බොලිවුඩය: අමීර් ඛාන් සහ කිරන් රාඕ වෙන් වෙති

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සහ සිනමා නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්ෂිකාවක වන කිරන් රාඕ ඔවුන්ගේ වසර 15 ක විවාහ දිවියට සමුදී වෙන්වන බව නිවේදනය කරති.
වෙන් වුවත් එකට එක්ව සිය පුතු උස්මහත් කරනු ඇති බව ඔවුන් දෙපල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම තවදුරටත් දෙදෙනා එක්ව සිනමා ව්‍යාපෘති සිදු කරනු ඇති බවත් එහි සඳහන් වේ.
"එක්ව ගත කළ මේ පහළොස් වසර තුළ අප ජීවිත කාලයක අත්දැකීම්, සතුට සහ සිනහව බෙදා ගත්තා" යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, @_kiranraokhan/insta
56 හැවිරිදි අමීර් සහ 47 හැවිරිදි කිරින් පළමු වරට හමු වූයේ 2001 වසරේදීය.
ඉන් සිව් වසරකට පසු ඔවුන් දෙපල විවාහ වූහ.
"තවදුරටත් අඹු සැමියන් වශයෙන් නොසිට: මවක, පියෙකු ලෙස සිටිනා අතරතුර එකිනෙකා වෙනුවෙන් වෙන්වූ පවුලක් සමග අපගේ ජීවිතවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට" අවශ්‍ය කර තිබේ යනුවෙන් පැවසීය.
සිය සම්බන්ධය විශ්වාසය, එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය සහ ආදරය මත පමණක් වර්ධනය වූ" බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
පනස් වසරකට ආසන්න වෘත්තීය දිවිය තුළ අමීර් ඛාන් බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය සිනමා නළුවෙකු වශයෙන් තහවුරු විය.
ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ඔහුගේ රසිකයෝ විසිර සිටිති. චීනය ඒ අතර විශේෂ වේ.
ඉන්දියාව තුළ "අන්මත නොඉවසීමේ" වර්ධනයක් ඇති බවට මුස්ලිම් භක්තිකයෙකු වන අමීර් ඛාන් 2015 වසරේදී කළ ප්‍රකාශය එරට ප්‍රධාන පුවතක් බවට පත් විය.
ඔහු ඒ සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) විවේචනයට ලක් විය.
එහෙත් තමා හෝ හින්දු භක්තිකයෙකු වන කිරන්ට රටහැර යාමේ බලාපොරොත්තුවක් නොමැති බව අමීර් එවක පැවසීය.
අමීර් ඛාන් මීට පෙර රීනා දත්තා සමග විවාහ වී සිටි අතර එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිති.
බොලිවුඩය ගැන තවත් පුවත්:










