ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර්ජාලයෙන් ගෙදරටම භාණ්ඩ - ශ්‍රී ලංකාවේ තත්ත්වය කුමක්ද?
විද්‍යුත් තාක්ෂණය උපයෝගීකර ගනිමින් භාණ්ඩ සහ සේවා සැපයුම කලක පටන් ජනප්‍රියවෙමින් තිබෙන අතර කොවිඩ් වසංගතයත් සමඟ ලෝකය පුරාම බොහෝ රටවල එම ගනුදෙනු විලාසයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව තුළත් අභ්‍යන්තර වෙළෙඳපොළෙන් සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ආයතනවලින් භාණ්ඩ ඇණවුම් කිරීමේ එක්තරා වර්ධනයක් දක්නට ලැබෙයි.
කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේ දී ශ්‍රී ලංකාවේද අන්තර්ජාල වෙළෙඳාම ඉහළ ගිය අතර දෙවෙනි සහ තුන්වෙනි රැල්ලේ දී යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බවක් පෙනී යන්නේ යැයි 'ඇඩ්වොකාටා' පර්යේෂණ ආයතනයේ (Advocata Institute) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දනනාත් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.
වසංගතය ආරම්භයේ දී ප්‍රකාශයක් කළ කීල්ස් සමාගමේ නිල වෙබ් අඩවිය "නොසිතූ පිරිදි ඉන්ටර්නෙට් හරහා කෙරෙන ඇණවුම් සංඛ්‍යාව වැඩි වූ'' බව ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව එවක ඔවුන් සිය වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කිරීමට පවා පියවර ගෙන තිබුණි.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිය සහ මිලදී ගැනීම ජනප්‍රියවෙමින් පවතින අතරවාරයේ සපයනු ලබන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් චෝදනා කෙරෙන අවස්ථා ද වේ.
චෝදනා මොනවාද?
"මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවහම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ" තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.
මෙය පසුගිය මාර්තු මාසයේ පැවැත්වූ සාකච්ඡාවක දී තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයේ දැහැමි රණවීර සමඟ වැඩිදුරටත් සඳහන් කළේ ''විටින් විට විවිධ නම්වලින් පෙනී සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන ආයතනයකින් භාණ්ඩ ඇණවුම් කර ඇති අතර, ඇණවුම් කරන ලද භාණ්ඩවලට වඩා හාත්පසින් වෙනස් භාණ්ඩ'' ඇයට ලැබුණු බවය.
එම සාකච්ඡාව කළ දැහැමි රණවීර ද පසුගියදා එවැනි පෞද්ගලික අත්දැකීමකට මුහුණ දුන්නාය.
''මම ලංකාවේ එක්තරා අන්තර්ජාල වෙළෙඳ කටයුතුවල නිරත එක්තරා සමාගමකින් අත්බෑගයක් ඇණවුම් කළා. නමුත් ඔවුන් සපයා තිබුණේ මම ඇණවුම් කළ වර්ණය සහිත භාණ්ඩය නොවෙයි. ඒ හැරුනුවිට එම භාණ්ඩය පුස් බැඳුනු එකක්'' දැහැමි රණවීර පවසන්නීය.
ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරය ඇයට කණගාටුව පළකර ඇත.
කොවිඩ් වසංගතයත් සමඟ අන්තර්ජාල වෙළෙඳාම ලෝකය පුරාම වේගයෙන් ඉහළ ගිය අතර එය මහජන ජීවිතයේ අංගයක්ව ඇත. මහා පරිමාණයේ භාණ්ඩ පමණක් නොව අල්පෙනෙති හෝ ඉදිකටු වැනි කුඩා පාරිභෝගික භාණ්ඩ මෙන්ම දෛනික මට්ටමින් පරිභෝජනය කරන ආහාරපාන ආදිය පවා නිවසටම සැපයීමට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ සපයන සමාගම් සැදී පැහැදී සිටිති.
එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය වන්නේ අන්තර්ජාල වෙළෙඳාම ක්‍රමයෙන් පණ ලබමින් ඇතත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන ආයතන ඔවුන්ගේ වගකීම හරිහැටි ඉටු නොකරන බවට නැගෙන චෝදනා ය.
අන්තර්ජාල වෙළෙඳාමේ දී සිදුකෙරෙන වංචා සම්බන්ධයෙන් ඇතැමුන් සමාජ මාධ්‍ය ජාලයේ අදහස් පළකර තිබූ අතර එවැනි වංචා දිගටම සිදුවන බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබී ඇත.
මේවනවිට ශ්‍රී ලංකාවේ ඇතැම් පවුල් ආහාර ද්‍රව්‍ය ආදිය පවා අන්තර්ජාලයෙන් ඇණවුම් කරති.
අන්තර්ජාල ඇණවුම් ඔස්සේ ආහාර ද්‍රව්‍ය සපයන ලංකාවේ සමාගමක් විසින් තමන්ට සපයන ලද ඇතැම් ආහාරවර්ග ගැන "සෑහීමකට පත්විය නොහැකි" බව' රත්නපුර ප්‍රදේශයේ ගෘහනියක් බීබීසී සිංහල සේවයට සඳහන් කළාය.
එක්සත් රාජධානියේ තත්ත්වය කුමක්ද?
එක්සත් රාජධානියද ඇතුළුව යුරෝපයේත් වෙනත් බොහෝ රටවලත් පවතින්නේ ඊට වඩා වෙනත් තත්ත්වයකි. එම රටවල අන්තර්ජාල වෙළෙඳාම මහජන ජීවිතයේ අංගයක්ව පැවතුන අතර කොවිඩ් වසංගතයත් සමඟ රටවල් 'ලොක්ඩවුන්' කිරීම එම වෙළෙඳාම විශාල වේගයකින් ඉහළයාමට හේතුවී ඇත.
''මම මේ සමාගමේ අවුරුදු තිහක් තිස්සේ වැඩ කරනවා. මේතරම් ඉල්ලුම ඉහළ ගිය කාලයක් මම දැකල නැහැ'' එක්සත් රාජධානියේ වෙළෙඳ ව්‍යාපාරයක කටයුතු කරන රොබින් වුඩ්බ්‍රිජ් (Robin Woodbridge) බීබීසියට පැවසීය.
ඔහු සේවය කරන 'Prologis' ව්‍යාපාරය එක්සත් රාජධානිය පුරා වෙළෙඳ සමාගම්වලට ගබඩා පහසුකම් සපයයි.
'Prologis' ව්‍යාපාරය ඔවුන්ට හැකි තරම් වේගයකින් අවශ්‍ය පහසුකම් ගොඩනඟමින් ඇත. එහෙත් පසුගිය අවුරුදුවල අන්තර්ජාල වෙළෙඳාම කෙරෙහි ඇතිවූ ඉතා ඉහළ මට්ටමේ ඉල්ලුමත් සමඟ සමඟ ඔවුහු දැඩි අරගලයක නිරතවෙමින් සිටිති.
කොවිඩ් වසංගතය අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවලට අදාළ ප්‍රවණතා වේගවත් කරන අතර ගබඩා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද විශාල ඉල්ලුමක් ඇතිකරනු ලැබ ඇත.
''අපි ලාභ උපයාගැනීමේ අපේක්‍ෂාවෙන් ගොඩනැගිලි ඉදිකරමින් සිටිනවා. ඒවායේ වැඩ අවසන්වීමටත් පෙර ඉල්ලුම්කරුවන්ට කුලියට දීමට සිදුවෙනවා. මෙවැනි තත්ත්වයක් නිතරම මෙන් තිබුණේ නැහැ'' 'Prologis' ව්‍යාපාරයේ ප්‍රාග්ධන සංවර්ධන අංශයේ ප්‍රධානී රොබින් වුඩ්බ්‍රිජ් (Robin Woodbridge) පවසයි.
එක්සත් රාජධානියේ ගබඩාකරුවන්ගේ සම්මේලනයේ අනුග්‍රහය ඇතිව 'Savills' ආයතනය විසින් කරන ලද අලුත් සමීක්‍ෂණයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ පසුගිය වසර හයක කාලය තුළ ගබඩා ඉඩකඩ සඳහා ඇති ඉල්ලුම පුදුමය දනවන සුලු මට්ටමින් වැඩිවූ බවය. එම ඉල්ලුම මේවනවිට 32%කින් වැඩිවී ඇත. එම ඉඩ ප්‍රමාණය අතිරේක පාපන්දු ක්‍රීඩාංගන 2,396ක් තරම් විශාල වූ භූමි ප්‍රමාණයකි.
කලින් එම පහසුකම් සලසාගන්නා ලද්දේ ප්‍රධාන වෙළෙඳපොලේ සාප්පු හිමියන් විසිනි. එහෙත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් ඒවා ආකර්ෂණය කරගනු ලබන්නේ අන්තර්ජාලයේ භාණ්ඩ අලෙවිකරණ ව්‍යාපාරික සමාගම් විසිනි.
පදිංචිය පිළිබඳ මිශ්‍රණය ද වෙනස් වී ඇත. 2015 දී, හයිට්‍රීට් සිල්ලර වෙළෙන්දෝ ප්‍රමුඛ පදිංචිකරුවන් වූ නමුත් දැන් අපගේ අන්තර්ජාල සාප්පු සවාරි බොහොමයක් සපුරාලන සහ ලබා දෙන DHL සහ 'යෝඩෙල්'(Yodel) වැනි තෙවෙනි පාර්ශවීය සැපයුම්කරුවන් ඔවුන් අභිබවා ගොස් ඇත.
තවත් තොරතුරු;