ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිළිඳු පවුල්වල කුසගිනි නිවන කුණු කන්ද
ආර්ජන්ටිනාවේ ඉතා දිළිඳු පැල්පත් පෙළක වෙසෙන පවුල් සිය ගණනක් සිය දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා විශ්වාසය තබා ඇත්තේ දැවැන්ත කුණු කන්දක් මතය.
ආර්ජන්ටිනාව ලතින් අමෙරිකානු කලාපයේ වඩාත් සමෘද්ධිමත් රටවල් අතර සිටියේය. එහෙත් වසර ගණනාවක් ආර්ථික අර්බුදයකට මැදි වී සිටින ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත. කොරෝනා වසංගතය නිසා අවස්ථා ගණනාවකදී රට ලොක්ඩවුන් කිරීමට සිදුවූ හෙයින් ව්‍යාපාර රැසක් කඩා වැටිණි.
එරට බොහෝ දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින අතර, මේ ප්‍රජාවට ජීවිතය ගැට ගසා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ.
වාර්තාකරු: ඔගස්ටිනා ලැටරේට්
නිෂ්පාදනය: සොෆියා බෙටීසා
කැමරාකරණය: තෝමස් ෆ්‍රාන්සස්කෝ ක්වෙස්ටා
දේශීය නිෂ්පාදනය: අල්ෆොන්සිනා ෆර්නැන්ඩස්