ජපානය 'සිවුර සමග රිය පැදවීමේ වරදට' දඩ ගෙවීම ප්‍රතික්ෂේප කළ බෞද්ධ භික්‍ෂුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජපානයේ බෞද්ධ භික්ෂූන්වහන්සේ පනිමින්, හිම ක්‍රීඩාවේ යෙදෙමින් සහ ඇස්බැන්දුම් කරමින් තමන් සාම්ප්‍රදායිකව ඇඟලන සිවුර සෙසු කාර්යයන් සඳහා බාධාවක් නොවන්නේ කෙසේදැයි පෙන්වමින් සිටිති.
එවැනි ක්‍රියාදාමයකට බෞද්ධ හිමිවරු යොමු වූයේ භික්‍ෂුවක් මෝටර් රියක් පැදවූ අවස්ථාවක උන්වහන්සේ ඇඟලා සිටි කිමෝනාව "ප්‍රවේශම් සහගත රිය ධාවනයට බාධාවක් විය හැකි බව," සඳහන් කරමින් පොලිසිය දඩ නියම කිරීමත් සමගය.
යෙන් 6,000 ක් වූ දඩය ගෙවීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ.
ඒ සමගම ජපානයේ බෞද්ධ සමාජය පෙරට විත් ඒ සඳහා සහයෝගය පළ කරන්නට විය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ජපානයේ බෞද්ධ භික්ෂූන්ට රිය පැදවීම තහනම් නොමැතිමුත් ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බෞද්ධ භික්ෂූන්වහන්සේට රියදුරු බලපත් නිකුත් නොකරන බව එහි නීති නිලධාරිවරයා බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.
මෝටර් රථවාහන කොමසාරිස්වරයා විසින් තමන්ට රියදුරු බලපත්‍ර නිකුත් නොකරනු ලැබීමට එරෙහිව බෞද්ධ භික්ෂූන්වහන්සේ පැවරූ නඩු කටයුතු මෝටර් රථවාහන කොමසාරිස්වරයාගේ තීරණය තහවුරුවන පරිදි අවසන් වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පැවිදි අයකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීතියෙන් කිසිදු තහනමක් පනවා නොමැති බවත් අවශ්‍ය වයස් සීමාව ඉක්මවූ වාහනයක් පැදවීමට පළපුරුද්දක් ලබා ඇති හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් ඕනෑම පුද්ගලයකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මෝටර් රථ වාහන පනතේ රෙගුලාසිවලින් මෝටර් රථ වාහන කොමසාරිස්‌වරයා බැඳී සිටින බැවින් තමාට අයදුම්පත්‍රයක් දීම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහු ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා කුඩා වස්‌කඩුව, ශ්‍රී ශාඛ්‍යමුණි විහාරස්‌ථානයේ විහාරාධිපති ආචාර්ය විමලවංශ හිමි 2013 වසරේදී අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේවුවද, අධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් ඉවත දැමු බව ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ පවතිද්දී නැගෙනහිර පළාතෙ මාවඩිචේන, කල්ලඅඩි, පාෂාණ පාෂාණබ්බත විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර දේවානන්දකිත්ති හිමියන්, පැවිදිවීමට පෙර ගිහිකළ තම නමට ලබාගත් රියදුරු බලපත‍්‍රය භාවිත කරමින් රිය ධාවනය කළ අවස්ථාවක සිදුවූ අනතුරක් සම්බන්ධ නඩු කටයුත්තක් පසුගිය ඔක්තෝබර් මාසයේදී මාධ්‍ය වාර්තා කළේය.
එසේම, බෞද්ධ ස්වාමින්වහන්සේ මත්පැන් පානය කර රිය පැද වූ බව පැවසෙන අවස්ථාවලදී පොලිසිය නඩු පැවරූ සිද්ධි ද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විටින් විට වාර්තා විය.
ජපානයේ සිදුවූයේ කුමක්ද?
ජපානයේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේට නීත්‍යානුකුලව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව පැවතිය ද සිවුර හේතුවෙන් 'රිය පැදවීම අනතුරුදායක විය හැකි' බව පොලිසිය තීරණය කිරීමත් සමගම භික්ෂූන්වහන්සේ තම සම්ප්‍රදායික ඇඳුම ඇඟලා විවිධ ක්‍රියාකාරකම් කරමින් ඒවායේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නට ආරම්භ කළේ "මට සිවුර ඇඟලා ගෙන මේ සියල්ලක් ම කළ හැකිය" යන උදෘතය යටතේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

End of X post, 2
තවත් පුවත්:
ඒවා හුදු ශාරීරික ක්‍රියාකාරකම් පමණක් ම නොවේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3

End of X post, 4

End of X post, 5
අදාළ භික්‍ෂුව ෆුකුයි (Fukui) ප්‍රාන්තයේ පැවති බෞද්ධ අනුස්මරණ අවස්ථාවක් සඳහා ගමන් කරමින් සිටියදී පොලිසිය නවත්වන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
නමුත් එම පුවත ප්‍රසිද්ධියට පත්වූයේ පසුගිය දෙසැම්බරයේ වන අතර, එතැන් සිට "මට සිවුර ඇඟලා ගෙන මේ සියල්ලක් ම කළ හැකිය" හෑෂ්ටැගය යටතේ එය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය විය.
"සිවුරේ අත් සහ දිග" රිය පැදවීමට බලපෑ හැකි බව අදාළ පොලිස් නිලධාරියා පැවසූ බව පුවත්පතක පළවී තිබුණි.
ජපාන මාර්ග නීතියට අනුව රිය ධාවනයට බාධා විය හැකි ඇඳුම් ඇඟලා රිය පැදවීම තහනම්ය. නමුත් සියලුම බෞද්ධ හිමිවරුන්ගේ සිවුරු මෙම බාධාව ඇති නොකරයි.
මෙම බෞද්ධ භික්‍ෂුව වසර 20 ක් තිස්සේ රිය පදවා ඇති නමුත්, මෙම සිදුවීම දක්වා කිසිදු අවස්ථාවක සිවුර හේතුවෙන් වරදකරු වී නොමැත.
කෙසේවුවද, දඩ මුදල නොගෙවන්නේ නම්, එරට නීතියට අනුව නඩු කටයුත්තකට මුහුණ පෑමේ අවධානමක් ද පවතී.