සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා රැසක් ඉවතට

සෞදි කාන්තාවන්ට පනවා තිබූ සීමා රැසක් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, AFP

සෞදි අරාබියේ කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව රටින් පිට සංචාරයේ යාමට අවස්ථාව හිමි වන බවට එරට රාජකීය නියෝගයක් නිකුත් කර තිබේ.

සිකුරාදා (අගෝස්තු 02) ප්‍රකාශයට පත් කළ නව නීතිය අනුව වයස අවුරුදු 21ට වැඩි කාන්තාවන්ට කිසිදු අවසරයකින් හෝ අනුමැතියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකිය. එය පිරිමි පුද්ගලයින් මෙන් කාන්තාවන්ට ද සමතැන් දීමකි.

ඊට අමතරව ළදරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ අයිතිය ද කාන්තාවන්ට මෙමගින් ලබා දී තිබේ.

සෞදි අරාබියෙන් පළා යාමට එරට ඉහළ පෙළේ කාන්තාවන් කිහිප දෙනෙකු උත්සාහ දැරීමේ සිදුවීම් මාලාවකට පසුව මෙම තීරණය ගෙන ඇත.

කාන්තාවන් දෙවන මට්ටමේ පුරවැසියන් බවට පත්ව සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන වාතාවරණයක් තුළ, දිගු කාලයක සිට සෞදි අරාබිය කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබිණි.

ගතානුගතික සෞදි රාජධානිය වඩා විවෘත තත්ත්වයකට පත් කිරීමේ අරමුණින්, පසුගිය වසරේදී කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කිරීම ඇතුළු කාන්තාවන්ට ඇති සමාජ සීමා ලිහිල් කිරීමේ උත්සාහයක ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් යෙදී සිටී.

පසුගිය වසරේදී කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කරන ලදී

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේදී කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කරන ලදී

එහෙත් ඔහු කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනකාරී ක්‍රියාවල ද නිරත වී ඇති අතර කිහිප දෙනෙකු මෑත මාස කිහිපය තුළදී අධිකරණය හමුවට කැඳවා තිබිණි.

නව වෙනස කුමක් ද?

සෞදි අරාබියේ ක්‍රියාත්මක වූ පුරුෂ භාරකරත්ව ක්‍රමවේදය අනුව, කාන්තාවන් පිළිබඳ බරපතළ තීන්දු ගැනීම සම්බන්ධයෙන් ස්වාමි පුරුෂයින්ට, පියවරුන්ට සහ වෙනත් ඥාති පුරුෂයින්ට බලය ලැබී තිබිණි.

මේ වන තෙක්, එම ක්‍රමය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීම, අලුත් කිරීම සහ රටින් පිටව යාමට නම් අදාළ පුරුෂයින්ගේ අවසරය අවශ්‍ය විය.

එහෙත්, සිකුරාදා නිකුත් කළ රාජකීය නියෝගයෙන් දක්වා ඇත්තේ, විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ඕනෑ ම පුරවැසියෙකුට ඒවා නිකුත් කළ යුතු අතර වයස අවුරුදු 21ට වැඩි ඕනෑ ම අයෙකුට සංචාර සඳහා අවසරයක් අවශ්‍ය නොවන බවය.

මෙම සංශෝධන හරහා පළමු වරට සිය දරු උපත්, විවාහ සහ දික්කසාද ලියාපදිංචිය සඳහා ද කාන්තාවන්ට අවසර හිමි වනු ඇත.

මේ අතර, කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් රැකියා රෙගුලාසි ද මෙහිදී වෙනස් කර තිබේ. මෙම නව නීතිය යටතේ ලිංග, ආබාධ හෝ වයස් භේදයකින් තොරව සෑම පුරවැසියෙකුට ම රැකියාවල නිරත වීමේ අයිතිය ද ලබා දී තිබේ.

කාන්තාවන්ගේ ප්‍රතිචාර කෙබඳු ද?

මෙම නව නීතිය පිළිබඳව සෞදි කාන්තාවන් රැසක් ට්විටර් ඔස්සේ අදහස් පළ කර තිබිණි. ප්‍රකට නිවේදිකාවක වන මුනා අබුසුලෙයිමාන් පළ කර ඇති ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, "සිය සහෝදරයින් සමග සමානව සහ නිදහසේ වැඩෙන පරම්පරාවක්," යනුවෙනි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

සෞදි අරාබියේ පළමු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය වන ඇමෙරිකාවේ සෞදි තානාපතිනි රීමා බින්ට් බන්දාර් අල් සවුද් ද මෙම නව සංශෝධන අගය කර තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

"මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කෙරුණහොත් වැඩිහිටි සෞදි කාන්තාවන්ට තමන්ගේ ජීවිත තමන්ට ම හසුරුවන්න ලැබෙන විශාල පියවරක් වෙයි," වොෂිංටන්හි පිහිටි අරාබි ගල්ෆ් රාජ්‍ය පිළිබඳ ආයතනයේ ක්‍රිස්ටින් දිවාන් ඒ එෆ් පී පුවත් සේවයට පවසා තිබිණි.

තවත් පිරිසක් නව ප්‍රතිසංස්කරණ පිළිබඳව සැකසංකා පළ කර තිබිණි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

කෙසේ වෙතත්, ඇතැම් ගතානුගතික අදහස් දරන්නන් නව ප්‍රතිසංස්කරණ පිළිබඳව විරුද්ධ අදහස් පළ කර තිබිණි. එක් කාන්තාවක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ, "ඔයාගේ දුවෙක් වැඩුණට පස්සේ ඔබ අතහැරලා ගිහින් අයෙත් ආවෙ නැත්නම් ඔබට සතුටු ද?" යනුවෙනි.

තවමත් ක්‍රියාත්මක සීමා මොනවා ද?

නව ප්‍රතිසංස්කරණවලින් පසුව ද කාන්තාවන් සම්බන්ධයෙන් සීමා කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත. විවාහ වීම සඳහා ඥාති පුරුෂයෙකුගේ අවසරය ලබා ගැනීම ඉන් එකකි. රඳවා තැබීමකට ලක්වී ඇතිනම්, බන්ධනාගාරයෙන් පිටවීමට ද එවැනි අවසරයක් අවැසිය. ඊට අමතරව කාන්තාවන්ට තමන්ගේ පුරවැසිභාවය මත සිය දරුවාට පුරවැසිභාවය හිමි කර දීමට නොහැකි අතර සිය දරුවන්ගේ විවාහයට අවසර දීමට ද කාන්තාවන්ට තවමත් අයිතියක් නොමැත.

2016 වසරේදී ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉදිරිපත් කළ සැලැස්මක අරමුණ වූයේ, 2030 වසර වන විට රටේ ආර්ථිකය වර්ධනය කිරීමය. එහිදී 22%ක්ව පවතින කාන්තා ශ්‍රම බලකාය 30% දක්වා ඉහළ දැමීමට අපේක්ෂිතය.

කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන පවසන්නේ, කාන්තාවන්ගේ හිමිකම් වෙනුවෙන් කටයුතු කළ ක්‍රියාකාරීන් කාන්තාවන්ට සම අයිතීන් ලබා දීමට කැපවුණු බවය.

එවැනි ප්‍රකට කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලූජේන් අල්-හත්ලාවුල් ඇතුළු මුල්පෙළේ ක්‍රියාකාරිනියන් පිරිසක් මේ වන විට නඩු විභාගයකට මුහුණ දී සිටින අතර ඉන් සමහරුන් පවසන්නේ අත්අඩංගුවේ සිටියදී තමන් වධ හිංසාවන්ට ලක්වූ බවකි.

ඊට අමතරව, ලිංග භේදය මත එල්ලවන පීඩා හේතු ලෙස පෙන්වාදෙමින් ඉහළ පෙළේ කාන්තාවන් කාන්තාවන්ට කැනඩාව වැනි රටවල සරණාගතභාවය පැතීමේ සිදුවීම්ද වාර්තා වී තිබිණි.

පසුගිය ජනවාරි මාසයේදී සෞදි අරාබියෙන් පිටව ඔස්ට්‍රේලියාව බලා පළා යමින් සිටියදී තායිලන්තයේ රඳවාගෙන සිටි සෞදි අරාබියේ 18 හැවිරිදි රහෆ් මොහොමඩ් අල් ඛුනුම් ජාත්‍යන්තර සහය පැතීමෙන් පසුව කැනඩාවේ සරණාගතභාවය හිමි විය.

එසේම මාර්තු මාසයේදී පළා ආ විත් හොංකොං හි සඟවා සිටි තවත් සෞදි සොහොයුරියන් දෙදෙනෙකුට වෙනත් රටක මානුෂීය වීසා පිරිනැමිණි.

ඊට මසකට පසු තවත් සොහොයුරියන් දෙදෙනෙකු ජෝර්ජියාවට පළා ගිය අතර තවත් රටක පදිංචියට අවසර ලැබිණි.

තවදුරටත් කියවන්න.