තට්ටය පෑදීම වලක්වන ප්‍රතිකාරයක් ගැන බලාපොරොත්තුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අස්ථි දියවී යාම නැතහොත් ඔස්ටියොපොරොසිස් රෝගයට ප්‍රතිකාර කිරීම පිණිස සොයාගන්නා ලද ඖෂධයක් මගින් හිසකෙස් අහිමිවීමට ප්‍රතිකාර කළ හැකි බව බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම ඖෂධය මගින් රෝම කූපවලට විශ්මයජනක බලපෑමක් ඇති කළ හැකි බව විද්‍යාගාරයක් තුළ කරන ලද පර්යේෂණයකදී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබේ.
නව ඖෂධය තුළ හිස කෙස් වර්ධනයට ඉවහල්වන ප්‍රෝටීන මිශ්‍රණයක් ඇතුළත් වන අතර එය තට්ටය පෑදීම වැලැක්වීම සඳහා භාවිත කළ හැකි වෙතැයි සැළකේ.
ව්‍යාපෘතිය මෙහෙයවන මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාතන් හෝක්ෂෝ (Dr Nathan Hawkshaw) පවසන්නේ, මෙමගින් "හිසකෙස් අහිමි වීමෙන් පීඩා විඳින පුද්ගලයන්ට විශාල වෙනසක් විය හැකි" බවය.
දැනට හිසකෙස් අහිමිවීම වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට යොදාගන්නේ ඖෂධ වර්ග දෙකකි. එහෙත්, එම ඖෂධවලින් අතුරු ආබාධ හටගැනීමේ අවදානම හේතුවෙන්, බොහෝ දෙනා හිසකෙස් ප්‍රතිරෝපණයට නැතහොත් පොදු ව්‍යවහාරයේ භාවිත වන 'හිසකෙස් සිටුවීමට' යොමුවෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම පර්යේෂණයට අදාල තොරතුරු 'PLOS Biology' ජීව විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. විද්‍යාගාරයක සිදුකළ පර්යේෂණයට 40කට අධික හිසකෙස් පරාරෝපණය කළ පුද්ගලයන් ප්‍රමාණයක් යොදාගෙන තිබේ.
මෙම ප්‍රතිකාර ක්‍රමයේ ශඛ්‍යතාව සහ එහි සෞඛ්‍ය ආරක්ෂිත බව සායනික පර්යේෂණ මගින් තවදුරටත් තහවුරු කරගත යුතුව ඇතැයි ආචාර්ය නාතන් හෝක්ෂෝ බීබීසීය සමග පැවසීය.
හිසකෙස් අහිමිවීම විවිධ හේතු මත සිදුවේ. දිනපතා ක්‍රමිකව සිදුවන හිසකෙස් අහිමිවීම ස්වභාවික වන අතර එය රෝගී තත්වයක් නොවේ. ඇතැම්විට එය තාවකාලික හේතු මත සිදුවන අතර ස්ථිර ලෙසම හිසකෙස් ගිළිහීයාම අද බෙහෙවින් බහුලය.

ඔබට පහත සඳහන් ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න:
- හදිසි හිසකෙස් ගිළිහීයාම
- පැල්ලම් ලෙස තැනින් තැන හිසකෙස් ගිළිහීයාම
- සමූහ වශයෙන් හිසකෙස් ගිළිහීම
- හිස කැසීම සහ පිච්චෙන ස්වභාවයක් වැනි හැඟීමක් දැනීම
හිසකෙස් අහිමිවීම හේතුවෙන් ආත්මාභිමානය හීනවීම මෙන්ම, කල් පවත්නා චිත්ත පීඩාවන් ද ඇතිවිය හැකි බැවින් මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් බව විචාරකයෝ ප්‍රකාශ කරති.
එහෙත්, කිසිවෙකුට ප්‍රතිකාර කිරීමට මත්තෙන් මේ පිළිබඳව තවත් සායනික පර්යේෂණ සිදුවිය යුතු බව ඔවුහු පෙන්වාදෙති.
මේ අතර, තට්ටය පෑදීම ජීවිත තර්ජන පවා ඇතිවිය හැකි තත්වයක් බව පසුගිය වසරේ මොසැම්බික් රාජ්‍යයෙන් වාර්තා විය. එම තත්ත්වය ඇතිවූයේ "තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට" පැතිරගිය ප්‍රචාරයක් හේතුවෙන් බව බීබීසී සේවය වාර්තා කළේය.
තවත් පුවත්:











