කෝවිඩ් වසංගතය හමුවේ ලොව පුරා රටවල 2021 නව අවුරුදු උදාව සැමරූ හැටි

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ලොව පුරා බොහෝ රටවල කොරෝනාවෛරසයේ නව ප්‍රභේද පැතිර යමින් පවතින බැවින් නව වසර උදාවීම අන් වසරවල තරම් උත්සවාකාරයෙන් පැවැත්විය නොහැකි විය.
සිඩ්නි සිට නිව්යෝක් දක්වා බොහෝ නගරවල මල්වෙඩි සංදර්ශන සහ මහජන රැස්වීම අවලංගු කර තිබිණ.
ඉතා ඉක්මනින් පැතිර යන බව විශ්වාස කෙරෙන කෝවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් විශේෂයෙන්ම යුරෝපය පුරා රටවල උත්සව දැඩිව සීමා කර තිබිණ.
ලන්ඩන්

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනතාව රැස්වීම සීමාකර තිබූ නමුත් ලොව පුරා බොහෝ රටවල මනස්කාන්ත මල්වෙඩි සංදර්ශන පැවති අතර, විශේෂයෙන්ම ලන්ඩන් නුවර සංදර්ශනය ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන්ට ප්‍රණාමය පිදීම පිණිස සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම උදෙසා වෙන්වීම කැපී පෙනිණ.
ලන්ඩන් නගරයේ විවිධ ස්ථානවල සිට එලි දැක්වුණ මල්වෙඩි සංදර්ශනය, ජාතීන් අතර සමගිය ප්‍රවර්ධනය මෙන්ම ලෝක සාමය උදෙසා ද විශේෂ පණිවුඩයක් සටහන්ව තිබිණ.
ජනවාරි 10 වෙනි දින දක්වා ජර්මනිය ලොක්ඩවුන් කොට තිබෙන අතර, ගිනිකෙළි විකිණීම ද තහනම් කොට තිබේ.
පැරිස්
නව අවුරුද්ද උදාවන අවස්ථාවේ රාත්‍රියේ පණවා තිබූ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සහ අවුරුදු සාද වැළැක්වීම පිණිස ප්‍රංශය ලක්ෂයක පොලිස් බලකායක් රට පුරා යොදවා තිබිණ.
පැරිස් නුවර අඩකට වැඩි උමං දුම්රිය සේවා වසා දැමිණ.
මේ වනවිට ප්‍රංශය දෙවතාවක් ලොක්ඩවුන් ක්‍රියාත්මක කළ අතර, අවන්හල්, ආපනශාලා සහ සියලු සංස්කෘතික මධ්‍යස්තාන නව වසරේ ද වසා දමනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
නිව්යෝක්
උත්සව සිරිය නැරඹීම පිණිස නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රයට ඇතුළු වීමට අවසර දී තිබුණේ ඉතා සුළු පිරිසකට පමණය. සෞඛ්‍ය අංශය ඇතුළු වසංගතය සම්බන්ධයෙන් ක්‍රියාකරන ඉදිරිපෙළ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එහිදී ප්‍රමුඛත්වය හිමිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුරා මිලියන 1.8 කට අධික පිරිසකට මේ වනවිට ජීවිත අහිමි වී ඇති අතර, මිලියන 81 කට වැඩි පිරිසකට රෝගය ආසාදනය වී තිබේ.
වූහාන්
චීනයේ බෙයිජිං අගනුවර වාර්ෂිකව පැවැත්වෙන නව අවුරුදු උදාවේ මල්වෙඩි සංදර්ශනය අවලංගු කොට තිබිණ.
කෙසේවුවත්, වසංගත ආරම්භ වූ බව විශ්වාස කෙරෙන වූහාන් නගරයේ බැලූන මුදා හැරෙන අවස්ථාව නැරඹීම පිණිස දහස් ගණන් ජනතාව නගර මධ්‍යයට රැස්ව සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, EPA
කියවන්න:










