Shaadi.com: මනාලියන්ගේ හමේ පාට වෙනස් කිරීම නතර කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Meghan/Hetal
'Shaadi.com' මගුල් කපුකම් කරන අන්තර්ජාල වෙබ් අඩවියකි.
එහි පළ කෙරෙන ශුභ සරණ දැන්වීම්වලට ඇතුළත් පින්තූරවල සමේ පැහැය ඔපවත් කරන මෘදුකාංගයක් (skin tone filter)ඉවත් කිරීමට Shaadi.com වෙබ් අඩවිය පියවර ගෙන තිබේ.
ඔවුන් එවැනි පියවරක් ගෙන තිබෙන්නේ එම වෙබ් අඩවියට පිවිසෙන්නන්ගෙන් එල්ල වූ බලපෑමෙන් අනතුරුවය.
හේටල් ලකානි (Hetal Lakhani) ඇමෙරිකා එක්සත් ජනපදයේ 'Dallas' හි තරුණියකි. පින්තූරවල සමේ පැහැය ඔපවත් කරන මෘදුකාංගය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට මුල්වූ අන්තරජාල පෙත්සම ආරම්භ කරන ලද්දේ 'හේටල්' විසිනි.
'හේටල්' එවැනි අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබෙන්නේ, පසුගියදා පැතිරයමින් තිබුණ වර්ණභේදවාදයට එරෙහි විරෝධතා ව්‍යාපාර අතරවාරයේ එම මෘදුකාංගය පිළිබඳව ප්‍රශ්න කළ අන්තර්ජාලයට පිවිසෙන තමා වැනි තවත් කෙනෙකු සමඟ සාකච්ඡා කරනු ලැබීමෙන් අනතුරුවය.
"එම මෘදුකාංගය වෙනත් කිසිදු අරමුණක් සඳහා නොව සමේ කැඩුන බිඳුන හෝ දිරාපත් තැන් සැකසීමක් සඳහා පාවිච්චි කරන ලද්දක්," යයි 'Shaadi.com' වෙබ් අඩවිය පවසයි.
එම වෙබ් අඩවියේ දැන්වීමක් පළකර ගැනීමට ඉල්ලා සිටින්නන්ට අදාළ පින්තූරයේ චර්ම විලාශය කෙසේ විය යුතුද? යන්න සම්බන්ධයෙන් තෝරා ගැනීමක් සඳහා අවස්ථාව විය. ඒ අනුව පින්තූරයේ ඡවි වර්ණය අඳුරු හෝ පැහැපත්ව තිබිය යුතුද යන්න පිළිබඳව ගනුදෙනුකරුවන්ගෙන් විමසනු ලැබුණි.
ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට තමා මනාප ඡවි වර්ණය අනුව ගැලපෙන සහකරුවන් සහකාරියන් සොයා පිරිසීමට දොරක් විවෘත විය. එහෙත් සියලු ඡවි වර්ණයන්ට ගැලපෙන පිරිසුම් සඳහා යොදාගත නොහැකි වූ බව 'Shaadi.com' පවසයි.
මගුල් කපුකම් කරන සෙසු මංගල වෙබ් අඩවිවලට සාපේක්ෂව 'Shaadi.com' අඩවිය සුවිශේෂ ස්වභාවයක් ගනියි.ඊට හේතුව දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව යෝජිත විවාහවල දී සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට උදව් කෙරෙන මගුල් කපුවාගේ කාර්යභාරය එම වෙබ් අඩවිය තමන් වෙත පවරා ගනිමින් එය ඉටුකරනු ලැබීමය.

ඡායාරූප මූලාශ්‍රය, Meghan
මෙගාන් නාග්පාල් (Meghan Nagpal) තමා වැනි ඉන්දියානු සම්භවයක් සහිත ජීවන සහකරුවකු සොයා ගැනීමට 'shaadi.com' වෙබ් අඩවිය සෝදිසි කළ ඉන්දීය තරුණියකි.
"මම shaadi.com එකට ඊමේල් පණිවුඩයක් යැව්වා. ඒ වෙබ් අඩවියේ නියෝජිතයෙක් මට කිව්වා- දෙමව්පියන්ගෙන් අති බහුතරය සමේ පැහැය ඔපවත් කරනු ලබන මෘදුකාංගය උපයෝගී කර ගැනීම ඉල්ලා සිටින බව," මෙගාන් නාග්පාල් 'BBC Asian Network' වැඩ සටහනට ප්‍රකාශ කළාය.
මෙගාන් එම වර්ණ ගැන්වීමේ මෘදුකාංගය පිළිබඳව ෆේස්බුක් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කළාය. එම කණ්ඩායමට හේටල් ලකානි ද ඇතුළත්ය.
'මට හරිම දුකක්'
"මෙගාන් මේ කාරණය අපේ ෆේස්බුක් කණ්ඩායමත් එක්ක හුවමාරු කර ගත්තම මට ඇතිවුනේ විශාල දුකක්. මොකද? සමාගමකට සමාජමය වගකීමක් තියෙන්න ඕන," හේටල් පවසන්නීය.
"මට ඔවුන්ගේ වැඩ පිළිවෙල වෙනස් කෙරෙන ආකාරයට මේක හසුරුවන්න අවශ්‍ය කළා. ඒ නිසා තමයි- මම අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කළේ."
"පෙත්සම පටන්ගත්ත ගමන්ම ඒක පැතිරිලා ගියේ ලැව් ගින්නක් වගෙයි. පළමු පැය දාහතර ඇතුළත අත්සන් 1,500ක් එකතු වුනා. මේ කාරණය මතුකිරීම ගැන මහජනයා ගොඩාක් සතුටු වුනා."

ඡායාරූප මූලාශ්‍රය, change.org
අනතුරුව 'Shaadi.com' ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රතිචාරය දැක්වූ අතර, අදාල මෘදුකාංගය එක රැයක් ඇතුළත ඉවත් කරනු ලැබ ඇති බව මෙගාන් සහ හේටල් පවසති.
"මෙය ලෝක මට්ටමින් ගත්තාම දකුණු ආසියානු ප්‍රජාව ඇතුළත 'සමානත්වය' තහවුරු කරනු ලැබීම වෙනුවෙන් එහි අවසාන ඉලක්කය කරා ළඟාවීම අතින් තබන ලද පුංචි පියවරක්' පමණයි," මෙගාන් පවසන්නීය.
හේටල් ද එම අදහස සමඟ එකඟවෙමින් මෙලෙස සඳහන් කළාය.
"මට මගේ අවිවාහකයන් ඉන්නවා. මට ප්‍රධානීන්, ස්වාමිවරුන් ඉන්නවා. නමුත් හමේ පාටට ඔවුන් මගෙන් ඈත් කරන්න පුළුවන් නම් ඒක හරිම නරක දෙයක්."
දකුණු ආසියානු වර්ණ උන්මාදය
ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් පසු ලෝකය පුරා වර්ගවාදයට එරෙහි මහජන විරෝධතා ව්‍යාපාර දියත්වීමත් සමඟ දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන 'වර්ණ උන්මාදය' කෙරෙහිත් අවධානය යොමුවන්නට විය.
එම සන්දර්භය තුළ ඉන්දීය සිනමා නළුවන් පවා විවේචනයට ලක්විය.
"බොලිවුඩ් සිනමා තරු එක අතකින් සිරුරේ සම පැහැපත් කෙරෙන ආලේපවර්ග වෙනුවෙන් පෙනී ඉන්නවා. අනිත් අතින් ඔවුන් 'කළු ජීවිතවලටත් වටිනාකමක් ඉල්ලා සිටින (Black Lives Matter movement) ව්‍යාපාරය වෙනුවෙනුත් පෙනී සිටිනවා," මෙගාන් පෙන්වා දුන්නාය.
"පැහැපත් ඡවි වර්ණයක් තිබීම වඩාත් හොඳය කියන මුල්බැසගත් දකුණු ආසියානු සංස්කෘතිකමය ආකල්පයක් පැහැදිලිවම පැවතීම ගැන මම සිතා බලමිනුයි හිටියේ. ඒ ආකල්පය ගෑනු-පිරිමි ජෝඩු කරන අන්තර්ජාල පුරා ඉහවහා ගිහින් තියන හැටි දකින්න ලැබුනා."
"අපේ ප්‍රජාව අතර වැඩිහිටියන් අදහස් පළ කරද්දී, වැඩි වශයෙන් අහන්න ලැබෙන්නේ පුරුෂයන්ට වඩා ගෑනුන්ගේ හමේ පාට ගැන උනන්දුවෙන බවක්. 'ඒ කෙල්ලගේ පාට හොඳයි'. 'ඒ කෙල්ල හරිම ලස්සනයි' ඔය වගේ කියමන් අපට අහන්න ලැබෙනවා. මම හිතන හැටියට මේක අවිඥානික පක්ෂග්‍රාහීභාවයකට වඩා වැඩිමනත් දෙයක්."

ඡායාරූප මූලාශ්‍රය, Hetal
"ජාත්‍යන්තර තලයේ ක්‍රියාත්මක සමාගමක් වඩාත් වගකීම් සහගතව කටයුතු කළ යුතුව තියෙනව," හේටල් පෙන්වා දෙයි.
"මිනිස්සු ගාව පක්ෂපාතීකම් තියෙනව. නමුත් සමාගමක් ඒ සංස්කෘතිය කා වැද්දීමට ක්‍රියා නොකළ යුතුයි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"ආදරය සියලු ආකාරයේ හැඩතල සහ වර්ණ තුලින් උපදින්නක් බව අපි සැබෑ ලෙසම විශ්වාස කරනවා." 'Shaadi.com' අලෙවි අධ්‍යක්ෂවරයා BBC Asian Network වැඩ සටහනට පැවසීය.
"ඉන්දීය සමාජයේ විවිධ කොටස් එකමුතු කිරීමේ කාරය නියෝජනය කිරීමේ කාර්යය අපට ආඩම්බරයක්. ඒ ගැන අපි වගේ පුරසාරම් කියන්න පුළුවන් සාමාගම් ස්වල්පයක් පමණයි ඉන්දියාවේ තියෙන්නේ," අලෙවි අධ්‍යක්ෂවරයා පැවසීය.
'මම තෝරාගත්තේ තිරිඟු මදයේ පැහැය'
ප්‍රියා ඇයගේ සැමියා සොයාගන්නා ලද්දේ 'Shaadi.com' අන්තර්ජාල වෙබ් අඩවියෙනි. ප්‍රියාගේ ඡවි වර්ණය නිසා වෙනත් මනමාලයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව ඇය අන්තර්ජාලයේ පිහිට පැතුවාය.
"මට තියෙන්නේ අඳුරු ඡවි වර්ණයක්. සමේ පැහැයට අදාළ ප්‍රශ්නයක් 'shaadi.com' වෙබ් අඩවියේ දැක්කා. මම මට පුළුවන් උපරිම මට්ටමින් උත්තර දුන්නා," ප්‍රියා BBC Asian Network ජාලයට ප්‍රකාශ කළාය.
"මට මතකයි - මම තෝරාගත්තේ 'තිරිඟු ඇටයක් දෙකට පැලුවම ඒකෙ මදේ පැහැය."
"මගේ නැන්දම්මා අපේ විවාහයට විරුද්ධ වුණා. මොකද? මගේ සමේ පැහැයට වඩා ඇගේ සමේ පාට පැහැපත්. පුතා, ඒ කියන්නේ මගේ සැමියා කඩවසම්. ඔවුන්ගේ පරම්පරාවම හමේ පාටෙන් ලස්සනයි. මම ඒකට මගේ ජීවිතකාලය පුරාම වෛර කෙරුව."
"මට මගේ ඇඟේ හමේ පාට වෙනස් කරගන්න අමාරුයි. ඒක වේදනාවක් ඇතිකරන නිසා."








