බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සේවකයින්ට 'ලිංගික හිරිහැර සහ අයුතු බලපෑම්' සිදුවන බව හෙළිවෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් එහි කාර්ය මණ්ඩලයට අයුතු බලපෑම් (bullying) හා හිරිහැර කිරීම සම්බන්ධයෙන් "සැලකිය යුතු ගැටලුවක්" පවතින බව නව වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.
විමර්ශනය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෙමා වයිට් පැවසුවේ, මෙම හැසිරීම "විශාල පිරිසකගේ සෞඛ්‍යයට හා ශුභසාධනයට බරපතළ ලෙස බලපා ඇති" බවය.
"අයුතු බලපෑම් කිරීම හා හිරිහැර කිරීම හෙළා දකින" බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමිසම පැවසීය.
මේ අතර, කලක් මුළුල්ලේ එල්ලවෙමින් පවතින මෙවැනි චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව රජය පවසයි.
එම සැලැස්ම නිවේදනය කරමින් සභානායක මෙල් ස්ට්‍රයිඩ් පැවසුවේ, පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග අනුව "සැලකිය යුතු ප්‍රගතියක්" ලබා ඇති නමුත් "තවත් බොහෝ දේ කළ යුතුව ඇති" බවය.
සාමි මන්ත්‍රී මණ්ඩලයේ "හඳුනාගත් වැරදිකරුවන්" විසින් කාර්ය මණ්ඩලයට "අයුතු බලපෑම් හා හිරිහැර" (bullied and harassed) කර ඇති බවට තවත් පරීක්ෂණයකින් නිගමනය වීමෙන් දිනකට පසුව අදාළ වාර්තාව නිකුත් විය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
නීතිඥ ගෙමා වයිට්ගේ පරීක්ෂණයෙන් අවධානය යොමු වූයේ, පාර්ලිමේන්තුව විසින් සේවයේ යොදවනු ලැබ ඇති පර්යේෂකයන්, සේවක සේවිකාවන්, ලේකම්වරුන් සහ සීමාවාසිකයන්ට මෙන් ම මන්ත්‍රීවරුන් විසින් පත් කරනු ලැබූ සේවක මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සලකන ආකාරය පිළිබඳවය.
එම කාර්ය මණ්ඩලය මුහුණ දෙන අයුතු බලපෑම් සහ හිරිහැරයන් පිළිබඳව තොරතුරු වාර්තා නොවීමට හේතුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම "වෘත්තීය සිය දිවි නසා ගැනීමක්" යනුවෙන් බොහෝ දෙනෙකු තුළ අදහසක් පැවතීම බව අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.
එක් කාර්ය මණ්ඩල සාමාජිකාවක නීතිඥ වයිට් සමග පවසා තිබුණේ, ඇය එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සේවය කළ කාලය "(ඇගේ) ජීවිතයේ වඩාත් ම ආතතියෙන් යුතු වූ සහ එදිරිවාදිකම් සහිත කාලය" බවය.
ඇය තවදුරටත් මෙසේ පැවසීය: "මගේ මුළු ආත්ම විශ්වාසය ම බිඳ වැටුණා. අවසානයේදී, මම ඒ කාර්යාලයේ කළ සියලු කාර්යයන් පැත්තකට දාපු මට දැනුණේ මම අසමත් කෙනෙක් කියලා."
තවත් සේවකයෙකු පැවසුවේ, "පාර්ලිමේන්තුවේ දේශපාලන රැකියා ලබා ගන්නා තාක් කල් ඔබගේ අනාගතය රැඳී පවතින්නේ ඔබ සේවය කරන්නේ කාට ද? ඔබ සම්බන්ධ වී සිටින්නේ කවුරුන් සමග ද යන්න මතයි. අපි වගේ තරුණ අයගේ අපේක්ෂා ජය ගන්න ලිංගික හිරිහැර කියන යක්ෂයා අත්‍යවශ්‍ය කාරණයක්," බවය.
පාර්ලිමේන්තුවේ සේවය කළ හිටපු සේවකයෙකු ද අදහස් දක්වා තිබිණි. "(මන්ත්‍රීවරයා) මගේ ආත්ම විශ්වාසය බිඳ දාලා මම වැඩකට නැති කෙනෙක් කියලා දැනෙන්න සැලැස්සුවා. කියන්න කනගාටුයි, මම ඔවුන්ගෙන් ඉවත් වුණා. පාර්ලිමේන්තුව මගේ ජීවිතයේ හොඳ ම සන්ධිස්ථානයක් වුණා."
"ඔවුන්ගේ හැසිරීම කොතරම් නරක ද කියන එකත් සහ ඒවා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය කොතරම් අකාර්යක්ෂම ද කියන එකත් පමණයි මම ඒ රැකියාවලින් ඇත්තට ම වටහා ගත්තේ."
"පැමිණිලි අවමයි"
ගෙමා වයිට් පැවසුවේ, සිය විමර්ශනයේදී පුද්ගලයින් 220 දෙනෙකුගේ අදහස්වලට සවන් දුන් අතර බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් "විශිෂ්ට සේවා යෝජකයින්, හිතවතුන් සහ කළමනාකරුවන්" එම පිරිස් විසින් හඳුන්වා දෙනු ලැබූ බවය.
මන්ත්‍රීවරුන්ගේ "ආචාරශීලීත්වය කැපී පෙනෙන" බවත් පාර්ලිමේන්තුව "ඔවුන් වැඩ කළ වඩාත් ම ආචාරශීලී හා අවම තර්ජනාත්මක ස්ථානය" බවත් මෙම වාර්තාවේ ඇතුළත් කාර්ය මණ්ඩලයේ උපුටනවලින් දැක්වෙයි.
එහෙත්, මන්ත්‍රීවරුන්ගෙන් සුළු පිරිසක් "පිළිගත නොහැකි ආකාරයෙන් හැසිරෙන බවත්, එය තේරී පත් වූ නියෝජිතයන්ගෙන් අපේක්ෂා කළ නොහැකි මට්ටමක පවතින බවත් ගෙමා වයිට් පැවසීය.
කාර්ය මණ්ඩලයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම, පහත් කොට සැලකීම සහ නින්දා කිරීම වැඩි වශයෙන් සිදුවන බව වාර්තාවේ දැක්වේ.
එම වාර්තාව පවසන්නේ, ලිංගික හිරිහැර කිරීම් ද ගැටලුවක් වන අතර එමගින් යම් යම් අනවශ්‍ය ප්රතිලාභ හිමි වීමට බලපා ඇති බවය. ස්පර්ශ කිරීම් සහ බලහත්කාරකම් ද නිරන්තරයෙන් සිදුවන බව වාර්තා වී තිබේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පිළිගත නොහැකි මට්ටමේ ලිංගික "විහිළු" සිදු කෙරෙන අතර, අනෙක් අතට ලිංගික තොරතුරු පිළිබඳව සේවකයින්ගේ කැමැත්තකින් තොරව සාකච්ඡා සිදුවන බවත් වාර්තාවේ සඳහන්ය.
"පැහැදිලි ලෙස ම සැලකිය යුතු ගැටලුවක් වන මේ ප්‍රශ්නයට සාමූහික ප්‍රතිචාරයක් දැක්වීමට බලපෑම් කළ යුතුය," ගෙමා වයිට් පැවසීය.
"පාර්ලිමේන්තුව කියන්නේ අපගේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ආයතනය. ඒ වගේ ම ඒක බදු ගෙවන්නන්ගේ අරමුදලින් යැපෙන ආයතනයක්. ඒ නිසා එතන යහපත් රැකියා භාවිතයක් පැවතිය යුතුයි."
මෙම ගැටලුවට විසඳුම් වශයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෙමා වයිට් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ.
- හිරිහැර සහ අයුතු බලපෑම් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීමට බාධා නොකිරීම
- අතීත සිද්ධි පිළිබඳව කාර්ය මණ්ඩලය පැමිණිලි ඉදිරිපත් කිරීම
- මෙම චෝදනා සම්බන්ධයෙන් කිහිප දෙනෙකු පමණක් පැමිණිලි කර ඇති හෙයින් සෙසු සේවකයින්ගෙන් තොරතුරු ලබා ගැනීමට පියවර ගැනීම
- මේ සම්බන්ධ වැඩමුළු සඳහා ස්වේච්ඡා සහභාගිත්වය වෙනුවට සියලු දෙනාට අනිවාර්ය කිරීම
- සෙසු රාජ්‍ය ආයතනවල සේවක භාවිතයන් සහ ක්‍රියාපටිපාටි පාර්ලිමේන්තුව තුළත් අනුගමනය කිරීම
- මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ වෙන ම දෙපාර්තමේන්තුවකට පැවරීම
තවදුරටත් කියවන්න:








