සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දෙනු ලැබ ඇත.
ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමට නියමිතය.
බදු රහිත දිවි පෙවතක් ලබා දීම තුළින් ගල්ෆ් කලාපීය රටවල් දීර්ඝ කාලයක සිට විදෙස් සේවකයන් ආකර්ෂණය කර ගත්හ.
නමුත් ඛනිජ තෙල් මිල පහළ යාම හමුවේ සිය ආදායම් ඉහළ නංවා ගැනීමට එම රටවලට අවශ්‍යව ඇත.
ඒ අනුව 2018 ජනවාරි 01 වෙනිදා සිට ඉහත කී රටවල් දෙක තුළ වැට් බදු ක්‍රියාත්මක වීමට නියමිතය.
වැට් බදු හඳුන්වා දීමෙන් පසු පළමු වසර තුළ ඩිරාම් කෝටි 1,200 ක ආදායමක් ලැබෙනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කර තිබේ.
පෙට්‍රල් සහ ඩීසල්, ආහාර, ඇඟලුම්, විදුලි සහ ජල බිල්පත්, හෝටල් කාමර සඳහා වැට් බදු අය කෙරෙනු ඇත.
වෛද්‍ය ප්‍රතිකාර, මූල්‍ය සේවා සහ පොදු ප්‍රවාහන ඇතුළු ඇතැම් සේවා වැට් බද්දෙන් නිදහස් කර හෝ 0% බද්දකට යටත් කර තිබේ.
ඛනිජ සංචිත හැර වෙනත් ආදායම් මාර්ග වෙත යොමු වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ගල්ෆ් රටවලින් ඉල්ලා සිටියේ දීර්ඝ කාලයක සිටය.
සෞදි අරාබියේ ආදායමින් 90% වඩා වැඩි ප්‍රතිශතයක් ලැබෙන්නේ ඛනිජ තෙල් කර්මාන්තයෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම අගය දළ වශයෙන් 80% කි.
ආදායම් බදු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා රටවල් දෙකම මේවන විට පියවර ගෙන තිබේ.
එහි එක් පියවරක් වශයෙන් ස්වදේශිකයන් වෙත ලබා දී තිබු ඇතැම් සහනාධාර කප්පාදු කිරීම මෙන්ම දුම්කොළ නිෂ්පාදන සහ සිසිල් බීම සඳහා බදු පැනවීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ අධි වේගී මාර්ග ගාස්තු ඉහළ නංවා ඇති අතර සංචාරක කර්මාන්තය වෙත අලුතින් බද්දක් හඳුන්වා දී තිබේ.
එම රටවල වෙසෙන බහුතරය ආදායම් බද්දෙන් නිදහස් කර ඇති අතර එවැනි බද්දක් හඳුන්වා දීමට සැලසුම් කර නොමැත.
ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර තිබේ.
ඒ අතර සිටින ඇතැම් රටවල් වැට් බදු හඳුන්වා දීමේ සැලසුම් වසර 2019 දක්වා කල් තබා ඇත.
ශ්‍රී ලාංකිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විදේශ රැකියා අමාත්‍යංශයේ 2016 වසරේ අප්‍රේල් දක්වා වන නිල සංඛ්‍යා ලේඛනවලට අනුව රැකියා බලපත්‍ර සහිතව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දළ වශයෙන් 190,000 කි.
අලුතින් බදු හඳුන්වා දීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් ද කනස්සල්ලෙන් පසු වන බව එහි වෙසෙන මොහොමඩ් රම්සාන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
වසර කිහිපයක සිට ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව කී ඔහු "වැඩත් වැඩියි, මහන්සි වෙලා වැඩ කරන්නත් ඕනි. බදු ගැහුවම අඩු පඩියක් ගන්න අයට තමයි වැඩියම බලපාන්නේ," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
වෙනත් පුවත්:

ඔබ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

ඔබේ අත්දැකීම් හා අදහස් බීබීසී වෙත දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ඊමේල් : [email protected]











