කොරෝනා වෛරසය: වෙනත් රෝගියෙකුට ජීවිතය දීමට සිය දිවිය අත්හළ පූජකවරයෙක්

ඡායාරූප මූලාශ්‍රය, ORATORIO CASNIGO
කොරෝනාවෛරසය ආසාදිතව රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුව, තමාට හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator) නන්නාඳුනන තරුණයෙකුට පරිත්‍යාග කරමින් මරණය වැළඳගත් මහලු පූජකවරයෙකු පිළිබඳව ඉතාලියෙන් වාර්තා විය.
තමාට ලැබුණ හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය (respirator ) තරුණවියේ පසුවෙනා රෝගියාට පරිත්‍යාග කළ ජුසෙපේ බෙරදෙලි නම් පූජකවරයා මරණය වැළඳගන්නා විට 72 වන වියේ පසුවිය.
එම සිද්ධිය වාර්තාවන්නේ කොරෝනාවෛරසය දරුණු තත්ත්වයක් පවතින 'ලෝවෙරේ' (Lovere) නම් ඉතාලි නගරයෙනි.
කොරෝනාවෛරසයට ගොදුරුව මේ වන විට අඩුතරමින් ඉතාලි පූජකවරුන් පනස්දෙනෙකුවත් මරණයට පත්ව ඇත.
ඉතාලිය ලෝකයේ කොරෝනාවෛරසය හේතුවෙන් දරුණුතම තත්ත්වයක දැනට පවතින රට වේ.
රටවල් 160ට අධික සංඛ්‍යාවකට තර්ජනයක් වී ඇති Covid -19 වෛරසයට ගොදුරුව මේවනවිට මරණයට පත් ජන සංඛ්‍යාව 16,000ට අධික ය.

රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙන පරිදි, කස්නිගෝ (Casnigo) නම් නගරයේ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයාව සිටි ජුසෙපේ බෙරදෙලි, තමා වෙනුවෙන් සිය දේවස්ථානයේ බැතිමතුන් විසින් මිලට ගෙන සපයන ලද හුස්ම ගැනීමට ආධාර කෙරෙන යන්ත්‍රය භාවිතයට ගැනීම ප්‍රතික්ෂේප කරමින්,එය තමාට නොව තරුණ වියේ රෝගියකු සඳහා උපයෝගී කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
පූජකවරයාගේ මෘතදේහය මිහිදන් කිරීම සඳහා ගෙනයමින් තිබූ අවස්ථාවේ නගරයේ ජනතාව ඔවුන්ගේ නිවෙස්හි සඳලුතලයේ සිට අත්පොලසන් දෙමින් මරණයට පත් සිය ආගමික නායකයා වෙනුවෙන් ගෞරවය පළ කළ බව වාර්තා විණි.
ජුසෙපේ බෙරදෙලි පූජකවරයාගේ මරණය සම්බන්ධයන් ජේම්ස් මාටින් විසින් සමාජ මාධ්‍යජාලයේ පළ කරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයක් සම්බන්ධයෙන් දහස් ගණනක් ජනතාව ප්‍රතිචාරය පළ කර ඇත.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
''ලෝකය කොයිතරම් කුඩා තැනක් ද? මගේ සමස්ත (විස්තෘත) පවුලට ම 'ෆාදර්' එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණා. මගේ ඥාති සහෝදරයන්ට ඔවුන්ගේ පියා නැතිවුනාට පස්සේ ඔවුන්ට 'තාත්තා' කෙනෙක් වුනේ 'ෆාදර්'. ඔහු ඉතාම හොඳ මනුෂ්‍යයෙක්......අහිංසක ආදරණීය චරිතයක් '' යැයි එම පණිවිඩයෙන් කියැවිණි.
කොරෝනා වෛරසයට ගොදුරුව මරණයට පත් වෛද්‍යවරුන් සහ පූජකවරුන් වෙනුවෙන් අඟහරුවාදා (මාර්තු 24) පැවැත්වූ දේව මෙහෙය මෙහෙයවන ලද්දේ ෆ්‍රාන්සිස් පාප්වහන්සේ විසිනි.
ස්පාඤ්ඤයේ මහලු ජනයාගේ ඉරණම
මේ අතර විශ්‍රාමික මහලු ජනතාව වාසය කරන, මේදිනවල අමතකව ගිය මහලු නිවාස කිහිපයක් කොරෝනාවෛරසය මැඩලීමට හවුල්වෙමින් සිටින සොල්දාදුවන් විසින් සොයාගනු ලැබ ඇති අතර, ඇතැම් ස්ථානවලදී ඇඳන් මත මියගොස් සිටි පුද්ගලයන්ගේ මළසිරුරු හමු වී ඇති බව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යාංශය පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එම සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කර ඇති බව ස්පාඤ්ඤ නීති නිලධාරීහු පවසති.
ස්පාඤ්ඤය කොරෝනාවෛරසය ඉතාම දරුණු තත්ත්වයක පවතින යුරෝපා රාජ්‍ය කිහිපයෙන් එකකි. ස්පාඤ්ඤ යුද හමුදාව එරට කොරෝනාවෛරසය වාර්තා නොවන මහලු නිවාසවලට උපකාර වෙමින් ඇත. ඉතාලියට පසු යුරෝපයේ දරුණු ම තත්ත්වයක් පවතින ඊළඟ රට ස්පාඤ්ඤය ය.
මේ අතර කොරෝනාවෛරසයෙන් මරණයට පත්වූවන්ගේ සිරුරු තැබීම සඳහා හිම ක්‍රීඩා සඳහා පිළියෙල කර තිබූ ස්ථානයක් (ice rink) තාවකාලික මෘත ශරීරාගාරයක් බවට පත් කිරීමට ස්පාඤ්ඤ බලධාරීහු ක්‍රියා කරමින් සිටිති.
''විශ්‍රාමිකයන් සඳහා වන නිවාසවල ජීවත්වෙන මහලු ජනතාවට සලකනු ලබන ආකාරය සහ ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර දැඩි ලෙස අධීක්ෂණය කරනවා" යැයි ස්පාඤ්ඤ ආරක්ෂක ඇමතිනී මාගරිටා රොබ්ලෙස් එරට පෞද්ගලික රූපවාහිනී චැනලයකට අදහස් දක්වමින් සඳහන් කළාය.
''ඇතැම් මහලු ජනයා සහමුලින් ම අත්හැර දමනු ලැබ සිටින ආකාරය යුද හමුදාව ඔවුන්ගේ සංචාරයන්හි දී දැක තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇඳන් මතම මරණයට පත්ව තිබුණ අවස්ථා ද දැක තියෙනවා '' ඇමතිවරිය පැවසුවාය.
ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරන පරිදි කොරෝනාවෛරසය පැතිරීමත් සමඟ ඇතැම් මහලු නිවාසවල සාත්තු සේවකයන් එම ජනයා අත්හැර දමාගොස්' ඇත.
අවසන් කටයුතු සඳහා අවමංගල සේවාවන් විසින් මළ සිරුරු ගෙන යනු ලබන තෙක් ශීතාගාරවල තබන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
එහෙත් කොරෝනා ආසාදනය හේතුවෙන් මරණයට පත්ව ඇතැයි සැකකෙරෙන්නන්ගේ සිරුරු, විධිමත්ව විශේෂ උපකරණ සහිතව සූදානම් කොට ඇති අවමංගල කාර්ය මණ්ඩල විසින් රැගෙන යනතෙක්,ඒවා තිබූ සයන මතම තිබෙන්නට ඉඩ හැරෙනු ඇත.
ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති සැල්වදෝර් ඉල්ලා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්,'' විශ්‍රාමිකයන් වාසය කරන නිවාසවලට නිශ්චිත ප්‍රමුඛතාවක්"දෙන බව කියා සිටියේය.
'' අපි එවැනි මධ්‍යස්ථාන ඉතාම දැඩිව අධීක්ෂණය කරනවා '' ඇමතිවරයා පැවසීය.
මේ තොරතුරු ද දැනගන්න:












