ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාවුරු දූපතේ සරණාගතයන්: ජිවිත අත්හරින ලද දරුවන් වෙසෙන දිවයින
දිවි හානිකර ගැනීමේ උත්සාහයන් සහ තමන්ටම හානිකර ගැනීමේ තැතිගන්වන ක්‍රියා හේතුවෙන්, නාවුරු දිවයිනේ වෙසෙන සරණාගත දරුවන් පිළිබඳ අවධානය අලුතින් යොමු වීමට පටන්ගෙන ඇත.
එය "මානසික සෞඛ්‍ය අර්බුදයක්" ලෙස හඳුන්වා ඇත..
මතභේදයට තුඩුදුන් ඕස්ට්‍රේලියාවෙන් එතෙර නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් (processing centre) වූ කුඩා දූපත් රාජ්‍යය මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා ලැබීය.
කෙසේ නමුත් එහි රඳවා ඇති කුඩා දරුවන්ගේ තත්ත්වය දිගින් දිගටම පිරිහෙන බව මෑතකදී නිකුත්වූ මාධ්‍ය වාර්තාවලින් ඉස්මතුකර පෙන්වීය.
"වයස 8 - 10 දරුවන් පවා තම දිවි හානි කරගැනීමේ පෙළඹීමක් දකින්නට අපට හැකිවී තිබෙනවා," මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය ලුවිස් නිව්මන් (Louise Newman) පවසයි. ඔහු නාවුරු දිවයිනේ සරණාගත පවුල් සහ දරුවන් සමග කටයුතු කරයි.
"එය ඇත්තවශයෙන්ම අර්බුදයක්."
මේ අතර නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පිවිස, සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය මේවන විට 103 ක් බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නවතම වාර්තාවල සඳහන්වේ.
අමාත්‍යාංශය අවසන් වාර්තාව නිකුත් කළ පසුගිය මැයි 31 වෙනි දින වනවිට, පුරුෂයන් 98 ක් සහ ස්ත්‍රීන් 5 ක් ද රැඳවුම් භාරයේ පසුවේ.
කෙසේ නමුත්, ඒ අතර දරුවන් සිටින බව වාර්තා නොවුනද, නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස නිවාස අඩස්සියේ පසුවන ශ්‍රී ලාංකිකයන් අතර දරුවන් 18 ක් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා පෙන්වාදේ.
අහිමි අපේක්‍ෂාව
ජීවිත ආරක්ෂාව පතා හෝ සරණාගතයන් ලෙස තම රටට බෝට්ටු මගින් පිවිසීමට උත්සාහ කරන පුද්ගලයන් ඔස්ට්‍රේලියාව විසින් අතරමගදී අවහිර කරනු කරයි. එවැන්නන්ට තම රටට ඇතුළුවිය නොහැකි බව ඕස්ට්‍රේලියාව ස්ථිර ලෙසම කියා සිටී.
නමුත් පසුගිය අගෝස්තුවේදී කිඹුලන් පිරී ප්‍රදේශයකට සරණාගතයන් රැගත් බෝට්ටුවක් පැමිණි බව ඕස්ට්‍රේලියාව පිළිගත්තේය.
කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ පැපුවා නාවුරු හා නිව්ගිනියා හි පෞද්ගලිකව ක්‍රියාත්මකවන "නිරවුල් කිරීමේ මධ්‍යස්ථාන" සඳහා ඕස්ට්‍රේලියාව මුදල් යොදවයි.
දුපතේ සරණාගත පවුල් සමග කටයුතු කරන කණ්ඩායම් එහි දරුවන්ගේ ජිවිත පිළිබඳ ඉතා දරුණු චිත්‍රයක් මවාපායි.
එම දරුවන්ගෙන් විශාල පිරිසක් තමන්ගේ අනාගතය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව ජිවිතයේ වැඩි කලක් රැඳවුම් භාරයේ ගෙවන්නට සිදුව තිබේ.
මෙයින් ඇතිවන කම්පනය, දුප්පත්කම සහ නිරන්තර භයානක තත්ත්වයන් ද සමග බැඳීමෙන් බලාපොරොත්තු රහිත තත්ත්වයක් පිළිබඳ හැගීමක් ඇති කරයි.
රැකවරණ පතන්නන්ගේ සම්පත් මධ්‍යස්ථානයේ (Asylum Seeker Resource Centre), රැඳවුම් මධ්‍යස්ථාන නීතිඥ මණ්ඩල කළමනාකාර නතාෂා බ්ලුචර් (Natasha Blucher) පෞද්ගලිකත්වය සහ ආරක්ෂක හේතු මත නිශ්චිත සිදුවීම්වල තොරතුරු හෙළි නොකළ නමුත්, තම ආයතනය නැවත නැවතත් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ හෝ දිගින් දිගටම තමන්ටම පීඩා කරගන්නා දරුවන් 15 ක් පමණ සමග කටයුතු කරන බව පැවසුවාය.
එසේම, මෙම ගැටලුව අර්බුදයක් දක්වා වර්ධනයවී ඇති බව ඇය විශ්වාස කරන්නීය.
සබැඳි පුවත්: