ජුලියන් අසාන්ජ්: විකිලීක්ස් සම නිර්මාතෘ බ්‍රිතාන්‍යයේ දී අත්අඩංගුවට

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.

ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.

ලංඩන් නගරාධිපති සජිඩ් ජාවිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සනාථ කළේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ලංඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවය.

අසාන්ජ් දිගින් දිගටම ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කළ බැවින් ඔහුට ලබාදී තිබු රැකවරණය ඉවත් කරගත් බව එක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ පවසයි.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වමින් විකිලීක්ස් පැවසුවේ අසාන්ජ්ට ලබා දී තිබු දේශපාලන රැකවරණය ඉවත් කිරීමට එක්වදෝර් බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්ය.

අසාන්ජ් අත්අඩංගුවට ගත පසු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අසාන්ජ් අත්අඩංගුවට ගත පසු

ඇමෙරිකාවද අසාන්ජ් තම රටට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටී. ඒ ඇමෙරිකානු රහස්‍ය තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙනි.

මේ තොරතුරුද දැනගන්න: