ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි
ඉන්දුනීසියාවේ ජාකර්තා සිට පියාසර කරමින් සිටියදී මුහුදට කඩා වැටුණු Lion Air ගුවන් යානයේ කළු පෙට්ටිය මුහුදු පතුලේ තිබී සොයාගෙන තිබේ.
189 දෙනෙකු රැගත් එම ගුවන් යානය ජාකර්තා ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී සුළු මොහොතකින් මුහුදට කඩා වැටුණේ, පසුගිය සඳුදා දිනයේදීය.
එම ගුවන් අනතුරෙන් කිසිවෙකුගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ අතර, Boeing 737 ගුවන් යානයේ බඳ පවා සොයා ගත නොහැකි විය.
මෙම අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති අතර යම් කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ගුවන් යානය ආපසු ජාකර්තා ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට අවසන් වරට එහි ගුවන් නියමුවා අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවෙහි ගුවන් යානය සහ පාලක මැදිරිය අතර සබඳතා බිඳ වැටී තිබේ.
මෙම ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම්වල නිරත වූවන් පැවසුවේ, මුහුදු පතුල හාරා මඩ ඉවත් කර කළු පෙට්ටිය සොයාගත් බවය.
තවත් කියවන්න: