මැග්නිටියුඩ් 7.5ක භූකම්පනයකින් පසු ඉන්දුනීසියාවට සුනාමියක්

Tsunami - Indonisia 2018

ඡායාරූප මූලාශ්‍රය, unknown

ඉන්දුනීසියාවේ වෙරළබඩ ප්‍රදේශයක හටගත් මැග්නිටියුඩ් 7.5ක භූමිකම්පාවත් සමග දැඩි සුනාමි තත්වයක් බලපා ඇති බව නිලධාරීහු පවසති.

සුලවේසි දූපතේ පලු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර මඳ වේලාවකට පසු අඩි 6.6ක් පමණ උස මුහුදු රැළි ගොඩබිම තුළට පැමිණ තිබේ.

ඒ අවට සිටි පුද්ගලයන් කලබල වී දිව යන ආකාරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවූ වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. හානි වූ ගොඩනැගිලි අතර මුස්ලිම් පල්ලියක් ද දක්නට ලැබිණ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මේ වනවිට පස් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීන් පැවසුවත්, එම මරණ සිදුවූයේ සුනාමියෙන්දැයි තවමත් පැහැදිලි නැත.

පසුගිය මාසය තුළ ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත්වල සිදුවූ භූකම්පන ගණනාවකින් සිය ගණනක් මිය ගියහ. විශාලතම භූකම්පනය වාර්තා වූයේ අගෝස්තු පස්වෙනි දින වන අතර, ඉන් 460කට අධික පිරිසක් මිය ගියහ.

2004 වර්ෂයේදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදු වූ භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි තත්වයකින් ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල් කීපයක පුද්ගලයන් 226,000ක් මිය ගිය අතර, ඉන් 120,000ට අධික පිරිසක් ඉන්දුනීසියානු වැසියෝය.

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ 'ගිණි වළල්ල' ලෙස හඳුන්වන නිතර භූකම්පන ඇතිවන ප්‍රදේශයකය. ලෝකයේ සක්‍රීයව පවතින යමහල් අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් මෙම ගිණි වළල්ල ඇතුළත පිහිටා තිබේ.

Tsunami - Indonisia 2018

මේ තොරතුරුද කියවන්න: