ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බසයක සැඟවුණු චීන දරුවෝ
බස් රථයක යට භාණ්ඩ ප්‍රවාහනයට සකස්කළ රඳවනයේ සැඟවී කිලෝමීටර් 80ක් ගමන් කළ චීන ළමුන් දෙදෙනෙකුගේ ඡායාරූප "අමතකකර දමනලද" ළමුන්ගේ සුබසාධනය පිළිබඳ සමාජජාලා මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබේ.
දකුණුදිග ගුවාංෂී (Guangxi) ප්‍රදේශයේ දුගී ග්‍රාමයක වාසය කරන, මාධ්‍ය මගින් නම් හෙළි නොකළ අදාළ ළමුන් දෙදෙනා යාබද ගුවාංඩොං (Guangdong) ප්‍රාන්තයේ සේවය කරන තම දෙමාපියන් වෙත මෙසේ ගමන්කර ඇත.
එම දරුවන් අතුරුදහන්ව ඇති බව ඔවුන්ගේ ගුරුවරයා නොවැම්බර් 23 වෙනිදා පැමිණිළි කර ඇති අතර, එදිනම බස්නැවතුම් පොළක බසයක යට ඇති භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා රඳවනයක සිටියදී සොයාගන්නා ලදී.
ළමුන් දෙදෙනා මඩ වලින් නැහැවී බස් රථයේ එල්ලී සිටින අයුරු ඡායාරූප හා වීඩියෝ මගින් පැහැදිලිව දර්ශනයවේ.
'දෙමාපියන් සොයාගන්න ඕන'
Southern Morning Post (Nanguo Zaobao) පුවත්පතට අනුව ළමුන් දෙදෙනා අවුරුදු 8 - 9 වයසේ පසුවෙති. ආරක්ෂක අංශයට ඔවුන් හමුවූයේ බසය අතරමග නැවතුමක නවතා තිබියදීය.
සැතපුම් තුනක පමණ "රළු බෑවුම්" සහිත මාර්ගයක ද ළමුන් දෙදෙනා ගමන් කර තිබුන අතර, ඔවුනට කරදරයක් නොවීම ගැන සේවකයෝ "පුදුමය" පළකළහ.
"ඔවුන් ඉතා සිහින් සිරුරෙන් යුත් ළමයි. ඒ නිසා බස් රථයෙ යට ඔවුන්ට හොඳින් සැඟවී සිටින්නට පුළුවන්" එක් සේවකයෙක් පුවත්පතට පැවසීය.
ප්‍රශ්න කිරීමේදී ළමුන් පිළිතුරු දීමට අකමැතිවූ බව සේවකයෝ පවසති. නමුත් එක් සේවකයෙක් පුවත්පතට පැවසුවේ; " අන්තිමට අපට තේරුනා මේ ළමයි දෙන්නට අම්ම තාත්ත නැතිව පාළුවෙන් සිටි බව. ඔවුන් මේ ගමන ආවෙ දෙමාපියන් නොදැක සිටින්නට නොහැකි නිසා"
වාර්තාවන අන්දමට, ළමුන් දෙදෙනා එදින ම සවස ඥාතීන්ට බාරදී ඇත.
'ඉතා ඛේදජනකයි'
අන්තර්ජාලය පරිශීලනය කරන චීන ජනයා මෙම පුවතින් මහත් කම්පනයට පත්වීමෙන් එය සමාජ කතිකාවක් දක්වා වර්ධනයවී ඇත. ඡායාරූප පුළුල් ලෙස හුවමාරුවී ඇති අතර, බොහෝ අය 'ඉතා ඛේදජනකයි' යනුවෙන් එය විස්තරකර ඇත.
" චීනයේ බොහෝ ළමුන් ඉතා කුඩා අවදියේ ම දෙමාපියන්ගෙන් ඈත්වී තිබෙනවා. ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන්නෙ කවුරුන්ද? ඔවුන්ගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ කවුරුන්ද?" යනුවෙන් එක් අයෙක් විමසා තිබිණි.
මේ දරුවන් දුෂ්කර ගම්මානවලින් රැකියා සොයා නගරයට සංක්‍රමණය වන මිලියන ගණන් වන චීන දෙමාපියන්ගේය.
ඔවුන්ගෙන් බොහොමයක් තම මුත්තණු මිත්තනියන් සමග ජීවත්වන අතර, තනිව ජීවත්වන අවස්ථාද ඇත. මෙම සිදුවීමට සම්බන්ධ ළමුන් දෙදෙනා පාසල් නේවාසිකාගරයක සිටි දෙදෙනෙකි.
'චීන සිහිනය අමිහිරි තැනකට'
මෙම සිදුවීම නිසා 2013දී කොමියුනිස්ට් පක්ෂයේ අදහසක් අනුව ජනාධිපති ෂී ජින්පින් ප්‍රචලිත කරන 'චීනයේ සිහින' නම් සංකල්පය, අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ අවමානයට ලක්ව ඇත.
2020දී දිළිඳුකම දුරලීම එහි එක් යෝජනාවක් විය. එක් පුද්ගලයෙක් සඳහන් කරන්නේ: "චීනයේ නැග්ම රඳාපවතින්නේ සංක්‍රමණික සේවකයන්ගේ ශ්‍රමය සූරෑකෑම මතය" යනුවෙනි. ඒ අදහසට සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් බොහෝ දෙනෙකුගේ එකඟතාව පළවී තිබේ.
මේ "මෝඩ දරුවන්" දෙදෙනාට "චීනයේ සිහිනය අමිහිරි" වී ඇතැයි කියාසිටින තවත් අයෙක් "චීනයේ සිහිනය මෙවැනි දරුවන් සඳහාම වියයුතු නේද?" යි ප්‍රශ්න කරයි.
වෙනත් තොරතුරු: