බාලවයස්කාර රසිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා ස්ටැලෝන් ප්‍රතික්ෂේප කරයි

ස්ටැලෝන්ට එල්ලවන චෝදනා "අතිශයින් ම සාවද්‍ය" බව ඔහුගේ ප්‍රකාශිකාව වන මිෂෙල් බෙගා පැවසුවාය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටැලෝන්ට එල්ලවන චෝදනා "අතිශයින් ම සාවද්‍ය" බව ඔහුගේ ප්‍රකාශිකාව වන මිෂෙල් බෙගා පැවසුවාය

ප්‍රකට හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් 1980 දශකයේදී බාලවයස්කාර රසිකාවියකට ලිංගික අඩන්තේට්ටම් කළ බවට පළවූ වාර්තා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

Mail Online හි පළවී තිබු එම වාර්තාවෙන් කියවුනේ ස්ටැලෝන් හා ඔහුගේ ශරීරාරක්ෂකයකු ලස් වේගස් හිදී 16 හැවිරිදි රසිකාවියකට එසේ අඩන්තේට්ටම් කර ඇති බවය.

එම වාර්තාවේ දැක්වෙන පරිදි චෝදනාවලට පදනම්ව ඇති පොලිස් වාර්තාව 1986 තෙක් ඈතට දිවෙන්නකි.

මෙය "අතිශයින් ම සාවද්‍ය" තොරතුරක් බව පවසන ස්ටැලෝන් ගේ ප්‍රකාශිකාව වන මිෂෙල් බෙගා, එය "හාස්‍යජනක" වන අතරම "අද මේ වගේ වාර්තාවක් පළවෙන තෙක් ම ස්ටැලෝන් මහතා හෝ වෙනත් කිසිම කෙනෙක් මේ වගේ කතාවක් ගැන දැනගෙන හිටියේ නැහැ" යැයි පවසන්නීය.

ස්ටැලෝන්ට එල්ලවන චෝදනා "අතිශයින් ම සාවද්‍ය" බව ඔහුගේ ප්‍රකාශිකාව වන මිෂෙල් බෙගා පැවසුවාය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මේ කාරණය සම්බන්ධයෙන් කිසි දාක කොයි ආකාරයේ බලධාරියෙක්වත් ස්ටැලෝන් මහතාව අමතලා නැහැ" යැයි ඇය කියා සිටියාය.

පිටු 12 ක පොලිස් වාර්තාවේ කියවෙන පරිදි හෝටල් කාමරයක ඇතිවූ එම සිද්ධියේදී ශරීරාරක්ෂකයාගේ මැදිහත්වීමෙන් තමා බියගැන්වීමට ලක්වූ බව සිද්ධියට මුහුණ දුන්නේයැයි කියන තැනැත්තිය පවසා තිබේ.

එවක 40 වෙනි වියේ පසුවූ සිනමා තරුවගේ සමරු සටහනක් ලස් වේගස් හි හිල්ටන් හෝටලයේදී ලබාගත් අවස්ථාවේදී එකිනෙකා මුණගැසුණු බව ඇය සඳහන් කර ඇත.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශරීරාරක්ෂකයෙකු විසින් හෝටල් කාමරයේ යතුර තමා වෙත දීමෙන් පසු එම කාමරයේදී ස්ටැලෝන් සහ එම ශරීරාරක්ෂකයා සමග ලිංගිකව එක්වූ බව ය.

"ඇය සඳහන් කළ පරිදි යළි ඇඳුම් ඇඳ ගැනීමෙන් පසු, තමන් විවාහක පුරුෂයින් වන බැවින් මේ ගැන කිසිවෙකුට ඇය නොකිය යුතු බවත් එසේ පැවසුවොත් ඇයට ප්‍රතිඵලවලට මුහුණ දීමට වනු ඇති බවත් ස්ටැලෝන් කී බව ඇය පැවසුවා" යනුවෙන් නිලධාරියා සටහන් තබා ඇත.

ලිංගික ප්‍රහාර පිළිබද ඒකකයේ වෙනත් වාර්තාවකට අනුව දැක්වෙන්නේ ඉන් අනතුරුව එම පුද්ගලයින් දෙදෙනා හිනැහුණු බවය, "ඇය එය විහිළුවක් ලෙස ද සැලකුවා" එහෙත් අදාළ තැනැත්තිය කාමරයෙන් පිටව ගිය පසු ඇය "ඉතාමත් භීතියට පත්වූ අතර එම තර්ජනය කොහෙත්ම විහිළුවක් බව නිශ්චිතව නොදැනුණු බව" ද එම වාර්තාවෙන් කියැවී ඇත.

ලිංගිකව හැසිරීම සඳහා ඇයව ශාරීරික බලකිරීමකට නතු නොකළ ද "තර්ජනාත්මකව බලපෑම්" කළ බවක් දැනුනු බව ඇය සඳහන් කළ බවද එම වාර්තාවේ දැක්වේ.

විභාගයක් නොපැවත්වුනේ ඇයි ?

Over the Top නම් චිත්‍රපටය රූගත කෙරෙන කාලය තුළදී ස්ටැලෝන් ලස් වේගස්හි රැදී සිට ඇත. ඔහුගේ ශරීරාරක්ෂකයා වූ මයික් ඩි ලූකා වසර හතරකට ඉහත කැලිෆොර්නියාහිදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

පසුගිය පෙබරවාරියේදී බෝල්ටිමෝර් පෝස්ට් එක්සැමිනර් (Baltimore Post-Examiner) හි මෙම චෝදනාව සම්බන්ධයෙන් පළවී තිබිණි. මේ සම්බන්ධයෙන් ස්ටැලෝන් දැන සිටියේදැයි කළ විමසීමකට ප්‍රකාශිකා මිෂෙල් බෙගා පිළිතුරු දීමෙන් වැළකී සිටියාය.

ලස් වේගස් නාගරික පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සැරයන් ජෝන් සමොලොවිට්ච්, "පොලිස් වාර්තාවේ පිටපත සැබවින් ම මුල් වාර්තාවේ සත්‍ය පිටපතක්" යැයි තහවුරු කරන ලද බව ද මේල් පවසා තිබේ. මේ පිළිබඳ එම දෙපාර්තමේන්තුව යමක් පවසා නැත.

ස්ටැලෝන් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළේ හාවී වෙයින්ස්ටයින්, කෙවින් ස්පෙසි හා ලුයි සීකේ වැනි මුල්පෙළේ හොලිවුඩ් සාමාජිකයින්ට ද එරෙහිව චෝදනා එල්ලවෙමින් පවතින වකවානුව තුළය.

සමාන පුවත් :