උතුරු කොරියාව: කිම් ජොන්ග් අන් සහ මූන් ජේ-ඉන් හමුවෙති

Kim Jong-un and Moon Jae-in meet 26 May

ඡායාරූප මූලාශ්‍රය, The Blue House/Twitter

උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නායකයන් දෙපල දෙරට දේශ සීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී හමු වූහ.

මෙය, නායක කිම් ජොන්ග් අන් සහ ජනාධිපති මූන් ජේ-ඉන් අතර සිදු වූ දෙවන හමුවීමය.

ඉහත කී හමුව සිදුවූයේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර යෝජිත ඓතිහාසික හමුව යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා දරන උත්සාහයක් වශයෙනි.

ජුනි 12 වෙනිදාට යෙදී තිබුණු හමුව ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් බ්‍රහස්පතින්දා (මැයි 24) අවලංගු කරනු ලැබුනු නමුත් සැලසුම් කර පරිදි සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවට පසුව ඉඟි කර තිබිණි.

South Korean TV screen shows images of Donald Trump and Kim Jong-un side by side

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු රූපවාහිනිය ඔස්සේ පළ වූ පුවතක දර්ශනයක්

සටන් විරාමය පවතින පන්මුන්ජෝම් ගම්මානයේ උතුරු කොටසේදී කොරියානු නායකයන් දෙපල හමු වූ බව ජනාධිපති මූන්ගේ කාර්යාලය නිවේදනය කළේය.

දිනෙක" උතුරු කොරියානු නායකයා හමුවීමට තමන් අපේක්ෂා කරන බවය.

සාකච්ඡාවෙහි ප්‍රතිඵල ජනාධිපති මූන් විසින් ඉරිදා (මැයි 27) ප්‍රකාශයට පත් කරනු ඇති බවත් ඉහත කී නිවේදනයේ දැක්විණි.

ජුනි 12 වෙනිදාට යෙදී ඇති ට්‍රම්ප්-කිම් හමුව සිදුවුවහොත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සහ කලාපීය උණුසුම අවම කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත.