බ්‍රසීලය: වසර 200 ක් පැරණි ජාතික කෞතුගාරයට ගින්නකින් හානි

බ්‍රසීල කෞතුකාගාරයක් ගින්නෙන් වැනසේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ.

මිලියන 20 ක පමණ අයිතමයන්ගේ එකතුවක් පැවති එම කෞතුකාගාරයේ ගින්න මැඩලීම සඳහා ගිනි නිවන භටයෝ වෙහෙස දැරුහ.

මෙහිදී කිසිවකුට තුවාල සිදුවී ඇති බවක් වාර්තා නොවේ.

අතීතයේ පෘතුගාල රාජකීය පවුලේ නිවාසය වූ මේ ගොඩනැගිල්ලේ 200 වෙනි සංවත්සරය 2018 වසර මුලදී සැමරිණි.

ගින්න නිසා සිදුවී ඇති හානිය කොතෙක්දැයි මෙතෙක් පැහැදිලි නැත.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"වසර 200 ක ක්‍රියාකාරකම්, පර්යේෂණ හා දැනුම අහිමි වූ" මෙදින "සියලු බ්‍රසීලියානුවන්ට කනගාටුදායක දිනයක්" බව ජනාධිපති මිචෙල් ටෙමර් (Michel Temer) ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය.

බ්‍රසීලයේ TV Globo නම් රූපවාහිනිය සමග අදහස් පළ කළ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය "සංස්කෘතික විපත්තියක්" බවය.

කෞතුකාගාරය තුළ බ්‍රසීල මෙන්ම ඊජිප්තු පුරාවස්තු ද ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව එහි වෙබ් අඩවියේ දැක්වේ.

බ්‍රසීල කෞතුකාගාරයක් ගින්නෙන් වැනසේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එහි වූ ස්වභාවික ඓතිහාසික දේ අතරට ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000 ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද විණි. එය ඇමරිකානු කලාපයෙන් හමුවූ පැරණිතම මානව අස්ථි ද වේ.

මෙම ආයතනයට සැපයුණු ප්‍රතිපාදන කපා හැරීම මෙන්ම, ගොඩනැගිල්ල අභාවයට යමින් පැවති තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවකයින් සිය අවධානය යොමු කර තිබු බව මීට පෙර වාර්තා විය.

1818 දී මෙම ආයතනය ආරම්භ කෙරුණේ විශේෂඥයින් හට එහි වූ එකතුව පරිශීලනයට ඉඩ හැර විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ තොරතුරු දැනගන්න: