ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා සිය පළමු දරුවා අපේක්ෂාවෙන්
බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ.
ඔවුන්ගේ නම් දෙක එකට එක් කර 'Viruskha' යන නමින් පවත්වාගෙන යන ට්විටර් ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කර තිබූ අතර, එය අන්තර්ජාලය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබිණ.
"එහෙනම් අපි තුන්දෙනෙක් වෙනවා! 2021 ජනවාරි පැමිණීමට නියමිතයි," අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි යන දෙදෙනාම ඔවුන්ගේ ගිණුම්වල පළ කර ඇත.
මේ ප්‍රසිද්ධ තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේදී ඉතාලියේදී විවාහ වූයේ සමීපතමයන් පමණක් සහභාගි වූ උත්සවයක් පවත්වමිනි.
බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් වන ආලියා බාත්, වරුන් ධවාන් සහ ප්‍රියංකා චොප්රා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුන්ට සිය සුබ පැතුම් එක් කර තිබිණි.
නිවේදනය නිකුත් කර කෙටි වේලාවකට පසු විශාල රසිකයන් පිරිසක් මෙම පුවත සැමරීම පිණිස ට්විටර් ජාලයට පිවිස තිබෙන ආකාරය දක්නට ලැබිණි.
මෙම යුවළ සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය අතර ඔවුන්ට මිලියන ගණනක රසිකයන් පිරිසක් සිටිති. දරුවා අපේක්ෂාවෙන් සිටින බව අනුෂ්කා ෂර්මා ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ සටහනට පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ 'ලයික්' මිලියන 2.6 ක් ලැබී තිබිණ.
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ ඉතා සාර්ථක රංගන ශිල්පිනියකි. පී.කේ, සුල්තාන්, දිල් ධදක්නේ දෝ සහ ඒ දිල් හයි මුෂ්කිල් යන සිනමා කෘති තුළින් ඇය වඩාත් ජනප්‍රිය වූවාය. මෑතකදී විවේචනයට තුඩු දුන් 'පාටාල් ලොක්' අපරාධ කතා මාලාව නිෂ්පාදනය කළාය.
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා විරාත් කෝලි සිය රාජකීය චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ඩුබායි වෙත ගොස් සිටියි.
ඉන්දියාවේ කෝවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඩුබායි හිදී පැවැත්වේ.