ඉන්දියාව 'පාකිස්තානයට අයත් කාශ්මීර් දේශ සීමාවට' ගුවන් ප්‍රහාර එල්ල කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පාකිස්තාන දේශ සීමාවේ සිටින කාශ්මීර් සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව පවසයි. මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ, මේ මස මුලදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.
ඉන්දියාවේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසුවේ, බාලාකෝට්හි පිහිටි ජෙයිෂ් - ඊ - මොහොමඩ් (Jaish-e-Mohammad (JeM)) නමැති කණ්ඩායමකට අයත් පුහුණු කඳවුරක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවය.
සිය ගුවන් කලාපයට ඉන්දීය ගුවන් යානා ඇතුළු වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් සිය ගුවන් යානා ද පියාසර කරවූ බව පාකිස්තානය පවසයි.
මෙම සිද්ධියෙන් පෙනී යන්නේ, න්‍යෂ්ටික අවි බලය සහිත අසල්වැසි රටවල් දෙක අතර පවතින එදිරිවාදිකම්වල වර්ධනයකි.
1971 වසරේදී කාශ්මීර් දේශ සීමා මුල් කරගෙන ආරම්භ වූ යුද්ධයෙන් පසු එම කලාපයට එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරය මෙය වේ.
තවත් කියවන්න:

ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝකල් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, එම ගුවන් ප්‍රහාරවලින් සන්නද්ධ කැරලිකරුවන් "විශාල පිරිසක්" ජීවිතක්ෂයට පත්වූ බවය. කෙසේ වෙතත්, සිවිල් වැසියන්ට හානියක් නොවන පරිදි ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද ඔහු පැවසීය.
"ජෙයිෂ් - ඊ - මොහොමඩ් කණ්ඩායම ඉන්දියාව තුළ තවත් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරල තියෙන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී තියෙනවා. එවැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්න පූර්ව ප්‍රහාරයක් එල්ල කිරීම අත්‍යවශ්‍ය වුණා," ඔහු සඳහන් කළේය.
මෙම ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පෙර පෙබරවාරි මාසයේ මුලදී ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර් ප්‍රදේශයේ පුල්වාමාහි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පාකිස්තානයේ ප්‍රතිචාරය
පාකිස්තාන ආරක්ෂක හමුදා තහවුරු කළේ, ඉන්දීය ගුවන් යානා සිය ගුවන් සීමාවට පැමිණිය ද, කිසිදු හානියක් සිදුව නොමැති බවය.
හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසිෆ් ඝෆූර් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ, "ඉන්දීය ගුවන් හමුදාව සීමා උල්ලංඝණය කළා. ඒකට අපි වහා ම ප්‍රතිචාර දැක්වූවා. ඊට පස්සේ ඉන්දීය ගුවන් යානා ආපසු පියාසර කළා," යනුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2








