ඇපල් දුරකතනයේ කැමරා නිසා 'ට්‍රයිපෝෆෝබියා' වැඩිවේ යැයි පැමිණිලි

Apple phone and trypophobia

ඡායාරූප මූලාශ්‍රය, APple

ඇපල් සමාගම අලුතෙන් වෙළෙඳපොළට නිකුත් කළ iPhone 11 Pro ජංගම දුරකතනයේ පිටුපස සවි කර ඇති කැමරා තුන 'කුඩා සිදුරුවලට භීතියක් දක්වන පුද්ගලයන්' මානසික අපහසුතාවට පත් කරන බවට පැමිණිලි ලැබී තිබේ.

iPhone 11 Pro දුරකතනය අඟහරුවාදා (සැප්තැම්බර් 10) දින එළිදක්වන ලදී. එහි පිටුපස සවි කර ඇති අධි බලැති කාචවලින් සමන්විත "ඉතා පුළුල්" කැමරා තුන ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

එමෙන්ම, එම කැමරා කාච තුන අසලින්ම කුඩා පන්දම (torch) මෙන්ම "ශබ්දය ශීඝ‍්‍ර ආරෝහණය" (audio zoom) කළ හැකි මයික්‍රෆෝනයක් ද මෙම නව මාදිලියට ඇතුළත් කර ඇත.

කෙසේනමුත්, කුඩා සිදුරු දැකීමෙන් භීතියට පත්වන පුද්ගලයන් කැමරා තුන නිසා දැඩි අපහසුතාවට පත් වන බවට ඇපල් සමාගම වෙත සිය ගණනක් පැමිණිලි ලැබී තිබේ. කුඩා සිදුරු දැකීමෙන් භීතියට පත් වීම "ට්‍රයිපෝෆෝබියා" (trypophobia) ලෙස හැඳින්වේ.

Apple phone and trypophobia

ඡායාරූප මූලාශ්‍රය, APple

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

2005 වසරේ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණ 'රෙඩිට්' (Reddit) නම් සාකච්ඡාවක දී ට්‍රයිපෝෆෝබියා යන නම හඳුන්වා දී තිබෙන අතර, එතැන් පටන් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල පුළුල් කතාබහක් ඇති වී තිබෙනු දැකිය හැකිය.

ඇමරිකානු බීභත්ස්‍ය (Horror) සිනමාපටවල රංගනයේ යෙදෙන සාරා පෝල්සන් මෙන්ම, ලෝක ප්‍රසිද්ධ මෝස්‌තර නිරූපිකාවක වන කෙන්ඩොල් ජෙනර් ද මෙම මානසික තත්වයෙන් පීඩා විඳින බව පවසා තිබේ.

දෘෂ්ටිය පිළිබඳ විද්‍යාඥයෙකු වන එසෙක්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජොෆ් කෝල් සහ මහාචාර්ය ආනොල්ඩ් විල්කින්ස්, ට්‍රයිපෝෆෝබියා ගැන මූලික විද්‍යාත්මක පරීක්ෂණවලට සම්බන්ධ වී ඇත.

Apple phone and trypophobia
ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා සිදුරු දැකීමෙන් ඇතිවන බියට සමහර අවස්ථාවල දී දක්වන ප්‍රතිචාරය ඉතා දරුණු විය හැකිය.

"අපි හැමෝටම මේ තත්ත්වය තිබෙනවා. හැබැයි එය කෙතරම් දුරට තිබේ දැයි යන්න තමයි වැදගත් වන්නේ," ආචාර්ය ජොෆ් කෝල් බීබීසී පුවත් සේවයට පැවසීය.

පරීක්ෂණ වාර්තාවලට අනුව, කුඩා සිදුරු දැකීමෙන් ඇතිවන බියට සමහර අවස්ථාවල දී දක්වන ප්‍රතිචාරය ඉතා දරුණු විය හැකිය.

සමහර අය වමනය දමන අතර, තවත් අයට දින ගණනාවක් ගතවෙන තුරු රැකියාවේ නිරත වීමට නොහැකි වූ බව කුඩා සිදුරු දැකීමෙන් ඇති වන භීතියෙන් පීඩා විඳින පුද්ගලයන් සමග කළ සාකච්ඡාවල දී දැනගන්නට ලැබුණු බව ආචාර්ය ජොෆ් කෝල් සහ මහාචාර්ය ආනොල්ඩ් විල්කින්ස්ගේ වාර්තාවල දැක්වේ.

"එයින් යම් පුද්ගලයෙකු ආබාධිත තත්ත්වයට පත් කළ හැකියි," මහාචාර්ය ආනොල්ඩ් විල්කින්ස් පැවසීය.

මේ තොරතුරුද කියවන්න: