ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාශ්මීරයේ දරුණු ගැටුම්, 20ක් මරුට
ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරළිකරුවන් සහ ආණ්ඩුවේ හමුදා අතර හටගත් දරුණු ගැටුම්වලදී විසි දෙනෙකුවත් මිය ගොස් හැත්තෑ දෙනෙක් පමණ තුවාල ලැබූහ.
විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාර හමුවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සිවිල් වැසියන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.
මෑත යුගයේ ඉන්දීය පාලිත කාශ්මීරයේදී දිනක් ඇතුළත් මියගිය විශාලම පිරිස මෙය බව කාශ්මීර බලධාරීහු පවසති.
කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පකිස්තානය අතර දශක ගණනාවක් මුළුල්ලේ දැඩි මතභේද පවතින අතර, එය පදනම් කරගෙන දෙපාර්ශවය අතර වරින්වර ගැටුම් ද හටගත්තේය.
සිවිල් වැසියන්ට අමතරව ඉන්දීය හමුදා භටයන් තිදෙනෙකු සහ කැරළිකරුවන් යැයි සැක කරන දහතුන් දෙදෙනකුත් ඉරිදා සිදු වූ ගැටුමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඉන්දීය පාලිත කාශ්මීරයේ සිවිල් වැසියන්ගෙන් බොහෝ දෙනෙක් කාශ්මීරයේ නිදහස වෙනුවෙන් සටන් වදින හෝ පාකිස්තානයට පක්ෂපාතී කැරළිකරුවන්ට සහාය පළ කරති.
මේ තොරතුරු ද දැනගන්න: