ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් නුවර 'වෙඩි හඬක්'
ලන්ඩන් නුවර 'ලන්ඩන් බ්‍රිජ්' පාලම මතදී වාර්තා වූ පිහිඇනුමක් "ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ" වුවක් සේ සලකා කටයුතු කරන බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසීය.
ලන්ඩන් වේලාවෙන් දහවල් 2 ට ආසන්න වෙද්දී පිහිඇනුමක් සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාත්මක වීමට සිදුවූ බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසීය.
මේ සිද්ධියේදී කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන අතර පොලිසිය විසින් එක් පුද්ගලයෙකුට වෙඩි තබනු ලැබූ බවද නාගරික පොලිසිය සඳහන් කළේය.
මීට පෙර බීබීසී මාධ්‍යවේදියෙකු ද පැවසුවේ එම ප්‍රදේශයෙන් වෙඩි හඬක් ඇසුණු බවය.
එක් පුද්ගලයෙකු රඳවාගත් බව පොලිසිය පැවසු අතර මෙය 'ප්‍රධාන සිදුවීමක්' වශයෙන් ලන්ඩන් ගිලන්රථ සේවය ප්‍රකාශයට පත් කර තිබිණි.
එහි වූ පාලම මත කිසියම් පුද්ගලයින් පිරිසක් අතර කලහයක් දුටු බව බීබීසී වාර්තාකරු ජෝන් මැක්මැනස් සඳහන් කළේය.
ඔහු පැවසු පරිදි පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර වෙඩි හඬක්ද අසන්නට ලැබී ඇත.
ලන්ඩන් බ්‍රිජ් ප්‍රදේශයේ හටගත් කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් තමන් ක්‍රියා කරමින් සිටින අතර ඒ වෙත ලං නොවන්නැයි ලන්ඩන් නාගරික පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.