ඉලොන් මස්ක් ඩොලර් බිලියන 44 කට ට්විටර් මිලදී ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රකෝටිපති ඉලොන් මස්ක් කළ ඩොලර් බිලියන 44 ක ඉල්ලීමට ට්විටර් අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබේ.
සති දෙකකට පමණ පෙර ඉහළ ලංසුවක් තබමින් ඉලොන් පැවසුවේ තමාට ට්විටර් හි විශාල වෙනසක් කිරීමට හැකි බවයි.
ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම සඳහා එහි සීමාවන් ලිහිල් කිරීම ඇතුළු වෙනස්කම් මාලාවක් ඔහු ඉල්ලා සිටියේය.
සමාගම මුලින් ඉලොන්ගේ ලංසුව ප්‍රතික්ෂේප කළ නමුත් දැන් ගනුදෙනුව අනුමත කිරීමට කොටස් හිමියන්ට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනු ඇත.
ෆෝබ්ස් සඟරාව අනුව ලොව ධනවත් ම පුද්ගලයා වන ඔහුට ඩොලර් බිලියන 273.6ක ඇස්තමේන්තුගත වත්කමක් තිබේ. එයට ඉලෙක්ට්‍රික් කාර් නිපදවන ටෙස්ලා සමාගමේ කොටස් හිමිකාරීත්වය මුල්ව ඇති අතර, අභ්‍යවකාශ මෙහෙයුම් සිදුකරන SpaceX සමාගමේ ද ඔහු මූලාසන දරයි.
"නිදහසේ කතා කිරීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම යි. ට්විටර් යනු මානව වර්ගයාගේ අනාගතයට වැදගත් වන ඩිජිටල් නගරයක් වගේ," ඉලොන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"නව විශේෂාංග එක් කරමින්, ඇල්ගොරිතම විවෘත කේත මූලාශ්‍ර බවට පත් කරමින්, සහ ස්පෑම් බොට්ස් පරාජය කරමින් මිනිසුන්ට අවකාශ ලබා දීමෙන් මට ට්විටරය නව මානයකට ගෙන යන්න මට අවශ්‍යයි" ඔහු පවසයි.
"ට්විටර් වලට දැවැන්ත විභවයක් තිබෙනවා. මම ඒ වෙනුවෙන් සමාගම හා පරිශීලකයින් සමඟ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ට්විටර් එහි වේදිකාවේ දිස්වන අන්තර්ගතය සම්බන්ධයෙන් දේශපාලඥයින් සහ නියාමකයින්ගෙන් දිනෙන් දින වැඩෙන පීඩනයට මුහුණ දෙන බැවින් මෙම පියවර ගෙන ඇත. එය අසත්‍ය ප්‍රචාර මෙම වේදිකාවේ කරන්නන් වැළැක්වීම සඳහා විචාරකයන්ගේ ද පිබිදීමක් ඇතිව තිබේ.
ට්විටරයේ ප්‍රබලතම පරිශීලකයා ලෙස සැලකිය හැකි හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "ප්‍රචණ්ඩකාරී" ප්‍රකාශ නිසා ඔහුව අවහිර කිරීමට ද ට්විටරයට සිදුවිය.
එම අවස්ථාවේ ඉලොන් පැවසුවේ "ගොඩක් දෙනෙක් මේ බටහිර තාක්ෂණික දැවැන්තයාගේ නිදහස් භාෂණය හැසිරවීම ගැන නොසතුටින් ඉන්නේ"
ඉලොන්ගේ මිලදී ගැනීම පිළිබඳ පුවත ඇමරිකාවේ ප්‍රීති ප්‍රමෝදයට හේතු වුව ද ෆොක්ස් නිවුස් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් සඳුදා පැවසූයේ තමා නැවත ට්විටරයට නොපැමිණෙන බව ය.
ට්විටරයේ හිමිකාරීත්වය පිළිබඳව ධවල මන්දිරය අදහස් දැක්වීමෙන් වැළකුණු නමුත් මාධ්‍ය ප්‍රකාශක ජෙන් ප්සාකි පැවසුවේ "කවුරු ට්විටරය අයිති කරගත්තත් විශාල සමාජ මාධ්‍යවල බලය ජනපතිතුමා අවබෝධ කරගෙනයි ඉන්නේ"
ට්විටර් හි එක්සත් රාජධානියේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්ය හා ක්රීඩා කමිටුවේ සභාපති ජූලියන් නයිට් ජූලියන් නයිට් මෙම ගනුදෙනුව හඳුන්වන්නේ "සමාජ මාධ්‍ය ලෝකයේ අසාමාන්‍ය පුවතක්" ලෙස ය.
"(නිදහස් භාෂණයට එරෙහි අයකු විසින් පාලනය කෙරෙන) පුද්ගලිකව අයිති සමාගමක් විදියට ට්විටරය කොහොම කටයුතු කරාවිද කියන එක බලන්නම වටිනවා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉලොන්ගේ ට්විටර්ඉතිහාසය
ෆලෝවර්ස්ලා මිලියන 80 කට වැඩි පිරිසක් සිටින ඉලොන් මස්ක් සහ ට්විටරයට මතභේදාත්මක ඉතිහාසයක් ඇත.
2018 දී ඇමරිකානු මුල්‍ය නියාමකයන් ඔහුට චෝදනා කළේ ටෙස්ලා ආයෝජකයන් නොමඟ යන ආකාරයේ ට්වීට් දමමින් ඩොලර් බිලියන 40ක ආයෝජන ගත් බවයි. ඉලොන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
2019 දී තායිලන්ත සිසුන් පිරිසක් බේරා ගැනීමට ඉදිරිපත් වූවෙකුට "ළමා අපයෝජකයා" යැයි කියූ ඔහුට නඩුවක් ද පැවරිණි. නමුත් ඉන් ජය ලබන්නට ඔහුට හැකි විය.
ජනමාධ්‍යවේදීන් හා විවේචකයින් සමඟ ගැටෙන ඉලොන් සඳුදා පැවසුවේ ට්විටරය යනු විවාදයක් තෝතරන්නක් බව ය.
"මාව දැඩිව විවේචනය කරන අයත් ට්විටරයේ ඉන්න එක හොඳයි. ඒකට තමයි නිදහස් භාෂණය කියන්නේ" මෙම මිලදී ගැනීමේ ගිවිසුම ප්‍රකාශයට පත් වන්නට පැය කිහිපයකට පෙර ඔහු ලීවේ ය.
මස්ක්ට ට්විටරය වෙනස් කළ හැකි ද?
මෙම මිලදී ගැනීමත් සමඟ කොටස් වෙළඳපොළින් ට්විටරයේ කොටස් ඉවත් කර පුද්ගලික අයිතියට පැවරෙනු ඇත.
ඉලොන් පවසන්නේ ඉන් තමාට එම ව්‍යාපාරය තුළ වෙනස්කම් කිරීමට අවස්ථාවක් ලැබෙන බවය.
ඔහුගේ අදහස් අතර, දිගු ට්වීට් දැමීමට හා දැමූ යමක් සංස්කරණය කිරීමට ඉඩ සැලසිය යුතු බව අඩංගු වේ.
ගනුදෙනුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සඳුදා ට්විටර් කොටස් 5% කට වඩා වැඩි විය.
එහෙත් කොටසක මිල ඩොලර් 54.20කටත් අඩු අගයක පැවතුණු නිසා වෝල් ස්ට්‍රීට් පවසන්නේ ඉලොන් ගෙවන මුදල ඉතා අධික එකක් බවයි.
ඉලොන් පවසා ඇත්තේ මිලදී ගැනීමේදී තමා "ආර්ථික විද්‍යාව ගැන සැලකිලිමත් නොවන" බවයි. කෙසේ වෙතත්, ඔහු මේ ගන්නට සැරසෙන්නේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාගත සමාගමකි.
ට්විටරයේ හැකියාව කෙසේ වුවත්, ට්විටර් යනු කලාතුරකින් ලාභ ලබන හා පරිශීලකයන් ලියාපදිංචි වන සේවාවක් බවට පත්ව ඇති අතර, විශේෂයෙන් එක්සත් ජනපදයේ එය මන්දගාමී වී තිබේ.
2004 දී ඇරඹුණු එය 2021 වන විට ඩොලර් බිලියන 5ක ආදායමක් සහ මිලියන 217ක දෛනික පරිශීලකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන නමුත් එය ෆේස්බුක් වැනි වෙනත් සේවාවන්ට සාපේක්ෂව ඉතාමත් අඩු අගයකි.
ට්විටර් මාණ්ඩලික සභාපති බ්‍රෙට් ටේලර් කියා සිටියේ ඉලොන්ගේ ඉල්ලීම මුළුමනින්ම තක්සේරු කර ඇති අතර ඉන් පෙනී ගොස් ඇත්තේ එය "ට්විටර් කොටස් හිමියන් සඳහා වන හොඳම මාර්ගය" බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ඉදිරියට කවුරුන් මෙම සමාගම පාලනය කරනු ඇත් ද යන්න නොපැහැදිලි ය. දැනට එය පරාග් අග්‍රවාල් කරනු ලබන්නේ නොවැම්බරයේ දී එය සම-නිර්මාතෘ හා ප්‍රධානී ජැක් ඩෝර්සි ගෙන් පරාග් භාරගැනීමෙන් පසුවයි.
නමුත් තම මිලදී ගැනීමේ යෝජනාව සමඟ ඉලොන් ට්විටර් මණ්ඩලයට පැවසුවේ "කළමනාකරණය ගැන මට විශ්වාසයක් නැත" යනුවෙනි.
ට්විටර්ගේ අනාගතය අවිනිශ්චිත බව අග්‍රවාල් මහතා සඳුදා සේවකයින්ට පැවසීය.
"මේ ගනුදෙනුව අවසන් වුණාම ට්විටරයට මොනවා වෙයිද දන්නේ නැහැ" ඔහු රොයිටර් පුවත් සේවයට කීවේය.
මෙම එකඟතාව ඇති වූයේ කෙසේද?
ඉලොන් ට්විටරය මිලදී ගන්නට යාම ඉතා වේගයෙන් සිදුවූවකි. අප්‍රේල් මුල ඉලොන් 9.2%ක හිමිකාරීත්වයක් සමඟ විශාලතම කොටස් හිමියා බවට පත් වීමත් සමඟ මෙය ඇරඹුණි.
අනතුරුව ඔහුට ට්විටර් මණ්ඩලයට එක්වීමට ආරධනා ලැබුණු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. අප්‍රේල් 14 වැනිදා සියල්ලන්වම පුදුම කරවමින් ඔහු නිදහස් භාෂණයේ වේදිකාව බඳු ට්විටරයේ වෙනස්කම් කරවීමට අවශ්‍ය බව පවසමින් මෙම මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කළේය.
15%කට වඩා කොටස් මිලදී ගත් අයගේ කොටස් ද්‍රවශීල කරන බවට තර්ජනය කරමින් ට්විටරය මෙය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ ගත් නමුදු ඉන් ඉලොන් තම ලංසුවට තව තවත් මූල්‍ය තොරතුරු එක් කිරීමත් සමඟ ඒවා පහව ගියේය.
ගනුදෙනුව සඳහා ඔහු ඩොලර් 25.5 ක මුදලක් ලබාගෙන ඇති අතර ව්‍යාපාරයේ ඩොලර් බිලියන 21 ක කොටස් ප්‍රමාණයක් ලබා ගනු ඇත.
අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව ලංසුව අනුමත කළ අතර එය දැන් කොටස් හිමියන්ගේ ඡන්දය සලකා බලනු ඇත.


ට්විටරයේ නව රජු: ඉලොන් මස්ක්
සිලිකන් වැලියේ බොහෝ දෙනාගේ අවධානයට මෙම ගනුදෙනුව පාත්‍රව ඇති අතර ක්ෂණයෙන් ඉලොන් මස්ක් යනු ට්විටරයේ රජු බවට පත්ව තිබේ.
ඔහු පවා පවසා ඇත්තේ මෙය "ආර්ථිකය" සම්බන්ධ යමක් නොව බලය සහ බලපෑම පිළිබඳ කාරණයක් බවය.
පුද්ගලික අයිතියට ගැනීමත් සමඟ ඔහු ට්විටරයේ පාලනය අතට ගනු ඇත.
එවිට ඔහුට කැමත් යමක් කළ හැක. ඒ සමඟ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ට්විටරයට ලැබෙනු ඇත.
මහජනයාට ට්විටරය ක්‍රියා කරන ආකාරය දැනගැනීමට හැකි වන අයුරින් ඇල්ගොරිතම ප්‍රසිද්ධ කරන බව ද ඔහු කියයි.
අනතුරුව ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දොරටු විවර කරනු ඇති නමුත් ට්‍රම්ප් තමාගේම ටෘත් සෝෂල් නමැති සමාජ මාධ්‍ය සේවාව භාවිතා කිරීමට කැමති බව කියයි.
වසර ගණනාවක් තිස්සේ මධ්‍යස්ථ මතධාරීන් තර්ක කර ඇත්තේ ට්විටර් සමාගම ඔවුන්ට එරෙහිව පක්ෂග්‍රාහී බව යි - එහෙත් මෙම පුවත එක්සත් ජනපදයේ රිපබ්ලිකානුවන් සතුටට පත් කර ඇත.
ශක්තිමත් වේදිකා මධ්‍යස්ථකරණයකින් තොරව ට්විටර් කෙබඳු විය හැකිද යන්න ගැන අනෙක් මතධාරීන් කලකිරීමට පත්ව ඇත.
ඉලෝන් මස්ක් කොපමණ විවේචන සඳහා සූදානම් දැයි සිතා ගැනීමට QAnon කුමන්ත්‍රණ න්‍යාය හෝ Stop the Steal ව්‍යාපාරයට සම්බන්ධ කණ්ඩායම් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් Facebook වෙත කොපමණ විවේචන ලැබී තිබේද යන්න පමණක් ඔබ සොයා බැලිය යුතුය.
ට්විටර් දැන් මුහුණ දී ඇති අනතුර නම් සමාජ මාධ්‍යවල කථනයේ අසීමිත නිදහස ඉතා කැත, ඉතා ඉක්මනින් විය හැකි වීමයි.











