ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් කාඩේෂියන් ගැන තොරතුරු හොයන්නේ ප්‍රවේශමෙන්
ඔබ කිම් කාඩේෂියන් ගැන නිරන්තරයෙන් තොරතුරු සොයන්නෙකු නම් ප්‍රවේශමෙන් සිටින්න.
එක්සත් රාජධානියේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන McAfee ආයතනය පවසන පරිදි 2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරන ලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩි ම භයානක නම කිම් කාඩේෂියන් ය.
ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර විය හැකි වෙබ් අඩවි සමග ඈඳී තිබේද යන්න McAfee ආයතනය විසින් මැන බලනු ලබයි.
පසුගිය වසරේ එවැනි සෙවුම්වල ඉහළින් ම දැක්වුණු නම වූයේ ක්‍රෙග් ඩේවිඩ් ය.
මෙවර එම සෙවුම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ප්‍රකට නිරූපණ ශිල්පිනී නයෝමි කැම්බල් සිටින අතර තෙවන ස්ථානයේ පසුවන්නේ, කිම් කාඩේෂියන්ගේ සොහොයුරිය වන කර්ට්නි කාඩේෂියන් ය.
මේ තොරතුරු ද දැනගන්න:
McAfee ආයතනය පවසන්නේ, සයිබර් අපරාධකරුවන් විසින් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් සඳහන් බන්ධක (links) භාවිත කර ඉන්ටර්නෙට් පරිශීලකයින් රවටමින් වෛරස අඩංගුවිය හැකි හානිකර වෙබ් අඩවි වෙත යොමු කරනු ලබන බව ය.
පරිගණක වෛරස් ස්ථාපනය කිරීමට මෙන්ම රහස් පද සහ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට එවැනි වෙබ් අඩවි භාවිත කෙරේ.