කොරෝනා වෛරසය: ඉන්දියාවේ දිනක ආසාදිතයන් ලක්ෂය ඉක්මවද්දී එන්නත් කිරීම් කඩිනම් කෙරෙයි

A woman reacts as she receives a dose of COVISHIELD coronavirus disease (COVID-19) vaccine manufactured by Serum Institute of India, at an auditorium that has been converted into a temporary vaccination centre in Ahmedabad, India, March 24, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය.

වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි.

වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත විසින් බැංකු සේවකයන් සහ නීතීඥයන් වැනි විශේෂ කණ්ඩායම් ද ඉලක්ක කර ගනිමින් එන්නත් ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

මේ දක්වා එන්නත් මිලියන 80 ක් පමණ ලබා දී ඇති අතර ඉන් වැඩි දෙනෙකු අත්‍යවශ්‍ය සේවාවලට අයත් සහ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ය.

Senior citizens waits to get their first dose of a Covid-19 vaccine shot, manufactured by Serum Institute of India, inside a Vaccination Centre at Shatabdi Hospital in Mumbai, India, 12 March 2021.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වයස අවුරුදු 45 ඉක්මවූ ඕනෑම අයෙකුට අප්‍රේල් 01 වෙනිදා සිට එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී

මාධ්‍යවේදීන්, බැංකු සේවකයන් සහ නීතීඥයන් සඳහා විශේෂ එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කර තිබේ. අසල්වැසි උත්තර්කාන්ද් ප්‍රාන්තය ද ඒ හා සමාන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කරමින් සිටී.

ලොව විශාලතම එන්නත්කරණය බවට පත්ව ඇති මෙම වැඩසටහනේ ඉලක්කය, ජුලි මස වන විට එන්නත් මිලියන 250ක් ලබා දීමය. එහෙත් එම ඉලක්කය සපුරා ගැනීමට දැනට පවතින වේගය තවත් ඉහළ නංවා ගත යුතු බව විශේෂඥයෝ පවසති.

අප්‍රේල් 01 වෙනිදා එන්නත් ලබා දීමේ තෙවෙන අදියර ආරම්භ වූයේ කොවිඩ්-19 රෝගීන්ගේ තියුණු වර්ධනයක් පෙන්නුම් කෙරෙමින් තිබියදීය. ඇමරිකා එක්සත් ජනපදයෙන් පසු, එක් දිනකදී කොරෝනා වෛරස් ආසාදිතයන් ලක්ෂය ඉක්මවූ දෙවෙනි රට බවට ඉන්දියාව පත් විය. ඉන් අඩකට වැඩි පිරිසක් හඳුනා ගෙන ඇත්තේ ඉන්දියාවේ විශාලතම නගරය වන 'මුබ්බායි' අයත් මහාරාෂ්ට්‍ර ප්‍රන්තයෙනි.

මේ වසර මුලදී එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ වැටිණි. ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ ආසාදන සංඛ්‍යාව 15,000 ට අඩු මට්ටමක විය. එහෙත් මාර්තු මස යළිත් ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. පරීක්ෂා කිරීමේ සහ හඳුනා ගැනීමේ ක්‍රමවේද අඩු වීම සහ ආරක්‍ෂිත පියවර පිළිබඳ අඩු සැලකිල්ලක් දැක්වීම ඊට විශාල වශයෙන් හේතු වී තිබේ.

ජනතාවගේ නොසැලකිලිමත් භාවය සහ ආණ්ඩුව වෙතින් ලැබෙන ව්‍යාකූල පණිවුඩ ඉන්දියාවේ දෙවෙනි රැල්ල තවත් ඉහල නැංවීමට හේතු වී ඇති බව විශේෂඥයන්ගේ අදහසයි.

වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියන 12 වාර්තා වී ඇති අතර 165,000 අධික සංඛ්‍යාවක් ඉන් මරණයට පත්ව තිබේ. එක්සත් ජනපදය සහ බ්‍රසීලයෙන් පසු කොරෝනා වෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රට ඉන්දියාවයි.

මේ ගැනත් කියවන්න: