ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනය: අභ්‍යවකාශ තරණයෙහි නව පිටුවක්
අභ්‍යවකාශ තරණයෙහි නව පිටුවක් පෙරළීමට චීනය සමත් වී සිටී.
ඒ සඳෙහි ඈත කෙළවරෙහි දුරස්ථ පාලකයක් මගින් හසුරවනු ලබන අභ්‍යාවකාශ යානයක් ගොඩබෑමට කටයුතු කිරීමෙනි. බේජින් වේලාවෙන් 10:26ට Chang'e-4 නමැති පුද්ගලයින් රහිත යානය සඳෙහි දකුණු කෙළවරෙහි පිහිටි එයිට්කන් බේසින් නමැති ස්ථානයට ගොඩබෑ බව චීන රජය නිවේදනය කළේය.
මෙය අභ්‍යාවකාශ තරණයෙහි සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැළකේ.
ඔවුන් ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ භූගෝලීය විෂමතා සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ සඳහා අවශ්‍ය උපකරණ එම යානය මහින් ගෙන ගිය බවය.
මෑත කාලයේදී සඳ වෙත ළඟාවීමට හෝ එහි ගොඩබෑමට විවිධ රටවල් උත්සාහයන් රැසක් දරණ ලද අතර අවසාන වරට මිනිසුන් සහිත යානයක් සඳ මත ගොඩබසින ලද්දේ 1972 දීය.
ඒ ඇපොලෝ 17 යානයයි.
Chang'e-4 යානය මගින් පෘතුවියට එවන ලද පින්තුර සහ දර්ශන මේ වන විටත් චීන රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
මෙම යානයට පාලක මධ්‍යස්ථානය සමග සන්නිවේදන සම්බන්ධතා නොමැති අතර එමගින් එක්රැස් කරගන්නා දත්ත සහ පින්තුර නැවත එවනු ලබන්නේ වෙනත් චන්ද්‍රිකාවක ආධාරයෙනි.
මීට පෙර සිදු කළ සඳ තරණයන්හීදී යානයන් ගොඩබා ඇත්තේ පෘතුවියට මුහුණලා ඇති ස්ථරය මතය.
නමුත් මෙම කලාපයේ අභ්‍යවකාශ යානයක් ගොඩබා ඇත්තේ ප්‍රථමවරට බව වාර්තා වෙයි.
කැල්ටෙක් හි අභ්‍යවකාශගාමියෙක් ලෙස කටයුතු කරන යේ කුවංසි බීබීසී සේවය හා එක්වෙමින් පැවසුවේ, චීනය අනෙක් අය නොකළ දෙයක් කිරීමට පියවර ගෙන ඇති බවය.
එසේම මෙම යානය මගින් ප්‍රධාන වශයෙන් සඳෙහි වොන් කාර්මන් නම් පැල්ම සහිත ප්‍රදේශය ගවේෂණය කිරීමට නියමිතය.
සඳ මතුපිට විසිරී ඇති ශෛලමය කැබලි සහ දුහුවිලි මගින් චන්ද්‍රයා නිර්මාණය වූ ආකාරය පිලිබඳ යම් තොරතුරක් උකහා ගැනීමට මෙම යානයට හැකියාව ලැබේ යැයි චීන බලධාරීහු විශ්වාසය පළ කරති.