FaceApp යෙදවුමෙන් දත්ත සොරකම් කරන බවට FBI වෙත පැමිණිල්ලක්

ඡායාරූප මූලාශ්‍රය, facebook
මුහුණු ඡායාරූප වෙනස් කරමින් වයස්ගත හෝ තරුණ පෙනුමක් ලබා දෙන ඡායාරූප නිර්මාණය කරන ෆේස්ඇප් (FaceApp) යෙදවුම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඇමෙරිකානු සෙනෙට් සභික චක් ස්කූමර් ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ට්විටර් ඔස්සේ ස්කූමර් පළ කළ ලිපියක දැක්වෙන්නේ, අදාළ යෙදවුම හරහා ඇමෙරිකානු වැසියන්ගේ පෞද්ගලික දත්ත "සතුරු විදේශ බලවේගයක්" වෙත නතු වීමෙන් "බරපතළ ගැටලුවක්" ඇති විය හැකි බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
රුසියානු සමාගමක් විසින් නිර්මාණය කරන ලද එම යෙදවුම පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වීමත් සමග එහි පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
ෆේස්ඇප් සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
මුහුණු ඡායාරූප වෙනස් කරමින් වයස්ගත හෝ තරුණ පෙනුමක් ලබා දෙන ඡායාරූප නිර්මාණය කරන ෆේස්ඇප් (FaceApp) යෙදවුම පිළිබඳව බොහෝ දෙනෙකු කතා කිරීමට පටන් ගෙන තිබේ.
එම යෙදවුමෙන් ලැබෙන ඡායාරූප ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, faceapp
එහෙත්, පසුගිය දින කිහිපය තුළ එම යෙදවුම අතිශය ජනප්‍රිය වීමත් සමග එහි නියමයන් සහ කොන්දේසි (terms and conditions) සම්බන්ධයෙන් ඇතැම්හු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ.
ඔවුන් තර්ක කළේ, අදාළ සමාගම මෙම යෙදවුම භාවිත කරන්නන්ගේ දත්ත වෙත අනියම් ආකාරයකින් ළඟා වන බවටය. කෙසේ වෙතත්, ෆේස්ඇප් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඡායාරූප බොහොමයක් අප්ලෝඩ් කිරීමෙන් පැය 48ක කාලයකට පසු මකා දැමූ බවය.
එමෙන් ම එම සමාගම පැවසුවේ, යෙදවුම භාවිත කරන්නන් තෝරන ඡායාරූප හැර වෙනත් ඡායාරූප සිය දත්ත ගබඩාවලට (servers) ඇතුළත් කර නොගන්නා බවය.
මොකක් ද මේ ෆේස්ඇප්?

ඡායාරූප මූලාශ්‍රය, OLLY GIBBS
ෆේස්ඇප් යනු අලුත් යෙදවුමක් නොවේ. මීට දෙවසරකට පෙර "ජනවාර්ගිකත්වය වෙනස් කරන" බවට ඊට චෝදනා එල්ල විය.
එහිදී මුහුණු ඡායාරූප එක් ජනවර්ගයකින් තවත් ජනවර්ගයකට වෙනස් වූ ආකාරය දක්වන ඡායාරූප නිර්මාණය කෙරුණු අතර ඊට අයහපත් ප්‍රතිචාර ලැබීමත් සමග කෙටිකලකින් නතර කෙරිණි.
එම යෙදවුම මගින් කෝපාන්විත හෝ අදහසක් පළ නොවන මුහුණු ඡායාරූප මත සිනහවක් නිර්මාණය කිරීමට ද හැකිය. එපමණක් නොව විවිධ රූපලාවණ්‍ය මෝස්තර යෙදීමට ද එයට හැකිය.
එසේ නම් ගැටලුව කුමක් ද?
මෙම යෙදවුම සම්බන්ධයෙන් විමතිය පළ වූයේ, එමගින් ස්මාර්ට් ජංගම දුරකතනවල ඇති ඡායාරූප ඒවයෙහි හිමිකරුවන්ගේ අවසරයකින් තොරව ෆේස්ඇප් දත්ත ගබඩා වෙත අප්ලෝඩ් වන බවට යෙදවුම් නිර්මාපකයෙකු වන ජෝෂුවා නොසී පළ කළ ට්විටර් පණිවුඩයකින් පසුවය.
කෙසේ වෙතත්, එලියට් ඇල්ඩර්සන් යන ව්‍යාජ නමින් පෙනී සිටින ප්‍රංශ ජාතික සයිබර් ආරක්ෂණ පර්යේෂකයෙකු නොසීගේ චෝදනා විමර්ශනය කළේය.
ඔහු සොයා ගත් කරුණුවලින් පෙනී ගියේ ෆේස්ඇප් හරහා අවසරයකින් තොරව ඡායාරූප දත්ත ගබඩා වීමක් සිදු නොවන බවය. එමගින් යෙදවුම භාවිත කරන්නා තෝරා දෙනු ලබන ඡායාරූපය පමණක් දත්ත ගබඩා වෙත යන බව අනාවරණය වී තිබිණි.
යෙදවුම භාවිත කරන්නා ඉදිරිපත් කරන ඡායාරූපය පමණක් දත්ත ගබඩා වෙත ඇතුළත් වන බව ෆේස්ඇප් සමාගම ද බීබීසී පුවත් සේවයට පැවසීය.
මුහුණු හඳුනාගැනීම
තවත් පිරිසක් ඉදිරිපත් කළ තර්කයක් වූයේ, මුහුණු හඳුනාගැනීම් සමීකරණවල (facial recognition algorithms) සහය සඳහා ෆේස්ඇප් යෙදවුම භාවිත කරන්නන්ගේ ඡායාරූප දත්ත ලෙස භාවිත කරන බවය.
අදාළ ඡායාරූප මකා දැමීමෙන් පසුව වුව ද මුහුණු හඳුනාගැනීම සඳහා එම දත්ත භාවිතයට ගත හැකිය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
"මුහුණු හඳුනාගැනීම් සඳහා අපි ඡායාරූප භාවිත කරන්නේ නෑ," ෆේස්ඇප්හි ප්‍රධාන විධායක නිලධාරී යරොස්ලාෆ් ගොන්චරොෆ් බීබීසී පුවත් සේවයට පැවසීය.
ගැටලු එපමණ ද?
එපමණක් නොවේ. ඇතැමුන් ප්‍රශ්න කරන්නේ, ඡායාරූප දත්ත ගබඩා වෙත ඇතුළත් නොකර යෙදවුම ක්‍රියාත්මක කළ හැකිව තිබියදී ෆේස්ඇප් ඡායාරූප අප්ලෝඩ් කරනුයේ මන් ද? යනුවෙනි.
ෆේස්ඇප් භාවිත කරන්නන්ගේ ඡායාරූප ගබඩා වනුයේ ඇමෙරිකාවේ පිහිටි දත්ත ගබඩා තුළය. කෙසේ වෙතත් ෆේස්ඇප් යනු රුසියානු සමාගමකි.
ඇමෙරිකාවේ නීතිඥවරියක වන එලිසබෙත් වෙයින්ස්ටෙයින් පැවසුවේ, ෆේස්ඇප්හි නියමයන් සහ කොන්දේසි අනුව යෙදවුම භාවිත කරන්නන්ගේ ඡායාරූප වාණිජමය කටයුතුවලට භාවිත කළ හැකි බවය.
එහෙත්, ලයිෆ්වයර් නමැති තාක්ෂණික වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලාන්ස් උලනොෆ් පෙන්වා දෙන්නේ, ට්විටර් වෙබ් අඩවියේ පවා නියමයන් සහ කොන්දේසි ෆේස්ඇප් යෙදවුමේ කොන්දේසිවලට සමාන බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
කොන්දේසි පිළිබඳව භාවිත කරන්නන් දැනුවත් ද?
ඇතැමෙකු පවසන ආකාරයට මෙම ගැටලුවෙහි ප්‍රධාන කේන්ද්‍රය මෙයයි. පෞද්ගලිකත්වය පිළිබඳ නීතිඥ පැට් වෝල්ෂ් පවසන්නේ, ඇතැම් දත්ත වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදාගත හැකි බවට ෆේස්ඇප් පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියෙහි (privacy policy) සඳහන් වන බවය.
එම යෙදවුම ගූගල් ඇඩ්ස් සඳහා ද විවෘතය.
පැට් වෝල්ෂ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, "අපැහැදිලි ආකාරයකට" එය සිදුකර ඇති බවය. "යෙදවුම භාවිත කරන්නන්ට නියම තෝරා ගැනීමකට සහ පාලනයකට ඉඩ දීමට මෙය අසමත් වී තිබෙනවා."
කෙසේ වෙතත්, ෆේස්ඇප් ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ, ෆේස්ඇප් පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය පොදුවේ භාවිත වන එකක් බවය. කිසිදු දත්තයක් වෙළෙඳ ප්‍රචාරණය ඉලක්ක කර ලබා නොදෙන බව ද ඔහු පැවසීය.
එම යෙදවුම මුදල් උපයනුයේ භාවිත කරන්නන් කරන ගෙවීම් සහ විශේෂාංග හරහා බව ද ඔහු පැවසීය.
ෆේස්ඇප් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, භාවිත කරන්නන්ගේ දත්ත රුසියාවට යැවීමක් නොකරන බවය.
මේ අතර, එක්සත් රාජධානියේ තොරතුරු කොමසාරිස් කාර්යාලය බීබීසී පුවත් සේවයට පැවසුවේ, ෆේස්ඇප් යෙදවුම සම්බන්ධයෙන් පැන නැගී ඇති කරුණු පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බවය.
"යම් යෙදවුමකට සම්බන්ධ වෙනකොට පෞද්ගලික දත්තවලට මොක ද වෙන්නේ කියලා හොයලා බලන්න කියලයි අපි උපදෙස් දෙන්නේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලිභාවයක් ඇති වන තුරු කිසි ම පෞද්ගලික තොරතුරක් සපයන්න එපා."
(තාක්ෂණය පිළිබඳ වාර්තාකරු ක්‍රිස් බරනියුක් සම්පාදනය කළ ලිපියක් ඇසුරිනි.)
තවදුරටත් කියවන්න.








