ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලුවී කුමරාගේ බවුතීස්මය රජ පවුලේ ඡායාරූප එකතුවකට මග පාදයි
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ලාබාලතමයාවූ ලුවී කුමරා බවුතීස්ම කිරීමට අදාළ ඡායාරූප කීපයක් පළ කිරීම මගින් එම පවුලේ සුවිශේෂ හමුවක් සනිටුහන් කිරීමට මග පෑදී ඇත.
The Chapel Royal හි පැවති බවුතීස්මයෙන් අනතුරුව ජනප්‍රිය ඡාරූප ශිල්පී මැට් හොලියොක් (Matt Holyoak) විසින් ගන්නා ලද ඡායාරූප හතරක් මෙසේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබ තිබේ.
"හැමෝම බොහෝ සැහැල්ලුවෙන් සහ බොහෝ උද්යෝගයෙන් සිටියා. එය ඇත්තෙන්ම සතුටක්" ඡායාරුප ශිල්පී හොලියොක් පවසා ඇත.
විලියම් කුමරා සහ කේට් කුමරිය සමග දරුවන් තිදෙනා එකම මොහොතකදී දකින්නට ලැබුණු පළමු අවස්ථාව මෙම බවුතීස්ම මංගල්‍යයවේ.
2018 අප්‍රේල් 23 වෙනි දින උපන් ලුවී ආතර් චාල්ස් කුමරු රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වේ.
2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව ලුවී කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තාය.
විලියම් - කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේදීත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේදීත් උපත ලැබූහ.
සබැඳි පුවත්: