ඇපල් iPhone ජංගම දුරකතනය වෙනස් වූ හැටි

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලොව පුරා ඇපල් ජංගම දුරකථනවල අලෙවිය අඩු වීම හේතුවෙන්, iPhoneවල මිල අඩු කිරීමේ අදහසක් ඇති බව එම ආයතනයේ ප්‍රධානියා වන ටිම් කුක් ඇඟවීමක් සිදු කර තිබේ.

ඇපල් ජංගම දුරකථනවල 'හෑන්ඩ් සෙට්' උපාංගවල අලෙවිය 15%කින් පහත වැටී තිබීම මෙයට හේතුව ලෙස සඳහන් වේ.

නමුත්, වසර එකොළහක් වැනි කාලයක් ඇතුළත iPhone ජංගම දුරකතනවල මිල ඩොලර් දහස් ගණනක් වූයේ කෙසේදැයි ඔබට මතකද?

මෙම දුරකතනවල සිදු වූ ප්‍රධාන වෙනස්කම්, එහි ප්‍රමාණය, උපාංග සහ වෙනස්වන මිල පිළිබඳ මෙම ලිපියේ සඳහන් වේ.

ආරම්භය - iPhone 2G

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, iPhone 2G දුරකතනය

ඇපල් සමාගම සිය ප්‍රථම iPhone ජංගම දුරකතනය එළිදැක්වූයේ 2007 වසරේ ජුනි මස ඇමරිකා එක්සත් ජනපදයේදීය.

වේගවත් 3G තාක්‍ෂණය වෙනුවට 2G සම්බන්ධතාව යොදා ගැනීමට ඇපල් සමාගම ගත් තීරණයත් සමග, මෙම ප්‍රථම දුරකතනය ප්‍රසිද්ධියට පත් වූයේ iPhone 2G ලෙසය.

නමුත් මෙය දැන් සමහර පැරණි භාණ්ඩ එකතු කරන්නන් සතු භාණ්ඩයක් බවට පත් වී තිබෙන අතර, eBay වෙබ්අඩවිය හරහා එහි සැබෑ මිලට වඩා වැඩි ගණනකට අලෙවිවන ආකාරය දක්නට ලැබේ.

කෙසේවෙතත්, 4GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණයේ iPhone 2G ජංගම දුරකතනයක මිල ඇමරිකානු ඩොලර් 499ක් වූ අතර, 8GB iPhone 2G දුරකතනයක් ඇමරිකානු ඩොලර් 599ක් විය.

3G තාක්ෂණය සමග නිකුත් වූ iPhone

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, iPhone 3G දුරකතනය

2008 වසරේ දී රටවල් 22කට නිකුත් කළ iPhone 3G දුරකතනය පළමු සති අන්තය වන විට මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබිණි.

iPhone දෙවෙනි පරම්පරාවට අයත් කළු සහ සුදු පැහැයන්ගෙන් යුත් මෙම දුරකතනය සමග වසර දෙකක සම්බන්ධතාවක් ද සමග ඩොලර් 99ට මිල කර තිබිණි.

iOS 2.0 මෘදුකාංග තාක්ෂණය සමග එළිදැක්වූ මෙම දුරකතනය කිහිප විටක් ම යාවත්කාලීන කිරීම සිදු විය. එමගින් බහු මාධ්‍ය කෙටි පණිවිඩ (MMS) මෙන්ම පිටපත් කිරීම සහ නැවත ඇලවීමේ (copy and paste) උපාංග මෙම දුරකතනයට ඇතුළු විය.

ඉන් වසරකට පසු iPhone 3GS දුරකතනය එළිදැක්වීය. එහි S අකුරෙන් හැඟවෙන්නේ දුරකතන මෘදුකාංගය ක්‍රියාත්මක වන වේගය වන අතර, මෙය "වේගවත්ම සහ වඩාත්ම හොඳ ස්මාර්ට් දුරකතනය" ලෙස එකල හඳුන්වනු ලැබිණි.

කෙසේනමුත්, 2010 වසරේ ජුනි මස දී ඇපල් සමාගම විසින් iPhone 3G දුරකතනය වෙළෙඳපොළෙන් ඉවත් කරන ලදී.

මේ තොරතුරු ද කියවන්න:

iPhone 4

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් 2011 වර්ෂයේ දී වයස 56ක් වන විට පිළිකා රෝගයෙන් මිය ගියේය.

2010 වර්ෂයේ ජුනි මස ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත් වූ ලොව පුරා සිටින ඇපල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සම්මේලනයේ දී හතරවන පරම්පරාවට අයත් iPhone දුරකතනය එළිදැක්වීය.

iPhone 4 වෙළෙඳපොළෙහි තිබෙන සිහින්ම ස්මාර්ට් ජංගම දුරකතනය බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් එම සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

"මෙය නැවත වරක් සියලු දේ වෙනස් කරනවා," එවර ඔවුන්ගේ තේමා පාඨය විය.

iPhone 4 දුරකතනයේ නවතම උපාංගය වූයේ ඉදිරිපස සවි කර තිබූ කැමරාවයි. මෙය අනෙකුත් ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදකයන්ට මහත් අභියෝගයක් බවට පත් විය.

මේ වන විට ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනවල ඉදිරිපස කැමරාව භාවිත කරමින් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ද ඇත. එය FaceTime video chat ලෙස හඳුන්වයි.

16GB දත්ත ගබඩාවක් සහිත iPhone 4 ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 652කට සහ 32GB දත්ත ගබඩාවක් සමග ඇමරිකානු ඩොලර් 784කට මිල දී ගත හැකි විය.

වසරකට පසුව, ඇපල් ජංගම දුරකතන පස්වන පරම්පරාවට අයත් iPhone 4S එළිදැක්වූ අතර, ප්‍රථම වතාවට 'Siri' නැමති ශබ්දයෙන් පාලනය වන කෘතීම බුද්ධියක් සහිත මෘදුකාංගයක් 2011 ඔක්තෝබර් මස දී හඳුන්වා දුන්නේය.

iPhone 5

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, iPhone 5

2012 සැප්තැම්බර් මස එළිදැක්වූ iPhone 5 ස්ටීව් ජොබ්ස් යටතේ නිර්මාණය වූ අවසාන ජංගම දුරකතනය විය. ඔහු 2011 වර්ෂයේ දී මිය ගියේය.

මෙම දුරකතනය නිෂ්පාදනයට පෙර ඇණවුම් භාර ගැනීමට ඇපල් සමාගම ක්‍රියා කළේය. පැය 24ක් ඇතුළත ඔවුන්ට මිලියන දෙකකට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබිණි.

4G තාක්ෂණය සමග හඳුන්වා දුන් මෙම දුරකතනය, ඉතා සිහින්, බරින් අඩු මෙන්ම පැරණි iPhoneවලට වඩා උසින් වැඩි තිරයක් සහිත විය.

16GB දත්ත ගබඩා කිරීමේ ප්‍රමාණයක් සහිත iPhone 5 ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 692ක් වූ අතර, 32GB දත්ත ගබඩාවක් සහිතව ඩොලර් 784ක් ද 64GB සමග ඩොලර් 915කට ද අලෙවි විය.

නමුත් 2013 වසරේ දී iPhone 5C සහ 5S හඳුන්වාදීමත් සමග iPhone 5 නිෂ්පාදනය නතර කිරීමට එම සමාගම පියවර ගත්තේය.

iPhone 6

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වන iPhone 6 සහ 6 Plus

2014 සැප්තැම්බර් මස iPhone 6 සහ 6 Plus ලෙස ප්‍රමාණයෙන් විශාල ජංගම දුරකතන වර්ගයක් ද එළිදැක්වීය.

iPhone 6 හි තිරය අගල් 4.7ක් වූ අතර, 6 Plus ජංගම දුරකතනයේ තිරය අගල් 5.5ක් විය.

නව උපාංග බොහෝ ප්‍රමාණයකින් සමන්විත මෙම නව දුරකතනයේ වැඩිදියුණු කළ කැමරා, කල් පවතින බැටරි මෙන්ම භාණ්ඩ මිල දී ගත් පසු ජංගම දුරකතනයෙන් බිල්පත ගෙවීමේ හැකියාව ඇති Apple Pay මෘදුකාංගය ද හඳුන්වා දී තිබිණි.

iPhone 6 දුරකතනය සිම් කාඩ්පතක් නොමැතිව ඇමරිකානු ඩොලර් 705කට මිල දී ගත හැකි විය.

ඇපල් සමාගමේ පෙරළිකාර ජංගම දුරකතන වූ iPhone 6 සහ 6 Plus, වසරකට අඩු කාලයක දී වෙනස් වූ අතර, iPhone 6S සහ 6S Plus වෙළෙඳපොළට නිකුත් කෙරිණි.

iPhone7

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, iPhone 7

2016 සැප්තැම්බර් මස iPhone 7 හඳුන්වා දුන් ඇපල් සමාගම එය ඇමරිකානු ඩොලර් 718කට මිල කර තිබිණි.

iPhone 7 Plus ජංගම දුරකතනයේ මිල ඇමරිකානු ඩොලර් 875ක් විය.

රතු, කළු සහ අළු යන විවිධ වර්ණවලින් නිම වූ මෙම ජංගම දුරකතන 32GB හෝ 128GB දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණවලින් නිකුත් කර තිබිණි.

iPhone නවතම පරම්පරාවට අයත් මෙම දුරකතනයේ 'හෙඩ්ෆෝන් (headphone)' සම්බන්ධ කළ හැකි අහුව ඉවත් කර තිබුණු අතර, ජලයට ඔරොත්තු දීමේ තාක්ෂණය සහ මෙගා පික්සල් 12ක කැමරාවක් සවිකර තිබිණි.

iPhone 8, 8 Plus සහ X

How Apple's iPhone has changed through the years

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, iPhone 8, 8 Plus සහ X ස්මාර්ට් ජංගම දුරකතන

2017 සැප්තැම්බර් මස ඇමරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ දී iPhone 8, 8 Plus සහ X යන ස්මාර්ට් ජංගම දුරකතන එළිදැක්වීය.

iPhone 8, 8 Plus ජංගම දුරකතන රිදී, අළු සහ රත්‍රන් පැහැයන්ගෙන් මිල දී ගැනීමේ හැකියාව තිබේ.

පෙර නිකුත් කළ iPhone 7වල දක්නට ලැබුණු ඇලුමිනියම් ආවරණය වෙනුවට iPhone 8 සහ 8 Plus වීදුරු ආවරණයක් සහිතව නිම කර තිබෙනු දක්නට හැකිය.

64GB iPhone 8 ජංගම දුරකතනයක් මිල ඇමරිකානු ඩොලර් 915ක් වන අතර, 64GB iPhone 8 දුරකතනය ඩොලර් 1045කට මිල කර ඇත.

iPhone ජංගම දුරකතනවල දස වෙනි සංවත්සරය සනිටුහන් කරමින් iPhone X දුරකතනය 2017 නොවැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කළේය.

එම ජංගම දුරකතනයේ 'home' බොත්තම ඉවත් කර තිබූ අතර, අගල් 5.8කින් යුත් තිරය OLED තාක්ෂණයෙන් නිපදවා තිබේ. එමෙන්ම, මෙය වයර නොමැතිව ආරෝපණය කළ හැකිය.

නවතම උපාංග බොහොමයකින් සමන්විත iPhone X දුරකතනය ඇමරිකානු ඩොලර් 1300කට මිල කර තිබේ.

ඉන් පසු....

පසුගිය වසරේ දී ඇපල් සමාගම iPhone XR, iPhone XS සහ XS Max නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන තුනක් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය.

මේ අතරින් මිලෙන් අඩුම දුරකතනය ඇමරිකානු ඩොලර් 980ක් වන අතර, මිලෙන් අධිකම දුරකතනය ඩොලර් 1897ක් ලෙස මිල කර තිබේ.

නමුත් මේ අධික මිල ගණන් නුදුරේදීම වෙනස් වන බව ඇපල් සමාගමේ ප්‍රධානියා වන ටිම් කුක් සඳහන් කළ ද, එය කෙදිනක කෙසේ සිදුවේ දැයි තවමත් හෙළි කර නොමැත.

තවත් තොරතුරු: