ඇමෙරිකාව අමුතු ශබ්ද ගැන චීනයේ සිය කාර්ය මණ්ඩලයට අනතුරු අඟවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අසාමාන්‍ය ශබ්ද හෝ පෙනීමේ ගැටලු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයේ සිටින කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඔවුන් එසේ ඉල්ලීමක් කර තිබෙන්නේ චීනයේ සේවයේ නියුතු සිය කාර්ය මණ්ඩලයේ එක් නිලධාරියෙක් 'ගුප්ත රෝග ලක්ෂණ' පෙන්නුම් කිරීමෙන් අනතුරුවය.
"වටහා ගැනීමට අපහසු සහ අපැහැදිළි, එහෙත් අසාමාන්‍ය ශබ්ද සහ පීඩන වේදනාවකින්," අදාල නිලධාරියා පීඩා විඳි බව අදාල නිවේදනයේ සඳහන්වේ.
මෙම සිද්ධිය, කියුබාවේදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට එල්ල වූ සැකකටයුතු ශබ්ද තරංග ප්‍රහාරයන්ට "වෛද්‍ය විද්‍යාත්මකව සමාන" බව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේය.
වෙළඳ යුද්ධයක බිය හේතුවෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා මෑතකදී බිඳ වැටිණ.
මෙම සිද්ධිය "ඉතා බරපතල ලෙස සලකන බව" රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ නමුත්, ඒ සම්බන්ධයෙන් සෘජුවම චීනයට චෝදනා නොකළේය.
සිදුවූයේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2017 අවසන් භාගයේ සිට 2018 අප්‍රේල් දක්වා ග්වන්ශෝ (Guangzhou) හි පිහිටි කොන්සල් කාර්යාලයේ සේවය කරමින් සිටියදී අදාල නිලධාරියා "විවිධ වූ රෝග ලක්ෂණ" වලින් පීඩා විඳි බව තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා ජිනී ලී (Jinnie Lee) ප්‍රකාශ කළාය.
ඔහු නැවත එක්සත් ජනපදයට පිටත්කර හරින ලද අතර, ඔහුට සිත් සසල කරවන අන්දමේ මොලයේ තුවාලයක් ඇතැයි එහිදී සොයා ගන්නා ලද බව, මහ කොමසාරිස් කාර්යාලයට දැනගන්නට ලැබුණ බව එම ප්‍රකාශිකාව සඳහන් කළාය.
"මේ තත්ත්වයට හේතුව කුමක්දැයි අප තවම දන්නෙ නැහැ. ඒ වගේම ඊට සමාන තත්ත්වයක් රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය තුළ හෝ ඉන් පිටත චීනයේ පවතින බවට අප දැනුවත් නැහැ," ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශනයෙහි දැක්වේ.
"චීනයේ සිටින කාලය තුළදී, ඔබට යම් අසාමාන්‍ය තියුණු ශ්‍රවණ හෝ අසාමාන්‍ය විනිවිද යන සුළු ඝෝෂාවක් දැනේ නම්, එම ශබ්දය එන හේතුව සෙවීමට කටයුතු කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට එම ශබ්දය නොමැති ස්ථානයකට යන්න," යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන්වේ.
තමන් මේ පිළිබඳව පරීක්ෂා කර සුදුසු පියවර ගන්නේ යයි චීන රජය ප්‍රකාශ කළ බව ජිනී ලී සඳහන් කළාය.
මොනවද මේ ශබ්ද තරංග අවි ?
අවධ්වනික - හර්ට්ස් 20 ට අඩු:
- මනුෂ්‍ය ශ්‍රවණ පරාසයට අඩු තරංග.
- මෙය අධික ශබ්දයකින් නිකුත් කරන්නේ නම් කරකැවිල්ල, වමනය හෝ පාලනයෙන් තොර මලපහවීම සිදුවිය හැකිය.
- මෙය ඵලදායී ලෙස යොදාගැනීම සඳහා විශාල ප්‍රමාණයේ ශබ්ද විකාශන උපකරණ අවශ්‍යවේ.
අතිධ්වනික - හර්ට්ස් 20 000 ට වැඩි:
- නිශ්චිතව ඉලක්ක කිරීම පහසුවේ.
- බිත්ති හරහා පවා ශබ්දය නිකුත් කිරීමට හැකියාව ඇත.
- ඉලක්ක ගත පුද්ගලයන් නොවන අනෙක් පුද්ගලයන්ද ඊට හසුවීමේ අවදානම ඇත. එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයාට ද අනතුරු දායකය.
කියුබාවේදී සිදුවූයේ කුමක්ද ?
කියුබාවේ සේවය කළ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, 2016 නොවැම්බරයේදී විෂම අසනීප තත්ත්වයන් පිළිබඳව පැමිණිළි කරන්නට විය. ඒ අතර කැරකැවිල්ල, ඔක්කාරය සහ ශ්‍රවන ආබාධ ද විය.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 20 කට වැඩි සාමාජිකයන් ප්‍රමාණයකට මෙම "සෞඛ්‍ය ප්‍රහාරයෙන්" බලපෑම් සිදුව තිබේ. අවම වශයෙන් කැනඩා ජාතිකයන් දෙදෙනෙක් ද මෙම අනතුරට මුහුණපා ඇත.
අදාල සැක කටයුතු ප්‍රහාර එල්ල කිරීම හෝ ඊට අවකාශ සැළසීම යන කාරනාවලට කියුබාව වගකිවයුතු බව ඇමෙරිකාව විශ්වාස කළේය.
මෙය දෙරට අතර සබඳතා අවුල් කිරීමට කළ "දේශපාලන සැළස්මක්" බව පවසමින් කියුබාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.








