කැළිෆෝනියාවේ ස්වභාවික ව්‍යසනය: දිවි බේරාගත් අය සොයා මෙහෙයුම්

එය "පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්" ලෙස දිස්වන බව එහි සිටින පොලීසිය පවසයි

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/ @ELIASONMIKE

ඡායාරූප ශීර්ෂ වැකිය, එය "පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්" ලෙස දිස්වන බව එහි සිටින පොලීසිය පවසයි

අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ "ඉණවටක්" මඩ මධ්‍යයේ දකුණු කැළිෆෝනියාවේ අවම වශයෙන් 15ක් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

තවත් 160කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. දරුණු කුණාටුව හේතුවෙන් ඉන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්වය බරපතලය.

නැගෙනහිර සැන්ට බාබරා ප්‍රදේශයේ (Santa Barbara) රොමෙරො කැනියන් හි (Romero Canyon) 300ක පමණ පිරිසක් කොටු වී සිටිති.

එහි පවතින තත්වය "පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්" ලෙසින් දිස්වන බව පොලීසිය පවසයි.

පෙර පැවති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Google

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙර පැවති අයුරු
දැන් දිස්වන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දැන් දිස්වන අයුරු
දරුණු ලෙස අනතුරටපත් නිවාස ඉවත්කිරීමේ සීමාවතුල නොමැති බව නිලධාරීන් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුණු ලෙස අනතුරටපත් නිවාස ඉවත්කිරීමේ සීමාවතුල නොමැති බව නිලධාරීන් පවසයි.

පසුගිය මාසයේ ඇති වූ ලැව්ගිනි මෙන්ම මෙම ගංවතුර සහ පස්කඳු කඩාවැටීම හේතුවෙන් කිලෝමීටර 48කට වඩා දිගින් යුත් මුහුදුබඩ මාර්ගයක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අනතුරටපත් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හදිසි සහන සේවකයෝ පවසති.

ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් සිය නිවාසවලින් ඉවත්වී ඇති අතර, 50කට අධික සංඛ්‍යාවක් මුදවාගෙන තිබේ.

දරුණු ලෙස අනතුරට පත් නිවාස ඉවත්කිරීමේ සීමාව තුළ නොමැති බව ද නිලධාරීහු පවසති.

කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මාර්ගයේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මාර්ගයේ

අධික වර්ෂාව සහ කඳු නාය යෑම් නිසා සමහර නිවාස පාඩම පිටින්ම ගැල වී ගොස් ඇති බව සැන්ට බාබරාහි ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මයික් එලිසන් (Mike Eliason) පවසයි.

කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මගින් මාර්ග අවහිරකර ඇති බව මේ අතර බීබීසී යේ ලොස් ඇන්ජලීස් වාර්තාකරු පවසයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

දිවි ගලවාගත් අය අතර වයස අවුරුදු 14ක දැරියක් ද සිටින අතර සුන්බුන් බවට පත්වූ නිවසේ ඇය පැය 4ක් පමණ සිරවී සිට තිබේ.

මඩෙන් නැහැවී සිටි දැරිය බේරාගන්නා ඡායාරූපයක් ගිනි නිවීමේ සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඇය ඇයගේ සුන්බුන් බවට පත්වූ නිවසේ පැය 4ක් පමණ සිරවී සිටතිබේ

ඡායාරූප මූලාශ්‍රය, SANTA BARBARA NEWS VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය ඇයගේ සුන්බුන් බවට පත්වූ නිවසේ පැය 4ක් පමණ සිරවී සිටතිබේ

කුණාටුව හේතුවෙන් මිය ගියේ යැයි සැළකිය හැකි පස්දෙනෙක් අඟහරුවාදා (ජනවාරි 09) හමුවූ බව පළාතේ ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානියා සඳහන් කළේය.

මෙයට අදාළ තවත් පුවත්: