නාය යෑම්: පූර්ව ලක්ෂණ මොනවාද?
පවතින අයහපත් කාලගුණය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, පැල්මඩුල්ල, බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නාය යෑමේ අවදානම පැවතිය හැකි ප්‍රදේශ ලෙස නම් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ අවධානය යොමු කළ යුතු කරුණු පහත දැක්වේ.
ඉහත කී ආකාරයේ පූර්ව ලක්ෂණ දක්නට ඇති ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්ෂාව සහ ගංවතුර
මේ අතර අයහපත් කාලගුණය හමුවේ කළු ගඟ ධාරා ප්‍රදේශයේ මිල්ලකන්ද සහ ගිං ගඟ ධාරා ප්‍රදේශයේ බද්දේගම අවට ජල මට්ටම සුළු වශයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර ප්‍රදේශයේ ජල මට්ටම සහ නිල්වලා ගංගා ධාරා ප්‍රදේශයේ පානදුගම ගංවතුර මට්ටම පහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගංගා ධාරා ප්‍රදේශ වෙත පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බැවින් ජල මට්ටමේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වය තාවකාලිකව තරමක් දුරට අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම යන පළාත්හි ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50-75 අතර තද වැසි ඇති විය හැකි බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
වයඹ, උතුරු මැද සහ උතුර යන පළාත්වල සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැක.
සබැඳි යොමු:








