්තා වූ උපරිම හෘදයාංගම ණයගැතිබව ඇය කෙරෙහි අපට ඇත්තේය.

එලිසබෙත් රැජිනගේ ජීවිතය සුවිශිෂ්ට ලෙස ගතවුනකි;එමෙන්ම සුරකින ලද දෛවය සමඟ වූ පොරොන්දුවකි. මේ නිසා ඇගේ වියෝගයේ දී ඇය වෙනුවෙන් ශෝකයට පත් වෙයි.

ඇගේ ජීවිත කාලය පුරා කරන ලද සේවය අද මම ඔබ සියලු දෙනා හට සිහිපත් කරමි.

මගේ පවුලේ සියලු දෙනාට දැනෙන පෞද්ගලික ශෝකය ද සමඟින්, අපි එක්සත් රාජධානියේත් රැජින රාජ්‍ය නායකයා වූ සියලුම රටවලත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ලොව පුරා සිටින සුවහසක් දෙනා සමඟ මගේ මව රැජින ලෙස වසර 70කට වැඩි කාලයක් බොහෝ ජාතීන්ට අයත් ජනයා වෙනුවෙන් කළ සේවය සම්බන්ධයෙන් දැඩි කෘතඥතාවක් බෙදාහදා ගනිමු.

1947 ඇගේ 21 වැනි උපන්දිනයේදී, කෙටිකාලීන හෝ දිගුකාලීන හෝ වේවා, තම ජනතාවගේ සේවය සඳහා තම ජීවිතය කැප කිරීමට කේප්ටවුන් සිට පොදුරාජ්‍ය මණ්ඩලය වෙත කළ විකාශනයක දී ඇය පොරොන්දු වූවාය.

එය පොරොන්දුවකට වඩා වැඩි දෙයකි:එය ඇගේ මුළු ජීවිතයම නිර්වචනය කළ ගැඹුරු පෞද්ගලික කැපවීමකි.

ඇය සිය වගකීම වෙනුවෙන් කැපකිරීම් කළාය. ස්වාධිපති ලෙස ඇයගේ කැපවීම සහ භක්තිය පරිවර්තනයේ සහ ප්‍රගතියේ කාලයන් හි ද ප්‍රීතියේ හා උත්සව ශ්‍රීයේ කාලයන් හි ද, ශෝකය සහ අහිමිවීමේ කාලයන් හිද කිසි විටකත් අත් නොහැරියාය.

ඇයගේ සේවා ජීවිතය තුළ, නිර්භීත ලෙස ප්‍රගතිය වැළඳගන්නා අතරම සම්ප්‍රදායට ඇති ප්‍රේමය ජාතීන් වශයෙන් අපව ශ්‍රේෂ්ඨත්වයට පත් කර ඇත.

ඇයට අනුප්‍රාණය ලබා දුන් සෙනෙහස, ප්‍රශංසාව සහ ගෞරවය ඇගේ පාලන සමයේ සලකුණ බවට පත් විය. තවද, මගේ පවුලේ සෑම සාමාජිකයෙකුටම සාක්ෂි දිය හැකි පරිදි, ඇය මෙම ගුණාංග සෙනෙහස, හාස්‍යය සහ මිනිසුන් තුළ ඇති හොඳම දේ දැකීමේ නොසැලෙන හැකියාව සමඟ ඒකාබද්ධ කළාය.

මගේ මවගේ මතකයට මම උපහාරය පුද කරන අතර ඇයගේ සේවා ජීවිතයට මම ගෞරවය පුද කරමි. ඇයගේ වියෝව ඔබ බොහෝ දෙනෙකුට මහත් ශෝකයක් ගෙන දෙන බව මම දනිමි, එම මැනිය නොහැකි අහිමි වීමේ හැඟීම මම ඔබ සැම සමඟ බෙදා ගනිමි.

රැජින සිංහාසනාරූඩ වන විටත්, බ්‍රිතාන්‍ය සහ ලෝකය දෙවන ලෝක යුද්ධයේ ඛේදවාචක හා පසු විපත් සමඟ පොරබදමින් සිටි අතර, එතෙක් පැවති අතීත සම්මුතීන්ට අනුව ජීවත් විය.

පසුගිය වසර 70 තුළ අපගේ සමාජය බොහෝ සංස්කෘතීන් සහ බොහෝ ඇදහිලි අතින් එකක් බවට පත්ව ඇති බව අපි දුටුවෙමු.

රාජ්‍යයේ ආයතන වරින් වර වෙනස් වී ඇත. නමුත්, සියලු පරිවර්තන සහ අභියෝග හරහා, සමෘද්ධිමත් වී ඇති අපගේ ජාතියේ සහ රාජ්‍යයන්ගේ පුළුල් පවුලේ දක්ෂතා, සම්ප්‍රදායන් සහ ජයග්‍රහණ ගැන මම කිව නොහැකි තරම් ආඩම්බර වෙමි. අපගේ අගයන් තවමත් පවතිනවා සේම ඉදිරියටත් ස්ථාවරව පැවතිය යුතුය.

මගේ ඉතා ගැඹුරින් මුල් බැස ඇති ආගමික විශ්වාසය ද වන එංගලන්ත පල්ලිය කෙරෙහි ස්වාධිපතිවරයාගේ විශේෂ සම්බන්ධතාවය සහ වගකීම මෙන්ම රාජාණ්ඩුවේ කාර්යභාරයන් සහ යුතුකම් ද පවතී.

එම විශ්වාසය සහ එය අනුප්‍රාණය සපයන වටිනාකම් තුළ, මම හැදී වැඩුණේ අන් අයට ඉටුකරන යුතුකම් පිළිබඳ හැඟීමක් දරාගෙන සේම, අපගේ අද්විතීය ඉතිහාසයේ සහ අපගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ අනර්ඝ සම්ප්‍රදායන්, නිදහස සහ වගකීම් කෙරෙහි උපරිම ගෞරවය සහිතවය.

රැජින මෙතරම් නොසැලෙන භක්තියෙන් කළාක් මෙන්, මම ද දැන් දෙවියන් වහන්සේ මට ලබා දෙන ඉතිරි කාලය පුරාවටම අපගේ ජාතියේ හදවතේ ව්‍යවස්ථාමය මූලධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටිමි.

එමෙන්ම ඔබ එක්සත් රාජධානියේ හෝ ලොව පුරා රාජ්‍යයන් සහ ප්‍රදේශ වල කොතැනක සිටියත්, ඔබගේ පසුබිම හෝ විශ්වාසයන් කුමක් වුවත්, මගේ ජීවිත කාලය පුරාවටම ඔබට පක්ෂපාතීව, ගෞරවයෙන් සහ ආදරයෙන් සේවය කිරීමට මම උත්සාහ කරමි.

මම මගේ නව වගකීම් භාර ගන්නා විට මගේ ජීවිතය ඇත්ත වශයෙන්ම වෙනස් වනු ඇත. මා ඉතා ගැඹුරින් සැළකිලිමත් වන පුණ්‍යායතන සහ අනෙකුත් ගැටලු සඳහා මගේ කාලය හා ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලබා දීමට මට තවදුරටත් නොහැකි වනු ඇත. නමුත් මෙම වැදගත් කාර්යයන් වෙනත් විශ්වාසවන්ත දෑත් මතින් ඉදිරියට යනු ඇත.

මෙය මගේ පවුල ද වෙනස් වන කාලයකි. මගේ ආදරණීය බිරිඳ කැමිලාගේ ආදරණීය උපකාරය මම බලාපොරොත්තු වෙමි. වසර දාහතකට පෙර අපගේ විවාහය නිසා ඇයගේම විශ්වාසවන්ත රාජ්‍ය සේවය අගයමින් ඇය මගේ රාජ මෙහෙසිය බවට පත්වේ. ඇය ඇයගේ නව භූමිකාවේ ඉල්ලීම් වෙත ඇය රැගෙන එන රාජකාරියට ඇති නොසැලෙන භක්තිය මත මම විශ්වාසය තබමි.

මගේ උරුමකරු ලෙස, විලියම් මට බොහෝ සෙයින් තීරණාත්මක වූ ස්කොට්ලන්ත පදවි නාමයන් ලබා ගනු ඇත. ඔහු මාගෙන් පසු කෝර්න්වෝල් ආදිපාදවරයා ලෙස පත් වී දශක පහකට වැඩි කාලයක් මා විසින් භාරගෙන තිබුනු කෝන්වෝල් ආදිපාදවරයාගේ වගකීම් භාර ගන්නේය.

අද, මම ඔහුව වේල්ස් කුමරු ලෙස නම් කිරීම ගැන ආඩම්බර වෙමි. වේල්ස් කුමාරයා යන්න මගේ ජීවිතයේ සහ රාජකාරියේ බොහෝ කාලයක් තුළ දැරීමේ වරප්‍රසාදය ලැබුනු පදවි නාමයයි.ඔහු අසල සිටින කැතරින් ද සමඟ අපගේ නව වේල්ස් කුමරු සහ වේල්ස් කුමරිය, ආන්තිකයින් ඔවුන්ට අත්‍යවශ්‍ය සහයෝගය ලබාදිය හැකි කේන්ද්‍රීය භූමියට ගෙන එන අපගේ ජාතික සංවාද අඛණ්ඩව සිදු කිරීමට හා දිරිමත් කිරීමට උපකාරී වනු ඇති බව මම දනිමි.

විදේශයන්හි ඔවුන්ගේ ජීවිත ගතකරන හැරී සහ මේගන්ට මගේ ආදරය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි.

සතියකට මඳක් වැඩි කාලයකින් අපි ජාතියක් ලෙස, පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස සහ ඇත්ත වශයෙන්ම ගෝලීය ප්‍රජාවක් ලෙස, මගේ ආදරණීය මව සමාදානයේ සැතපීමට එක් වෙමු. අපගේ දුකේදී, අපි ඇගේ ආදර්ශයේ ආලෝකය සිහිපත් කර ශක්තිය ලබා ගනිමු. මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන්, ඔබගේ ශෝකය සහ සහයෝගය පිලිබඳ ඉතාමත් අවංක සහ හෘදයාංගම ස්තුතිය පමණක් මට පිරිනැමිය හැකිය. ඒවා මට කිසිදා ප්‍රකාශ කළ නොහැකි තරම් වැඩි යමක් දරා සිටින බව මම දනිමි.

ඒ වගේම මගේ ආදරණීය මෑණියනි, ඔබ මගේ දිවංගත ආදරණීය පියාණන් සමඟ එකතු වීමට ඔබේ අවසන් චාරිකාව ආරම්භ කරන විට, මට සරලව කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි, මේ අවුරුදු ගණනාව පුරාම අපගේ පවුලට සහ ඉතා උනන්දුවෙන් ඔබ සේවය කළ ජාතීන්ගේ පවුලට ඔබේ ආදරය හා භක්තියට ස්තූතියි.

"පියාසලන දේවදූතයන් ඔබ සමාදානයේ සැතපීම වෙනුවෙන් ගායනා කරයි "