චිකාගෝහි රෝහලක වෙඩි ප්‍රහාරයක්: වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනෙකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, JOSHUA LOTT/GETTY IMAGES
ඇමෙරිකාවේ චිකාගෝහි රෝහලක සිදු කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් දෙදෙනෙකු, පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරුය.
චිකාගෝ නගරාධිපති රම් එම්මෑනුවෙල් තහවුරු කළේ, වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය කාන්තාවන් දෙදෙනාගෙන් අයෙකු වෛද්‍යවරියක වන අතර අනෙක් තැනැත්තිය සහය ඖෂධවේදිනියක බවය.
ජීවිතක්ෂයට පත් වෛද්‍යවරිය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
වෙඩි හුවමාරුව අතරතුර තුවක්කුකරු ජීවිතක්ෂයට පත්වුව ද, ඔහු සිය දිවි හානි කර ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රෝහලේ නිලධාරීන් පවසන්නේ, තුවක්කුකරු සමග සබඳතාවක් පැවති බව කියන කාන්තාවකට වෙඩි තැබීම සඳහා පැමිණි බව ඔහු ඇඟවූ බවය. එහෙත්, ඔහු එහි පැමිණි නිශ්චිත හේතුව කුමක් ද යන්න පිළිබඳව නිලධාරීන් අදහස් දක්වා නොමැත.
"වෛද්‍යවරියක්, සහයක ඖෂධවේදිනියක් සහ පොලිස් නිලධාරියෙක් චිකාගෝ නගරයට අහිමි වුණා. මේක යක්ෂයාගේ ක්‍රියාවක්" චිකාගෝ නගරාධිපතිවරයා සිය ශෝකය පළ කළේය.
පහත පළ වන්නේ, ජීවිතක්ෂයට පත් පොලිස් නිලධාරියා පිළිබඳ තොරතුරුය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙම සිද්ධිය වූයේ, සඳුදා එරට වේලාවෙන් සවස 3.00 ට පමණ චිකාගෝහි මර්සි රෝහලේදීය.
තුවක්කුකරු රෝහලේ රථ ගාලේදී "වෙඩි කිහිපයක්" එල්ල කළ බව චිකාගෝ පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ඔහු පසුව වෙඩි තබමින් රෝහල තුළට පැමිණ ඇත.
වෙඩි තැබීම් සම්බන්ධයෙන් දත්ත පළ කරන Gun Violence Archive නමැති වෙබ් අඩවියට අනුව වෙඩි තැබීම් හේතුවෙන් මේ වසරේදී පමණක් ඇමෙරිකාව තුළ පුද්ගලයින් 13000ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම වෙබ් අඩවිය පවසන්නේ, තවත් පුද්ගලයින් 25000ක් තුවාල ලබා ඇති අතර සේවයේ නිරතව සිටියදී පොලිස් නිලධාරීන් 250 දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඇති බවය.








