සමලිංගික විවාහයට ඕස්ට්‍රේලියාව කැමැතියි

Two women kiss at a celebration in Melbourne

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔවුන් සාධාරණත්වය අනුමත කලා, කැපවීම අනුමත කලා, ආදරය අනුමත කලා"

සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවෝ ඉතා ඉහළ ජනවරමක් ලබාදෙති. ඒ පිළිබඳ තැපැල් ඡන්දයකදී 61.6% ක ජනයා සම ලිංගික විවාහය අනුමත කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වාදෙයි.

ප්‍රමෝදයට පත් අධාරකරුවන්, මහජනයා රැස්වෙන ස්ථානකරා ගොස් දේදුණු වර්ණ සහිත ධජ ලෙලවමින්, ගී ගයමින් සහ නටමින් ඔවුනගේ ජයග්‍රහණය සැමරූහ.

නව නීති කෙටුම්පත බදාදා (ඔක්15) සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉදිරියේදී සංශෝධන සඳහා විවාද කෙරෙනු ඇත.

නත්තල් සමය වනවිට නීතිය සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව අගමැති මැල්කම් ටර්න්බුල් පැවසුවේය.

"ඔස්ට්‍රේලියානුවෝ මිලියන ගණනින් සිය මතය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් අති මහත් බහුතරය විවාහ සමානාත්මතාව අනුමත කර තිබෙනවා" යැයි ප්‍රතිපල ප්‍රකාශයෙන් අනතුරුව ටර්න්බුල් සඳහන් කළේය.

"ඔවුන් සාධාරණත්වය අනුමත කලා, කැපවීම අනුමත කලා, ආදරය අනුමත කලා"

දීර්ඝ, අමිහිරි විවාදයකින් අනතුරුව ඔස්ට්‍රේලියානු විවාහ පනත සංශෝධනය කිරීමට අදාළ මෙම කරුණ ස්වේච්ඡා තැපැල් ඡන්දයකට පමණක් යොමුවිය.

ඒ අනුව සමලිංගික විවාහ පිළිබද මෙතෙක් පැවති උණුසුම් තත්ත්වය නොවැම්බර් 15 ප්‍රතිඵලය සමගම සමනය වනු ඇත. කෙසේවෙතත් එවැනි විවාහවලට සහය දක්වන්නන් වෙතින්ම මෙම ඡන්දයට විවේචන එල්ල වූ අතර ඔවුන්ගෙන් බොහෝදෙනා පැවසුවේ, ඍජුවම පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට හැකියාවක් පවතිද්දී ඡන්දයක් පැවැත්වීම අනවශ්‍ය බව පෙන්වා දුණි.

ඡන්දය ක්‍රියාවට නැගුනේ කෙසේද?

සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවෝ ඉතා ඉහළ ජනවරමක් ලබාදෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිඵල අසා උද්ධාමයටපත්ව

ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ඡන්ද ක්‍රමය මෙන් නොව මෙය ස්වේච්ඡා ඡන්ද ක්‍රමයක් විය. ඔස්ට්‍රේලියාවේ ඡන්ද හිමියන්ගෙන් 79.5%ක් පමණ එනම්, මිලියන 12.7ට අධික පිරිසක්, සති අටක් පුරා පැවති ඡන්දයට සහභාගී විය. එහිදී "සමලිංගික යුවලට විවාහ වීමේ ඉඩ සලසමින් විවාහ නීතිය වෙනස්විය යුතුද?" යන ප්‍රශ්නය එහිදී විමසන ලදී.

ඊට සහාය දැක්වූ පිරිසගේ මතය වූයේ එය සමානාත්මතාව පිළිබඳ ගැටලුවක් යන්නය. ඊට විරුද්ධ පාර්ශව පවුල යන සංකල්පය කෙරෙහි අවධානය යොමු කළේ පාසල් තුළ ලිංගභේදය වැනි කරුණු උගන්වන්නේ කෙසේද යන්න මතුකරමිනි.

සමාන පුවත්: