මානසික ව්‍යාධියක්;ජේම්ස් පැකර් කැසිනෝ පාලනයෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියානු කැසිනෝ කෝටිපති ජේම්ස් පැකර් (James Packer)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියානු කැසිනෝ කෝටිපති ජේම්ස් පැකර් (James Packer)

ඔස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් (James Packer) සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

'කැසිනෝ රජු' මානසික ව්‍යාධියකට ගොදුරුවීම එම ඉල්ලා අස්වීමට හේතුව හැටියට දක්වා තිබේ.

ජේම්ස් පැකර්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් සිය සමාගමේ සියලු වගකීම්වලින් ඉවත්වීමට 'පැකර්' අදහස් කරන බව සඳහන් කළේය.

චීනයෙන් පිටත ක්‍රියාත්මක වෙන විශාලතම කැසිනෝ ව්‍යාපාරය ලෙස ලැයිස්තුගත කරනු ලැබ ඇති 'ක්‍රවුන් රිසෝර්ට්ස්' (Crown Resorts) ව්‍යාපාරයේ කොටස්වලින් 50% කට මඳකට අඩු ප්‍රමාණයක් ජේම්ස් පැකර් (James Packer) සතු වෙයි.

ජේම්ස් පැකර් (James Packer) දෙවතාවක් දික්කසාද වූ තැනැත්තෙකි.

පැකර් විරෝධී කොළඹ උද්ඝෝෂණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පැකර් විරෝධී කොළඹ උද්ඝෝෂණයක්

සූදු ව්‍යාපාරයේ ධන කුවේරයකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් ගේ 'ක්‍රවුන් රිසෝර්ට්ස්' සමාගම කොළඹ නගරයේත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ අතර, වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එය අවලංගු කළ බව එම සමාගම 2015 වසරේ ජනවාරි මාසයේ ප්‍රකාශයට පත් කළේය.

සුඛෝපභෝගී කාමර 450 කින් යුත් හෝටලයක් ඇතුළත් සංචාරක කලාපයක් ඉදි කරමින් කොළඹ නගරය කලාපීය 'කැසිනෝ මධ්‍යස්ථානයක්' බවට පත් කෙරෙන එම ව්‍යාපෘතියට කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් බදු සහන ලබා දී තිබුණ බවට එකල වාර්තා පළවෙමින් තිබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 29 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එම ව්‍යාපෘතියට කලින් රජය ලබා දී ඇති බදු සහන සංශෝධනය කරමින් 'ක්‍රවුන් රිසෝර්ට්ස්' (Crown Resorts) කැසිනෝ ව්‍යාපාරය සඳහා දී තිබුණ අනුමැතිය අවලංගු කළ බව කියා සිටියේය.

ජේම්ස් පැකර් 2016 වසරේ දී ඇමෙරිකානු ගායිකා Mariah Carey සමඟ විවාහ විවාහ ගිවිස ගත්තේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්ස් පැකර් 2016 වසරේ දී ඇමෙරිකානු ගායිකා Mariah Carey සමඟ විවාහ විවාහ ගිවිස ගත්තේය

එම ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ඉල්ලමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් එම අවධියේ විරෝධතා ව්‍යාපාර දියත් කළහ.

ඒ අනුව වත්මන් පාලනය බලයට පත්වීමත් සමඟ ගත් තීරණයක් අනුව ව්‍යාපෘතිය නතර කරන බව 'ක්‍රවුන් රිසෝර්ට්ස්' සමාගමේ ප්‍රකාශකයෙක් විද්‍යුත් තැපෑලෙන් තහවුරු කළ බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.

සබැඳි පුවත්;