රාජකීය මංගල උත්සවය: හැරී සහ මෙගන් විවාහයට සියල්ල සූදානම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල මුණුපුරා වන හැරී කුමරු සහ මෙගන් මාකල් අතර විවාහ මංගල උත්සවය සඳහා සියල්ල සූදානම් වෙමින් පවතින අතරවාරයේ, ලොව පුර වෙසෙන දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව එය නැරඹීමට සැදී පැහැදී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, PA
දහස් සංඛ්‍යාත ජනතාව මංගල්‍ය උත්සවය පැවැත්වෙන වින්ඩ්සර් නගරය කරා ඇදී එමින් සිටින අතර, උත්සවය හොඳින් නැරඹීමට අවස්ථාව සලසා ගැනීම පිණිස තවත් සිය ගණනක් ජනතාව රාත්‍රිය පුරා වින්ඩ්සර් මාලිගය අසල කඳවුරු බැඳ සිටියහ.
මේ අතර එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසේක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා තිබේ. ඒ අනුව විවාහවීමෙන් අනතුරුව මෙගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වේ.
සසේක්ස්හි ආදිපාද පදවිය මීට ඉහතදී දරනු ලැබුවේ ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු (Prince Augustus Frederick) විසිනි. ඔහු තුන් වෙනි ජෝර්ජ් රජතුමාගේ (George III) හයවෙනි පුත් කුමරු සහ නවවෙනි දරුවාය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
එමෙන්ම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට (Prince Harry) ඩම්බටන්හි අර්ල්වරයා (Earl of Dumbarton) සහ කිල්කීල්හි බැරන්වරයා (Baron Kilkeel) පදවි ද පිරිනමනු ලැබුවාය.
බ්‍රිතාන්‍ය වේලාවෙන් සෙනසුරාදා මධ්‍යාහ්නයේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී අතිනත ගන්නා රාජකීය යුවල ඉන් අනතුරුව 'ඇස්කොට් ලන්ඩෝ' වර්ගයේ අශ්ව කරත්තයක නැගී නගරයේ සංචාරයක යෙදීමට නියමිතය.
මෙගන් මාකල්ගේ පියා, තෝමස් මාකල්ට මංගල උත්සවයට සහභාගි විය නොහැකි බැවින් ඔහු වෙනුවට චාල්ස් කුමරු විසින් මනාලිය කැන්දා ඒමට නියමිතය.
හැරී කුමරු සහ මෙගන් මාකල් (Meghan Markle) අතර බ්‍රිතාන්‍ය රාජකීය මංගල උත්සවය සඳහා මහජනතාව සහ ලොව පුරා විවිධ රටවල ජනමාධ්‍ය සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ සූදානම් වෙමින් සිටිති.
ලක්ෂයකට ආසන්න ජනකායක් වින්ඩ්සර් නගරයේ වීථිවල රැස්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප මූලාශ්‍රය, PA
කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන මංගල උත්සවය සඳහා 600ක පිරිසක් ආරාධනා ලබා සිටිති.
මේ අතර බ්‍රිතාන්‍යවාසීන් අතරින් තෝරාගන්නා ලද තවත් 1200 ක පිරිසක් වින්ඩ්සර් මාලිගයට ආරාධනා ලැබ සිටිති. ඒ අතරින් බොහෝ දෙනා තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සමාජ සේවා කටයුතු වෙනුවෙනි.
සිය සොහොයුරාවන විලියම් කුමරු (Prince William) ද සමග හැරී කුමරු දහවල් 11:40 ට දේවස්ථානයේ බටහිර ද්වාරයෙන් ඇතුළුවීමට නියමිතය.
රාජකීය පවුලේ අනෙක් සියලු දෙනා පැමිණීමෙන් අනතුරුව දේවස්ථානයට ඇතුළුවන රාජකීය පවුලේ අවසාන සාමාජිකයා එලිසබෙත් රැජිනය. ඒ දහවල් 11:52ටය.
ඉන් අනතුරුව මෙගන් මාකල් සිය මව ද සමග දේවස්ථානයට ඇතුළුවීමට නියමිතව තිබේ.
එහිදී ඇය පිළිගන්නා ඔටුන්න හිමි චාල්ස් කුමරු, අල්තාරය වෙත ඇය කැන්දා ඒමට නියමිතව තිබේ.
පසුගිය පුවත්:









