ඇමරිකාවේ කෝලාහල: ප්‍රහාරයෙන් පසු කොංග්‍රසය ජෝ බයිඩන්ගේ ජය සහතික කරයි

A pro-Trump mob breaks into the U.S. Capitol on January 06, 2021 in Washington, DC.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කලහකාරීන් කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළු වෙමින්

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය එක්සත් ජනපද කොංග්‍රසය විසින් සහතික කරනු ලැබීය.

එම පියවර ගනු ලැබුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂිංටන් DC හි පිහිටි කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පැය කීපයකට පසුවය. එම කළහකාරී තත්ත්වය මැද පුද්ගලයන් සිව් දෙනෙකු ද මරණයට පත්ව තිබේ.

කොංග්‍රස් ගොඩනැගිල්ල වෙත කඩා වැදුණු කලහකාරීන් පොලිසිය විසින් ඉන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව සෙනෙට් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයෝ සිය සභා වාර යළි ආරම්භ කළහ. ඒ, ජනාධිපතිවරණයෙන් ලද පරාජය කණපිට පෙරලීමේ උත්සාහයක යෙදී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් කලහකාරීන් දිරිමත් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටි පසුබිමකදීය.

කොංග්‍රසය විසින් දෙන ලද සහතිකය හමුවේ ජනවාරි 20 වෙනිදා ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට ජෝ බයිඩන්ට මග හෙළි වේ.

"ක්‍රමවත් බල හුවමාරුවක්" සිදුවනු ඇති බවට ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

A supporter of US President Donald Trump sits at the desk of US House Speaker Nancy Pelosi

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කොංග්‍රස් ගොඩනැගිල්ලේ පිහිටි, කථානායක නැන්සි පෙලෝසිගේ කාර්යාල පුටුවේ අසුන්ගෙන සිටි ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවෙක් තබා ගිය පණිවුඩයක දැක්වුණේ "අපි පසුබසින්නේ නැහැ," යනුවෙනි

උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මූලාසනය හොබවන ලද බ්‍රහස්පතින්දා (ජනවාරි 07) උදෑසන පැවති ඒකාබද්ධ සැසියක දී ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබිණි. එහිදී උප ජනාධිපතිවරයා විසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා හඳුන්වනු ලැබුවේ "එක්සත් ජනපද කොංග්‍රස් ගොඩනැගිල්ල හා බැඳුනු ඉතිහාසයේ අඳුරු දිනයක්" ලෙසය.

උප ජනාධිපති මයික් පෙන්ස්, ඒකාබද්ධ සැසියේ මුලසුන හෙබවීය. කතානායිකා නැන්සි පෙලෝසි පසෙකින්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උප ජනාධිපති මයික් පෙන්ස්, ඒකාබද්ධ සැසියේ මුලසුන හෙබවීය. කතානායිකා නැන්සි පෙලෝසි පසෙකින්.

පසුගිය නොවැම්බර් 03 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පසු, එහි ප්‍රතිඵල මුල් කර ගනිමින් විරෝධතා දියත් වූ අතර එය උච්ඡස්ථානයකට පැමිණියේ බදාදා (ජනවාරි 06) හටගත් ව්‍යාකූල වාතාවරණය හමුවේ කොංග්‍රස් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමේ උත්සාහයත් සමගය.

කලහකාරීන්ට "නිවෙස් බලා යන" ලෙස ජනාධිපති ට්‍රම්ප් පවසද්දී ජෝ බයිඩන් විසින් ඉහත කී ක්‍රියාව හඳුන්වනු ලැබුවේ රාජ්‍යයට එරෙහි "කැරැල්ලක්" ලෙසය. ජනාධිපතිවරයා සිය ආධාරකරුවන්ගෙන් එසේ ඉල්ලා සිටින අතරතුර මැතිවරණ දූෂණ සිදුව ඇති බවට යළි යළිත් බොරු චෝදනා ඉදිරිපත් කළේය. ඔහුගේ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් ඉන් අනතුරුව තාවකාලිකව අත්හිටුවීමට එම සමාජ ජාල ක්‍රියා කර තිබිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස

විදේශ නායකයෝ හෙලා දකිති

Tear gas is used to disperse protesters at the Capitol building

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කැපිටල් ගොඩනැගිල්ල

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ අතර අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයන්ගේ හෙලා දැකීමට ලක්විය.

ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කැනඩාව "දැඩි කම්පනයට පත් වූ" බව කැනඩාවේ විදේශ ඇමතිවරයා සඳහන් කළ අතර, ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය කියා සිටියේ එය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවය.

මේ ගැනත් කියවන්න: