ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්තයේ මියගිය තල්මසකුගේ කුස තුළ ප්ලාස්ටික් බෑග්
දකුණු තායිලන්ත මුහුදේ මියැදෙමින් සිටි තල්මසකුගේ දිවි ගලවා ගැනීම සඳහා සංරක්ෂණ නිලධාරීන් ගත් උත්සාහයේදී එම සත්වයා ප්ලාස්ටික් බෑග් 5ක් වමනය කර තිබිණි.
එම සත්වයාගේ දිවි බේරා ගැනීම අසාර්ථකවූ අතර කුස තුළින් ප්ලාස්ටික් බෑග් 80ක් හමුවිය.
කිලෝග්‍රෑම් 8 ක් පමණ බරැති එම ප්ලාස්ටික් බෑග් තොගය හේතුවෙන් තල්මසා ( Pilot Whale) ආහාර ගැනීමේ අසීරුතාවකින් පෙළුණු බව විශේෂඥයෝ පවසති.
කසළ කළමනාකරණය නිසි ලෙස නොකළ හොත්, ඉදිරි දශකය තුළ සාගරයට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය තුන් ගුණයක් වියහැකි බව මෑතක නිකුත් කළ වාර්තා මගින් අනතුරු අඟවා තිබිණි.
තායිලන්තය ප්ලාස්ටික් බෑග් විශාල වශයෙන් භාවිත කරන රටක් වන අතර, බෑග් භාවිතය අවම කිරීම සඳහා ඒමත බද්දක් අයකිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පසුගිය මාසයේදී එරට රජය නිවේදනය කළේය.
තායිලන්තය ආසන්න මුහුදේ වසරකට සිය ගණනක් මුහුදු ජීවීන් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මියයන බව විශ්වාස කෙරේ.
සොන්ක්ලා (Songkhla) පළාතේ න තප් ( Na Thap) ඇළ මාර්ගයේ පිහිනීමට නොහැකිව අසනීපයෙන් සිටි මෙම කුඩා පිරිමි තල්මසා, පසුගිය සඳුදා (මැයි 28) හමුවිය.
සංරක්ෂණ නිලධාරීන් බෝට්ටු යොදාගෙන තල්මසාට පාවීමට උපකාර කිරීමට උත්සාහ කළ අතර, සත්වයා හිරු රශ්මියෙන් ආරක්ෂා කිරීමට ආවරණයක්ද යොදන ලදී.
පසුගිය සතිය පුරාම ප්‍රතිකාර කළ මුත් සිකුරාදා (ජුනි 01) සවස තල්මසා මියගියේය.
ප්ලාස්ටික් බැග් හේතුවෙන් සත්වයාට පෝෂ්‍යදායී ආහාර ගැනීමට නොහැකිවන්නට ඇති බව සාගර ජීව විද්‍යාඥයෙක් වන තොන් තම්‍රොන්නවසවට් ( Thon Thamrongnawasawat ) AFP පුවත් සේවයට පවසා තිබේ.
සබැඳි පුවත්: