ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පූජකයින් කන්‍යා සොයුරියන් ලිංගික වහල්භාවය ඇතුළු අපයෝජනයට ලක් කර තිබූ බව පාප් වහන්සේ පිළිගනිති
ඇතැම් පූජකයින් විසින් කන්‍යා සොයුරියන්ව ලිංගිකව අපයෝජනය කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගෙන තිබේ. එවැනි එක් අවස්ථාවකදී ඔවුන්ව ලිංගික වහල්භාවයට යොදවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
එසේ පූජකයන් අතින් අපයෝජනයට ලක්වූ කන්‍යා සොයුරියන්ගෙන් සැදුම් ලත් පර්ශදයක් වසා දැමීමට, තමන්ට පූර්වයෙහි සිටි බෙනඩික්ට් පාප් වහන්සේට සිදු වූ බව ද උන්වහන්සේ සඳහන් කළහ.
පූජකයින් විසින් කන්‍යා සොයුරියන්ව ලිංගිකව අපයෝජනය කරනු ලැබූ බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිළිගන්නා ලද පළමු අවස්ථාව මෙය බව සැලකේ.
මේ තොරතුරුත් කියවන්න.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පියවර ගැනීමට කතෝලික සභාව උත්සහ ගත් අතර එය "තවදුරටත් ක්‍රියාත්මක" බව ද පාප් වහන්සේ පැවසූහ.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අඟහරුවාදා (පෙබ. 05) මේ බව සඳහන් කළේ, සිය ඓතිහාසික මැද පෙරදිග සංචාරය අතරතුරදී මාධ්‍යවේදීන් අමතමිනි.
පාප් වහන්සේගේ ඓතිහාසික මැද පෙරදිග සංචාරය ගැන කියවන්න.
පූජකයින් මෙන් ම රදගුරුවරුන් ද කන්‍යා සොයුරියන් අපයෝජනය කර ඇති නමුත්, මේ බව දැන සිටින කතෝලික සභාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද පාප් වහන්සේ සඳහන් කළහ.
"අපි දැනටමත් ඒ මාර්ගයේ ක්‍රියා කරමින් සිටිනවා" ඔහු සඳහන් කළේය.
"කන්‍යා සොයුරියන් සිටි පර්ශදයක් විසුරුවා හැරීමට තරම් බෙනඩික්ට් පාප් වහන්සේට ධෛර්යය තිබුණා. ඊට හේතුව වුණේ එයට වහල් බව ඇතුළු වීම යි. එය ලිංගික වහල්භාවය දක්වා වූ තැනකට පැමිණ තිබුණා. ඊට වගකිව යුතු වුණේ පූජකයින් හෝ එහි නිර්මාතෘ"
මේ ගැන විවෘතව කතා කිරීමෙන් තමන්ව වළක්වාලන "නිහඬ බවේ සංස්කෘතිය හා රහස්‍යභාවය" ප්‍රතික්ෂේප කිරීමට කතෝලික සභාවේ කන්‍යා සොයුරියන් පිළිබඳ ගෝලීය සංවිධානය පසුගිය නොවැම්බර් මාසයේදී පියවර ගත්තා.
දින කිහිපයකට ඉහතදී වතිකානයේ කාන්තාවන් පිළිබඳ සඟරාව වූ Women Church World මේ අපයෝජන හෙළා දකිමින් පැවසුවේ, ඇතැම් සිදුවීම්වලදී, පූජකයින් නිසා හට ගන්නා ගැබ් ගබ්සා කිරිමට කන්‍යා සොයුරියන්ට බල කෙරුණු බවය. ගබ්සා කිරීම කතෝලික දහම තුළ අකැප වූවකි.
බොහෝ කාන්තාවන්ට තමන් මුහුණ දුන් සිදුවීම් හෙළිදරව් කිරීමට, #MeToo වැඩපිළිවෙළ නිසා හැකි වී ඇති බව ද එම සඟරාව පවසයි.